(සිරංගිකා ලොකුකරවිට, ජී.ඩබ්.කේ. ප්‍රේමතිලක ද සිල්වා)
වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාව තුළ කටුපොල් වගාව නතර කිරීමට කැබිනට් මණ්ඩල රැස්වීමේදී තිරණය කළ බව තමාට දැනුම් දි ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පවසයි.
හෙතෙම මේ බව කියා සිටියේ අද(28) ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් පරිසර කමිටුවේදී අදහස් දක්වමිනි.
කටුපොල් වගාව නතර කිරීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් තීරණය කර ඇති බැවින් මින් ඉදිරියට දිස්ත්‍රික්කය තුළ කටුපොල් වගා කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට බාධාවක් නොමැති බව මෙහිදී දිස්ත්‍රික් ලේකම්වරයා විසින් පැමිණ සිටි පොලිස් නිලධාරීන්ට දන්වා සිටින ලදී.
එහිදී දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පවසා සිටියේ මේ සම්බන්දව ක්‍රියාත්මක වීම සඳහා ගාල්ල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු අදාල නිලධාරීන් වෙත මෙම තීරණය දැනුම් දෙන බවයි.
කටුපොල් වගාවෙන් සිදුවන පරිසර හානිය සම්බන්දව මහජනතාවගෙන් සහ විවිධ පාරිසරික සංවිධාන මගින් දැඩි විරෝධයක් එල්ලවුණු අතර නිශ්චිත තීරණයක් නොලැබීම හේතුවෙන් පසුගිය කාළයේ දිස්ත්‍රික්කය පුරා බොහෝ ගැටලු ඇති විය.
බස්නාහිර, සබරගමුව,සහ වයඹ පළාත්පලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
ප්‍රධාන පක්ෂ එකකටවත් සියයට පනහ ඉක්මවා ගිය ඡන්ද ප්‍රතිශතයක් නොලැබුණු කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර මේ වන වි
පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු පසුගිය කාලසීමාවේදී විදේශ සංචාර තිහකට වැඩි සංඛ්‍යාවකට සහභාගිවී ඒ සඳහා පාර්ලිමේන්තුවේ විදේශ සබඳතා හා සන්ධානගත කාර්
තරුණයකුගේ යටි බඩ ප්‍රදේශයට පා පහර කීපයක් එල්ල කළ බව කියන මාර්ග ගත ක්‍රමය ඔස්සේ ශිෂ්‍යත්ව පන්ති පවත්වනු ලබන ‘ටීචර් අම්මා‘ යන අන්වර්ථනාමයෙන් හදුන්වන හය
රුපියල් මිලියන 460 ක් හෙවත් කෝටි 5කට ආසන්න වටිනාකමින් යුත් තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍යය ජාතික තරුණියක් සන්තකයේ තිබූ කු
මැදගම පාසල පිටුපස පිහිටි දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදි දුම්රියේ ගැටිමෙන් 22 හැවිරිදි පුද්ගලයෙකු අද (12)දින මිය ගොස් ඇතැයි පරසන්ගස්වැව පොලිසිය කියයි.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
කටුපොල් වගාව තහනම් කිරීමට යයි
විජිත් Thursday, 28 November 2019 12:28 PM
මේ කටු පොල් වගාව ලංකාවට ගෙන ඒමට එක්තරා සමාගමකට සහාය දුන්නෙත් එක්තරා දූෂිත දේශපාලකයෙකි. මේ පාම් තෙල් යුරෝපයේ කිසිම ආහාර ද්‍රව්‍යයකට යොදාගැනීම අවුරුදු 10කටත් ඈත කාලයක සිට තහනම් කර ඇත. විශේෂයෙන්ම අහාර ද්‍රව්‍යවලට පිටින් අලවන "ලේබලයේ" සඳහන් වෙනවා 'පාම් තෙල් අඩංගු නැත' කියලා. මේ පාම් තෙල් ඉතා දරුණු පිළිකා කාරකයක් ලෙස මුළු ලෝකයම සලකනවා. ඒ වගේම කටු පොල් වගාව නිසා පොළොවේ සරු බව නැතිවී යනවා...
ලංකානාථ සමරවික්‍රම - මැලේසියාව Thursday, 28 November 2019 03:40 PM
මැලේසියාව, ඉන්දුනීසියාව පිලිපීනය වගේ රටවල හෙක්ටයාර මිලියන ගණනක් කටුපොල් වගාව තියෙනවා. ඒ රටවල මේ නිසා ඇතිවෙලා තියෙන පරිසර හානිය මොකක්ද? ඇත්තම කතාව තමයි, ඔයාල පොල්තෙල් කියලා පාවිච්චි කරනේ 60% අන්තිම බාල පාම් ඔයිල් කලවම් කරපු ජරාවක්. පිරිසිඳු පාම් ඔයිල් දෙවෙනි වෙන්නේ පොල්තෙල් වලට විතරයි (පොඩි ගූගල් සර්ච් එකක් දාලා බලන්න. නමුත් බයෝ ඩීසල් හදන්න ගන්න අන්තිම බාල පාම් ඔයිල් සත්ව ආහාර සඳහා කියලා ලංකාවට ගෙන්වනවා එක දේශපාලකයෙක්. ඒවා තමයි අන්තිමට ඔයාලා කන්නේ (එ්කෙත් වරදක් නැහැ බලන කොට). මේක බිලියන ගණනක් ලාභ ලබන බිස්නස් එකක්. ලංකාවේ පාම් ඔයිල් වැව්වොත් මේ බිස්නස් එක ඉවරයි. දැන් තේරුම් ගන්න.
raviThursday, 28 November 2019 04:42 PM
ඔය බිස්නස් එකෙන් අපේ පස නිසරු වෙනවා. පොල් ගහ වගේ නොවෙයි.. ගහේ කිසිදෙයක් ප්‍රයෝජනයට ගන්න බැහැ. ඒකනේ පොල්ගහට කප් රුක කියන්නේ. ඊටත් වඩා භයානකම දේ තමයි පාම් ඔයිල් කියන්නේ පිළිකා කාරකයක් බව මුළු ලෝකයම දන්නවා. අාහාර වර්ග රාශියකට මේ තෙල් නිසා ආර්ථික වශයෙන් වැට බැඳුණා.
ShriFriday, 29 November 2019 01:29 AM
දේශීය දේ වගා කිරීම හොදා. නොදන්නා දේවල් වගා කරනවට වඩා!
මුණසිංහFriday, 29 November 2019 03:16 AM
අර රටේ මේ රටේ කරන දේවල් අපිට අවශ්‍ය නැහැ. ලංකාවේ කටු පොල් නිසා විනාශ කරලා තියෙන්නේ තේ වගාව සහ කුරුඳු වගාව. ෆාම් තෙල් වලට වඩා විදේශ විනිමයක් ලබා ගත හැකි වගාවක්. කටු පොල්වලට වඩා විදේශ විනිමය සොයා ගත හැකි වගාවන් කළ හැකි ව තිබියදී ඊට පිටු පාන එක වැරදියි.
විධුර Friday, 29 November 2019 07:23 AM
ඒ දේශපාලකයාගේ නම කියන, නැත්නම් ඉඟියක් දෙන්න. ඒයාද ඔය කැබිනට් පත්‍රිකාව දාලා තියෙන්නේ?
Mahesh Thursday, 28 November 2019 01:56 PM
ඉතා කාලෝචිත හොඳ තීරණයක්..
Yapa Thursday, 28 November 2019 01:58 PM
ඒක හොඳ තීරණයක්..
Champa Thursday, 28 November 2019 02:11 PM
හොඳ තීරණයක්. මේ ගැන හුඟක් විරෝධතා තිබුණා පහුගිය කාලේ...
Jess Thursday, 28 November 2019 02:21 PM
ඒ වුණාට නියුටෙලා (Nutella) වල ප්‍රධානම අමුද්‍රව්‍ය ෆාම් ඔයිල් නේද? අර මිස් ස්ලෝන් කියලා ෆිල්ම් එකකත් ඕක ගැන තිබ්බේ. ඒ නම් ඇමරිකාවේ. මම දන්නා තරමින් යුරෝපයේත් නියුටෙලා තියෙනවා. ඕක වවන්න තමයි තමයි අර සිංගප්පූරුව වැහෙන්න දුමක් ගහගෙන ඉන්දුනීසියාවේ කැලෑ පුච්චන්නෙත්...
damith Thursday, 28 November 2019 02:22 PM
මේවගේ තීරණ තමයි අපිට ඕනේ...
leel gunawardena Thursday, 28 November 2019 02:55 PM
විජිත් හරිම ක්‍රමයට මේ පිළිබඳව පැහැදිලිකර තිබෙනවා... ඔබට ස්තුතියි.
Athula Thursday, 28 November 2019 04:06 PM
හරි දෙයට හරි කියන්න අපි පැකිලෙන්නේ නැහැ. ඉතාම යහපත් තීරණයක්...
රජින්ද Thursday, 28 November 2019 09:35 PM
මේ කටුපොල් වගාව නිසා විනාශ කරන අක්කර ලක්ෂ ගානක මහා වනාන්තර නිසා දැනටමත් ඉන්දුනීසියාව, මැලේසියාව වගේ රටවල් විකෘති පාරිසරික තත්වයන්ට ගොදුරු වෙලා. ඒ රටවලට ආවේණික වෙච්ච ඔරන්ඔටන්, චිම්පන්සීන් වගේ අහිංසක සත්තු පවුල් පිටින්ම ඉතාමත් සාහසික ලෙස සමුල ඝාතනය කරමින් යනවා කටුපොල් වගාවට ඉඩම් ලබාගන්න. ඒ වගේම පිලිකා සීග්‍රයෙන් ව්‍යාප්ත වෙනවා, කව්රුවත් හරියටම දන්නේ නැහැ හෝ කියන්නේ නැහැ මොකකින් මොකක් නිසාද කියලා. කොහොම නමුත් අපේ වගේ පුංචි දුපතකට මෙවැනි තර්ජිත ශාකයක් සහ වගාවන් කිසිසේත්ම සුදුසු නැහැ. විශේෂයෙන්ම කටුපොල් වගාවන් කරන ස්ථාන ආශ්‍රිතව විසකුරු සර්පයින්ගේ විශාල වැඩිවීමක් දක්නට ලැබෙනවා. ඒ ප්‍රදේශවල ජනතාව ඒ ගැන හොදින්ම දන්නවා. වත්මන් රජය මේ රටේ පරිසරය ගැන හිතා මේ තර්ජිත වගාව නතර කිරීමට ගත් තීරණය ඉතාමත්ම ශ්‍රේෂ්ඨ තීරණයක්.
sharm warm Friday, 29 November 2019 03:27 AM
හරියට හරි. කටු පොල් වගේම අපේ රටට ආවේනික නොවෙන වගා එකක්වත් කරන්න ඉඩ දෙන්න එපා. කෘෂිකර්ම උපදේශකවරුන්ට පොහොර සමාගම් වල රෙප් ලා වෙන්න දෙන්නත් එපා. දැක්කනේ සේනා දළඹු වසංගතයේදී එයාලා වැඩ කරපු හැටි. අනිත් එක අපේ රටට පාම් තෙල් ගෙන්වන එකත් තහනම් කරන්න. මිනිස්සුන්ව කොලොස්ටරෝල් ලෙඩ්ඩු කළා ඇති. බටහිර රටවල් අපේ පොල් තෙල් වල ගුණ ගායනා කරනකොට අපි අපේ මිනිස්සුන්ට එළවලු තෙල් කියා කියා පාම් තෙල් කවන සාහසික අපරාධය දැන්වත් නවත්වන්න ..
Jay sanjSaturday, 30 November 2019 09:54 AM
බටහිර රටවල් පොල් තෙල් කන්නේ නම් නෑ ඔවුන් වැඩි පුරාම භාවිතා කරන්නේ සන්ෆ්ලවර් ඔයිල් හෝ ඔලිව් ඔයිල්...
sharm warnMonday, 02 December 2019 11:16 AM
බටහිර රටවල ඔයා හිතන තරම් ඔලිව් තෙල් කන්නේ නැහැ. මොකද එයාලා දන්නවා ඔලිව් තෙල් සහ සුර්යකාන්ත තෙල් අමුවෙන් සලාද වැනි ආහාරවලට එකතුකර කන තෙල් වර්ග මිසක් උදුනේ පිසින ආහාර වලට භාවිතා කළහැකි තෙල් නොවෙන බව... ඒ වගේම දැන් දැන් ඔලිව් තෙල් වලටත් කටු පොල් තෙල් කලවම් කරලා එවනවා කියලා... කොහොම වුණත් බොහෝ බටහිර විශ්ව විද්‍යාලවල පොල්තෙල් ගැන නොයෙකුත් පර්යේෂණ කර වීඩියෝ පට නිකුත් කර තිබෙනවා. ඔවුන් දැන් කියනවා පොල්තෙල් තමයි කොලෙස්ටරෝල් වලට ඉතාම ගුණදායක කියලා. ඒ ගමන් අපිට හොඳට ෆාම් තෙල් කැව්වා එළවලු තෙල් කියකියා...
සුදර්ශන Friday, 29 November 2019 06:55 AM
මේක ඉතාමත් හොඳ තීරණයක්, මේ ගහෙන් වෙන ප්‍රයෝජනයක් නෑ. ඒත් පොල් වැව්වොත්, කොච්චර දේවල් ලබා ගන්න පුළුවන්ද
janaka Friday, 29 November 2019 07:42 AM
මේතන කොමෙන්ට් දාන අය දේශපාලකයෙක් කියලා කියනවා. සමාගමක් කියලා කියනවා. ලොකු ටෝක් තිබුණට නම් ගම් විස්තර දාන්න ඔයතරම් බය මොකද? බොරු ජාතිආලය, දේශමාමක බව පෙන්නන්න එපා. නම් ගම් විස්තර දාන්න මුලු ලෝකෙටම දැනගන්න. අන්න එතකොට පුළුවන් විෂබීජ ඉවත් කරන්න.
lion Sunday, 01 December 2019 05:00 PM
අපේ දේශීය නිෂ්පාදන ඕනෑතරම් තියෙනවා වගා කරන්න. ළුෑණු පවා දැන් පිටරටින් ගේන්නේ. අපේ දේවල් අපි වගා කරලා ලෝකයට යවන්න අපි වග බලා ගන්න ඕනේ...
sampath Tuesday, 03 December 2019 12:09 PM
කටුපොල් නවත්තන්න කමිටුවක් දාන්න විද්වතුන්ගෙන් සමන්විත. ඒ වගේම පොල්ගස් කපන එක තහනම් කරන්න. ප්‍රවාහනය පොල් ලී ළඟ තබා ගැනීමත් තහනම් කරන්න