(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)
ලංකා විදුලිබල මණ්ඩලයෙන් විදුලිය ලබා ගැනීමේ දී පාරිභෝගිකයන්ගෙන් ලබාගන්නා මුදල් තැන්පතුවලට හිමිවිය යුතු පොලිය පාරිභෝගිකයන්ට ගෙවීමට කටයුතු කරන බව නීතිපතිවරයා නිතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (08) දැනුම් දුන්නේය.
නීතිපතිවරයා වෙනුවෙන් මෙම දැනුම් දීම සිදු කළේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නිර්මාල් විග්නේෂ්වරන් මහතා විසිනි .
විදුලි පාරිභෝගිකයන් ගේ සංගමය විසින් ගොනු කරනු ලැබ තිබූ පෙත්සමක් එල්. ටී. බී. දෙහිදෙණිය මහතා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලූ අවස්ථාවේ දී නීතිපතිවරයා මෙම දැනුම් දීම සිදු කළේය.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ලංකා විදුලිබල මණ්ඩලය, විදුලි බල ඇමැති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ ඇත.
ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලිය ලබා ගැනීමේ දී පාරිභෝගිකයන් ගෙන් ලබාගන්නා මුදල් තැන්පතු සඳහා අයවිය යුතු පොලිය පාරිභෝගිකයන්ට නොලැබෙන බව පෙත්සමේ සඳහන් වෙයි .
අඩු මුදලට විදුලිය ලබා ගැනීමේ ක්‍රමවේදයක් වන සූරිය පැනල ක්‍රමයද ලංකා විදුලිබල මණ්ඩලය භාවිත නොකරන බවත් එබැවින් මෙම තත්ත්වය තුළ පාරිභෝගිකයන් ගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවත් පෙත්සමේ සඳහන් කර ඇත.
මෙම පෙත්සම විභාගයට ගන්නා ලෙසත් එමගින් පාරිභෝගිකයන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට සඳහන් කරන ලෙසත් පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.
COMMENTS
ඉල්ලුම් පත් දාලා වයර් නෑ මීටර් නෑ කියන එකට විසඳුමක් නැද්ද?
අපේ තැන්පත් මුදල් බැංකුවේ දමාගෙන ඒ පොලිය ඔවුන් භුක්ති විඳින ගමන් ඔවුන්ගේ උපයනවිට බද්ද හා මනුව හරියට කියවනවාට වැඩිපුර දීමනා ජනතාව ගෙවනවා. මේක හරි විහිළුරටක්... අරගලයට යන දරුවනේ තාත්තලාගේ මේ කෙරුවාවල් වලට විරුද්ධව ගෙදරදීම අරගල කරපල්ලා...
තැන්පත් කල දවසේ සිට පොළිය ගෙවනවාද?
අලුතෙන් විදුලිය ලබා ගන්නා පාරිභෝගිකයන්ට වරලත් ඉන්ජිනේරු වරයෙකුගේ අත්සන ලබා ගැනීම අනිවාර්ය කර ඇත. මේ සඳහා ඉන්ජිනේරුවරයෙකු රුපියල් 4000 වැඩි මුදලක් අය කරයි මෙය පාරිභෝගිකයා මත අනවශ්‍ය වියදමක් පැටවීමකි මෙයට විරුද්ධව කටයුතු කරන්න.
අලුතෙන් විදුලිය ලබා ගන්නා පාරිභෝගිකයන්ට වරලත් ඉන්ජිනේරු වරයෙකුගේ අත්සන ලබා ගැනීම අනිවාර්ය කර ඇත මෙම අත්සන සදහා ඉන්ජිනේරු වරයෙකු රුපියල් 4000 වැඩි මුදලක් අය කරයි. මෙය විදුලිය ලබා ගන්නා පාරිභෝගිකයන්ට අනවශ්‍ය බරකි. මෙයට විරුද්ධව කටයුතු කරන්න.