IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


පොලිස් නිලධාරිනියකට බලහත්කාරකම් කළ දෙදෙනෙකු රිමාන්ඩ්

(නිශාන්ත කුමාර)

සේවය නිමා කර නිවස බලා යමින් සිටි පොලිස් නිලධාරිනියකට මහ මග රැක සිට බලහත්කාරකම් කළ සැකකරුවන් දෙදෙනෙකු අද (08) නීතිඥයකු මගින් මහියංගන අධිකරණය වෙත භාරවීමෙන් පසුව ඔවුන් දෙදෙනා මේ මස 22 වැනිදින තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස මහියංගන මහේස්ත්‍රාත් ලක්ෂ්මන් ප්‍රියන්ත මහතා නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ රිදීමාලියද්ද ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන්යෙන් මීට පෙර තවත් සැකකරුවන් අට දෙනෙකු රිදීමාලියද්ද පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔවුන්ද රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

පසුගිය දිනෙක සිය සේවය නිමාවී නිවස බලා යමින් සිටි තමුන්ට මහ මාර්ගයේ බීමත්ව සිටි මෙම පිරිස විවිධ අඩන්තේට්ටම් සිදුකර බලහත්කාරකම් සිදුකිරීමට තැත්කළ බව අදාල පොලිස් නිලධාරිනිය විසින් පොලිසිය වෙත පැමිණිලි කර ඇත.

 

 



අදහස් (7)

පොලිස් නිලධාරිනියකට බලහත්කාරකම් කළ දෙදෙනෙකු රිමාන්ඩ්

ravi Wednesday, 08 May 2019 02:28 PM

කාන්තාවන්ට බලහත්කාරකම් කරන අයට දිය යුතු හොඳම දඬුවම තියෙන්නේ ජර්මනියේ... එහෙ මේ වගේ දාමරිකයින්ව රෝහලකට කැඳවා ගෙන ගිහින්... ශල්‍යකර්මයකින් පුරුෂ ශක්තිය විරහිත පුද්ගලයෙක් බවට පත්කරනවා... ඊට පස්සේ... ඒ කාන්තාවන්ට මේ ලිංගික දාමරිකයන්ගෙන් කිසිම අතවරයක් වෙන්නේ නැහැ .. " කාන්තාව ආරක්ෂිතයි "

:       3       402

chandimaWednesday, 08 May 2019 04:18 PM

ඒ කියනකොට මට සැකයක් ඇතිවුණා. අපේ සමහරක් ලොකුලොක්කෝ ජර්මනියේවත් උන්නද කියලා කුඩා සන්ධියේ...?

:       5       245

Prabha Wednesday, 08 May 2019 04:28 PM

රවී එහෙම වුණොත් අපේ පාර්ලිමේන්තුවේ සමනළ ජනගහනය වැඩිවේවි...!!!

:       7       188

RilwanThursday, 09 May 2019 07:17 AM

එකින්ම කැමති. එතකොට නිකම්ම කාන්ත හිංසනය අඩුවෙයි.

:       5       3

Dasa Wednesday, 08 May 2019 09:34 PM

අපේ රටේ පොලිස් නිලධාරිනියන්ට ඔය වගේ දේවලින් ආරක්ෂා වෙන්න සටන් ක්‍රම කියලා දෙන්න. කලන්තේ දාලා වැටෙන්න දුන්න නම් ආයෙත් එන එකක් නැහැ.

:       0       107

සේන Thursday, 09 May 2019 06:24 AM

තර්කානුකූලව ඔප්පු කළ නොහැකි බැවින් මොවුන් නිදොස් කොට නිදහස් වී වැඩ මුරය අවසන් වී රාත්‍රියේ ගමන් ගත් ගරු පොලිස් නිලධාරිනිය වැරදි කාරිය වූවොත් අපි පුදුම නොවෙමු.

:       0       104

SUMITH Thursday, 09 May 2019 08:38 AM

මටනම් හිතෙන්නේ ඔච්චර කියන තරම් ලොකු දෙයක් වෙන්නේ නැතුව ඇති , පොලිස් නෝනා ප්ලීස් පාර්ට් එකේ දාල බොරුවට පැමිණිල්ල ලොකු කරලා ලියවන්න ඇති යාලු පොලිස් කාරයන්ට කියලා. 10 දෙනෙක් මේකට සම්බන්ද උනේ , පොලිසියේ නෝනා රූප රාජිනියෙක්ද?

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 249 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 77 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 779 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site