Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2023 මාර්තු මස 29 වන බදාදා
(හර්ෂණ තුෂාර සිල්වා)
කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක පැහැර ගැනීමේ සිදුවීම බරපතල කරුණක් ලෙස සළකා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගෙන ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.
එම පැහැර ගැනීමේ සිදුවීම අපරාධ සිදුවීමක් යැයි සඳහන් කරන විදේශ කටයුතු අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් පොලිසිය කඩිනමින් පියවර ගනිමින් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ද සඳහන් කරයි.
අදාළ ක්‍රියාපටිපාටියට අනුව විමර්ශන කටයුතු කරගෙන යෑම කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ පූර්ණ සහයෝගය ඉල්ලා ඇතැයි ද විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ එම නිවේදනයේ දැක්වේ.
ඊට අමතරව විමර්ශන සම්බන්ධයෙන් ස්විට්සර්ලන්ත බලධාරීන් දැනුවත් කිරීම සඳහා ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කරුණාසේන හෙට්ටිආරච්චි මහතා එහි ගොස් ඇති බවත් එම නිවේදනයේ සඳහන් වේ. ස්විට්සර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපති ධුරයේ වගකීම ඇත්තේ ද කරුණාසේන හෙට්ටිආරච්චි මහතාටය.
රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සම්බන්ධයෙන් පවතින වියානා සම්මුතියට අනුව ශ්‍රී ලංකා රජය රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සුමටව පවත්වාගෙන යෑම සඳහා කැපවී සිටින බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ තවදුරටත් සඳහන් විය.
මේ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් විමසීම සඳහා ස්විට්සර්ලන්ත බලධාරීන් තානාපති කරුණාසේන හෙට්ටිආරච්චි මහතා කැඳවා තිබූ බවත් ස්විට්සර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය එම සිදුවීම බරපතළ හා පිළිගත නොහැකි සිදුවීමක් යැයි නම් කර තිබූ බවත් විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්විණි.
විජිත් Thursday, 28 November 2019 11:42 AM
මේ රටේ ඉන්න ගෝත්‍රිකයින් දන්නා වියානා සම්මුතියක් නැහැ. මොනවා හරි අප්සට් එකක් වුනොත් ඔක්කොටම කලින් විමලයා කෑගහනවා. විදේශීය ආක්‍රමණ කියලා. ඊගාවට බොරු චීවරධාරීන් ටික එලියට පනිනවා... ගෝත්‍රික නායකයින් ඒ ඩුප්ලිකේට් අයව තානාපති කාර්යාල අසල රැස් කරලා කෑ ගස්සනවා. අපේ සංස්කෘතිය...අපේ ආගම ..ඕවා තමයි විකුණන්නේ. ඔය කෑගහන අයට කිසිම අයිතියක් නැහැ. බුද්ධාගම ගැන කතාකරන්න. ඒවාට ඉන්නවා සිල්වත් හිමිවරු. එ්ත් උන්වහන්සේලා ඔය දේශපාලුවන්ගේ " හිස් " වැඩවලට තමන්ගේ ආගම විකුණන්න තරමට අාධ්‍යාත්මයෙන් පිරිහිලා නැත. ඕක තමයි අපේ ක්‍රමය. ඒ වගේම තමයි අපි ගැන, අපේ කෙරුවාවල් ගැන බලවත් රටවල් බොහොම අවදියෙන් ඉන්නේ. මෙහෙ ඉන්න හොරුටික රටේ තමන්ට ඡන්දය දුන්න වහල් ගෝත්‍රිකයින්ට බිල්ලෙක් මවලා පානවා. ජිවිතයට පාසලකට ගියේ නැති ඒ වහල්ලු ඒ කියමන් හිස් මුදුනින් පිළිගන්නවා. මේ දුපතේ සිටින බහුතරයක් ඡන්ද දායකයින් මොලේ කලඳක්වත් නැති ගෝත්‍රික වහලුන් බව මුළු ලෝකයම පිළිඅරගෙන ඉවරයි. මේ ගෝත්‍රිකයින් කිහිප දෙනෙක් සත්ව උද්‍යානයේ ප්‍රදර්ශනයට කූඩු කළානම් අගෙයි.
Reply : 2124 7691
Champa Thursday, 28 November 2019 12:51 PM
විජිත් හැමවිටම තමන්ගේ රටයි, ජනතාවයි හෑල්ලු කරලා කතා කරන ඔබ වැනි ගෝත්‍රිකයන් පිරිසකුත් ලංකාවේ ඉන්නවා. රට, ජාතිය, ආගම බේරාගන්න අපේ මහා සංඝ රත්නය ඉදිරිපත් වුනේ අද ඊයේ නෙමෙයි. දේශපාලකයන්ට වඩා ඈත ඉතිහාසයක් මහා සංඝ රත්නයට තියෙනවා ඒ ගැන. එදා පටන් අද වනතුරු මහා සංඝ රත්නය රට වෙනුවෙන් කතා කලේ තනතුරු තාන්න මාන්න බලාගෙන නෙමෙයි. දේශපාලකයෝ එව්වා දෙනවා නම් මහා සංඝ රත්නය උපේක්ෂාවෙන් ඒ දෙන දේ පිළිගන්නවා. බුදුරජාණන්වහන්සේ දේශනා කල ධර්මය අනුව තමන්ට පිළිගන්වන කිසිදෙයක් ප්‍රතික්ෂේප කරන්න මහා සංඝ රත්නයට පිළිවන් කමක් නැහැ. මේ රටේ සිංහලයන්ගෙන් 99%ක්ම රටට ආදරේ මිනිස්සු. ඒ පිරිසගේ ඇඟේ දුවන්නේ නියම සිංහල ලේ. රට ජාතියට ආගමට එරෙහි යමක් වෙනකොට රටට අවමානයක් වෙනකොට ඒ සිංහල ලේ කකියනවා. සියයට 99ක් එහෙම වුනාට සියයට 1ක් සිංහලයෝ ඉන්නවා විජය හොරාගෙන් පැවතෙන. එවුන්ට විදේශිකයෝ ලොකුයි. තමන්ගේ රට වෙනුවෙන් කතා කරන සිංහලයෝ ගෝත්‍රිකයෝ විදහට හඳුන්වනවා. හැබැයි එවුන්ට මතක නැහැ විජය හොරා එනකොටත් මේ රටේ විශිෂ්ඨ ශිෂ්ඨාචාරයක් තිබ්බ බව... වෙන එකක් තියා විජය හොරා එනකොට කුවේණි හිටියේ කපු කටිමින් කියලා ඉතිහාසය කියනවා. නිකම් නෙමෙයි යන්ත්‍රයකින්...
Reply : 4898 2095
සෙනෙවිරත්න Thursday, 28 November 2019 01:30 PM
චම්පා මහත්මිය, එතකොට මෙවැන්නක් සිදුවෙලා නැද්ද්? විජිත් කියපු කරුණු සත්‍යයි. එයයි අපේ පොලිසිය.. ආගමයි, ජාතියයි අලෙවිකර බලයට පත්වූවිට අනුගාමිකයින්ට බ්රේක් නැත. ඉදිරියට හොඳ සෙල්ලම් බලත් හැකි රටට ආදරය කිරීම යනු අනෙකුත් රටවල් පජාත කිරීම නොවේ. වහලුන් නොදන්නා වුවද රටේ ඉඩම් නීතිය ලන්දේසි සහ අපරාධ නීතිය බ්‍රිතාන්‍යයි.
631 2094
ධනුෂ්ක Thursday, 28 November 2019 03:01 PM
රට බේරා ගන්න නෙමෙයි. බෙන්ස් කාර් එකටයි. උපදේශක පට්ටම්. තනතුරු, මුදල් බලාපොරොත්තුවෙන් එන්නේ. එහෙනම් දැනුත් එන්න එපැයි විල්පත්තුව ගැනයි, මහවිරු සැමරුම් ගැනයි කියාගෙන... කෝ අාවද? එ් අාව අය මින් පස්සේ එන්නේ නෑ. දැන් එන්නේ වෙනම කට්ටියක්. එ් 2025 මැතිවරණය බලාගෙන. රට වෙනුවෙන් අාවේ ඉස්සර... අපේ සිල්වත් ගුණවත් ගරුතර ස්වාමින් වහන්සේලා ඉන්නේ ටික නමක්. උන්වහන්සේලා කැපී පේන්න එන්නේ නෑ. රට, ජාතිය, අාගම වෙනුවෙන් නිහඬ සේවයක් කරනවා..
40 1169
kamani Thursday, 28 November 2019 04:59 PM
විජය හොරාගෙන් පැවත එන අය තමයි අවුරුදු 70ක්ම රට කෑවේ... ඒවාට උදව්කලේ මහා සඟ රත්නය කියන බොරු ලේබල් එකක් ගහ ගත්ත චීවරධාරීන්... බණ්ඩාරනායක මහත්මයාට බොරු ලණු දීලා රටේ ජාතින් අතර වෛරය පැල කලේ කව්ද? ඊට පස්සේ බණ්ඩාරනායක මහත්තයාව ඝාතනය කලේ කව්ද...? සිව්රු දාගත්ත කෙනෙක් නොවෙයිද..? ඔබ ඇත්ත දකින්නට ආසා නැති වර්ගයේ සතෙක් බව පෙනෙනවා. එහෙම අය වැඩි හරියක් මේ රටේ ඉන්නවා. ඒ ගොල්ලන්ට තමයි කියන්නේ වහල්ලු කියලා...
0 14
sayuri Divithotavela - uk Thursday, 28 November 2019 05:23 PM
චම්පා ඔබ සම්පූර්ණයෙන්ම වලිගෙ පාගාගෙන වගෙයි මට නම් පෙනෙන්නේ. මේ ගෝත්‍රිකයින් කියලා විජිත් කියන්නේ දූෂිත දේශපාලකයින්ට කඩේ ගිය වහල්ලුන්ට බව ඔබ දන්නවාද...? ඒ ගෝත්‍රික ඡන්ද වලින් තමයි මේ අන්ත දූෂිත රජය පත්වුණේ... පත්වෙලා සතියකින් කරපු වැඩේ ලස්සනද...? ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියක්ව පැහැර ගැනීම...? දියුණුයි කියලා පිළිගන්නා, නිදහස් යයි පිළිගන්නා රටවල් මේ වැඩ දකින්නේ ගෝත්‍රික වැඩ වගේ තමයි. විජිත් කියලාම තියෙනවා අපේ රටේ සිල්වත් හිමිවරු ඉන්නවා කියලා. එයාට විතරක් නොවෙයි අපි ඔක්කෝටම ප්‍රශ්න තියෙන්නේ බුදුන් වහන්සේගේ ලේබල් එකගහගෙන ජරා වැඩ කරන, දූෂිත දේශපාලුවන්ට කඩේයන සිවුරු කාරයින් එක්කයි. විජිත් කියලා තියෙන සියල්ලම ඕනෑවටත් වැඩිය හරි බව, උගත් බුද්ධිමත් රටට ආදරේ කවුරුත් පිළිගනීවි. අපට ඔබ වැනි ගෝත්‍රික කාන්තාවක් සමග විවාදයක් නැත...
0 12
Nishan Thursday, 28 November 2019 10:14 PM
චම්පා මහත්මිය වගේ හැට නව ලක්ෂේට ඇතුලත් අය නිසයි පාලකයෝ මේ වගේ දරුණු වැරදි කරන්නේ. මොකද තමුන් ඡන්දෙ දීලා පත් කරපු නිසා කරන ඕනෙම දෙයක් සාධාරණිය කරන්න චම්පා මහත්මිය වගේ අය ලැහැස්ති වෙලා ඉන්නවා. මේක තමයි මේ රටේ ශාපය.
0 18
Himasha Thursday, 28 November 2019 02:08 PM
විජිත් මහත්මයා... ඔබතුමා කොයිතරම් පැහැදිලි කරන්න උත්සාහ කළත් වැඩක් නෑ.. ඔය පහළ තියෙන වචන වලින් තේරුම් ගන්න පුලුවන්නේ. "නිදහස" කියන එක අත් විඳින.. මානව අයිතිවාසිකම් හරියටම පිළිපදින... රටේ ජනතාව අංක එක කියලා සලකන රටක මාසයක් හිටපු නැති අඩුගණනේ හීනෙන්වත් යන්න හිතන්නවත් බැරි වහල් ජනතාවකගෙන් වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද? ජීවිතේ තියෙනකම් මොකෙක්ට හරි කඩේ ගිහින්... තමන්ගේ මහන්සිය ඒ අයට හොරාකන්න දීලා ඒ අයගේ පරම්පරාවටම කෝටි ගණන් හම්බකරගන්න උදව් කරලා තමන්ගේ දරුවන්වයි, දරුවන්ගේ දරුවන්ටයි මැරෙන කල්ම ගෙවන්න ණය කන්දක්... කාලකණ්නි රටක් ඉතුරු කරලා මැරිලා යනවා. ඕකයි ඇත්ත.
Reply : 3 1141
chamath Thursday, 28 November 2019 01:13 PM
විජිත් ඔබතුමාගේ බුද්දි මට්ටම ඉතාමත් පහත් බව පේනවා දෙයක් ලියන කොට වෛරයට වඩා බුද්ධියට තැන දෙන්න...
Reply : 2049 585
ධනුෂ්ක Thursday, 28 November 2019 02:52 PM
එතකොට පුදනකොටම කාපි යකා කියලා මේ කරලා තියන හදිය නිවැරදිද? ලංකාවේ කීර්තියයි.. මේ කැත කරන්නේ...
Reply : 1 694
සඳුනි Thursday, 28 November 2019 05:07 PM
ධනුෂ්ක, ඔබ හරි. මොලේ තියෙන අයට තේරෙනවා විජිත් මොනවද ලියලා තියෙන්නේ කියලා. එයා ගෝත්‍රිකයින් කියලා තියෙන්නේ මෝඩ වැඩ කරන වහල් මානසිකත්වයක් තිබෙන අපේ රටේ බහුතරයකට බව පැහැදිලියි. එ්ක බොරු නොවෙයිනේ. ඒ වහල්ලු තමයි මේ දූෂිත දේශපාලකයින්ට ඡන්දය දීලා පත්කර ගත්තේ. අපි බලාගෙන ඉමු. ලබන අවුරුද්දේ මැද විතර වෙනකොට මේ ආණ්ඩුව අනාගන්නවා අනාගන්නවාමයි. එදාට අර ගෝත්‍රිකයින්ට තමයි ප්‍රශ්න ඇති වන්නේ. මේ ස්විස් ප්‍රශ්නෙන් අපේ රටේ නම නැත්තටම නැතිවෙලා ගියා.
0 14
Nishan Friday, 29 November 2019 01:28 AM
21 වෙනි සියවසේ නම් තියෙන ඒත් 19 වෙනි සියවසේ ජීවත්වෙන අයත් ඉන්න බව මේ චමත් මහතාගේ කොමන්ට් එක දැක්කම කියන්න පුළුවන්.
Reply : 0 27
leel gunawardena Thursday, 28 November 2019 01:32 PM
අනේ අප්පේ විජිතට අහන්න වෙන දේවල්... පාඩුවේ හිටියා නම් ඕවා අහන්න වෙන්නේ නැහැ.
Reply : 35 127
Don Thursday, 28 November 2019 02:07 PM
විජිත්ගේ කතාවට එකඟයි. කොහොමත් ගොබ්බයින්ට ඔය කතාව තේරෙනවා අඩුයි.
Reply : 25 786
Don Thursday, 28 November 2019 02:07 PM
විජිත්ගේ කතාවට එකඟයි. කොහොමත් ගොබ්බයින්ට ඔය කතාව තේරෙනවා අඩුයි.
Reply : 47 391
යාපා Thursday, 28 November 2019 04:21 PM
ඇත්තටම මේවාට උත්තර දෙන්න ඕනෑ නෑ චම්පා. විජිත්ලා වගේ තමන් හරි දැන උගත් කියලා හිතාගෙන ඉන්න වහලුන් කිහිපදෙනෙක් පොල්ලෙන් පහරකාපු අය වගේ තමන්ගේ නූගත්කම් මනාව ප්‍රදර්ශනය කරනවා. පව් අනුකම්පා කරන්න. දැඩි ආතතියකින් ඉන්නේ ජනාධිපතිවරනයෙන් පස්සේ. ඒ වගේම විජිත් කියන අනිත් මිනිස්සුන්ගේ ඉස්කෝලේ ගමන ගැන කතාවෙන්ම ඔහුගේ අධ්‍යාපනය ගැන හිතාගන්න පුළුවන්. මෙහෙමත් අය ඉන්නවද කියලත් හිතෙනවා. හැබැයි හැමදාම කියනවා වගේ ඔය මන්ද මානසික වහල් කොට්ටාශය නම් සීඝ්‍රයෙන් වඳවීගෙන යනවා.
Reply : 0 0
waruni Ekanayake Thursday, 28 November 2019 04:24 PM
මම විජිත මහත්මයා සමග එකඟවෙමි. ශ්‍රී ලංකාවේ මිනිසුන් වෙනස් වීම කෙරෙහි ඇත්තේ බියකි. එලෙසම ඔවුන් ඇත්ත ඇති සැටියෙන් දැකීමට ඇති බිය සහ පක්ෂග්‍රාහී ගැතිකම කිසි කලෙකත් වෙනස් කිරීමට නොහැකි බව කිව යුතුමය. මේ වග පාලකයන් දන්නා බැවින් ඔවුන් එයින් ප්‍රයෝජනය ගන්න බව පෙනේ. ශ්‍රී ලංකාව කිසි කලෙකත් මේ ව්‍යවසනයෙන් ගැලවීමට නොහැකි බව පෙනෙන කරුණකි. තවද උගත් යැයි සලකන බොහෝ පිරිස් තමාගේ අදහස් සපුරා ගැනීමට විකල්ප මග ප්‍රයෝජනයට ගත් සැටි පසුගිය දිනවල සිදුවුණු වැඩපිළිවෙලින් සක් සුදක්සේ පැහැදිලි විය. මෙය බලා සිටින අපට කණගාටුවට කරුණකි. චමත් - ඇත්ත ඇති සැටියෙන් දැකීම වරදක් නොවේ. අප හැමට අදහස් ප්‍රකාශ කිරීමට අයිතියක් ඇතිබව කිව යුතුය. චම්පා - රට සහ ජනතාව හැල්ලුවට පත් කිරීමට දායක වන්නේ දේශපාලකයන් සහ ඔවුන්ව තෝරා පත්කරගන්නා ජනයාවේ. තවද දේශපාලකයින්ගේ ක්‍රියාවලියන් දෙස බලන විට මෙය මොනවට පෙනේ. මිනිසුන් සුමගට ගැනීමට වෙර දැරිය යුතුයි. ඔවුන් සම්පත් පොදී ගැසීම නවතා රටට ආදර්ශයක් වීමට කටයුතු කළ යුතුය. යහපත් මිනිසුන් රටට ආශිර්වාදයකි. කවදා හෝ අපට අපේය කියා ආඩම්බර වීමට රටක් ඉතිරි කළ යුතුවේ...
Reply : 0 0
Chandima Fonseka Thursday, 28 November 2019 05:24 PM
මෙතන සමහරුන්ට වෙලා තියෙන්නේ මේ පැහැරගැනීම ගැන කතා කරන්න නෙමෙයි.. අර තිබිච්ච ආණ්ඩුවට විරුද්ධව ඡන්දෙ දීපු මිනිස්සුන්ට ගෝත්‍රිකයන් කියලා බැනගෙන බැනගෙන යන්න වුවමනා වෙලා තියෙන එකයි. ඒ තිබිච්ච ආණ්ඩුව කරපු කැත වැඩ නිසා තමයි මිනිස්සු මේ විදියට ඡන්දෙ දුන්නේ. නැතුව මේ ගෝත්‍රික පිස්සුවක් ගහලා නෙමෙයි.
Reply : 0 0
Nishan Friday, 29 November 2019 09:10 PM
එ්ත් ඒ ආණ්ඩුව ලබා දීපු ජීවත්වීමේ නිදහසේ අගය දැන් වඩාත් හොඳින් තේරෙනවා.
Reply : 0 0
සංජීව Thursday, 28 November 2019 07:47 PM
සතියෙන්ම පරණ පුරුදු වැඩ පටන් අරගෙන වගේ. රට යන අත බොහොම පැහැදිලියි. ජීවත්වෙන්න ඕනෑ නම් කට වහගෙන වෙනදේ බලාගෙන පාඩුවේ ඉන්නවෙයි ඉස්සරහට...
Reply : 0 0
kule Thursday, 28 November 2019 10:21 PM
මේ සිදුවීමේදී කාටවත් චෝදනා කරන්න අපිට බැහැ. අනුමාන කළ හැකියි. නමුත් ඒවා කොපමණ දුරට සත්‍යද දන්නේ නෑ, රටට ඇතිවී තිබෙන කැළල නැතිකිරීමට ශ්‍රී ලාංකික පුරවැසියන් වශයෙන් අපි දන්නා තොරතුරක් ඒ සිද්දිය පරීක්ෂා කරන නිලධාරීන්ට පැවසිය යුතුයි. කාටවත් බැන බැන ඉඳලා තේරුමක් නෑ
Reply : 0 0
jim kuru Friday, 29 November 2019 05:28 AM
විමල් වීරවංශ මොකද සද්ද නැතුව ඉන්නේ? මෙයාගේ වැඩක්ද මේක..?
Reply : 0 0
chamath Friday, 29 November 2019 07:08 AM
ඇත්තටම ලංකාවේ හරක් ඉන්නවනේ...
Reply : 0 0