(එෆ්. අස්ලම්)
ඉතාලියේ දී වසර 25 කට පෙර මියගිය යාපනයේ පදිංචිකරුවකුගේ සිරුර ඉකුත් 6 වැනි දා යාපනයට ගෙනවිත් අවසන් ගෞරවය සඳහා නිවසේ තබා මිහිදන් කර තිබේ.
මෙසේ ගෙනවිත් ඇත්තේ දැනට වසර 25 කට පෙර ඉතාලියේ දී මියගිය යාපනය චාවකච්චේරිහි පදිංචිව සිටි එම්. ස්ටීවන් ජෝර්ජ් නැමැත්තාගේ සිරුරයි.
එවකට 49 වැනි වියෙහි පසුවූ එම්. ස්ටීවන් ජෝර්ජ් නැමැත්තා ඉතාලියට ගොස් රැකියාවක් කරමින් සිටියදී හදිසියේ රෝගාතූර වී 1994 මැයි 24 වැනි දා මිය ගොස් ඇත.
මිය යන අවස්ථාවේ ශ්‍රී ලංකාවේ යුද්ධය දරුණුව පැවති හෙයින් දේහය මෙරටට ගෙන ඒමට නොහැකි බව කියමින් 25 වසරක් පුරා සිරුර ආරක්ෂාකාරී ලෙස තැබීමට කටයුතු කෙරිණි.
යුද්ධය මීට පෙර අවසන් වුවද සිරුර සුරක්ෂිත කිරීමේ ගිවිසුමට අනුව 25 වසරක් ගතවන තුරු එරට සමාගම සිරුර නිදහස් කළ නොහැකි බව සඳහන් කිරීමෙන් 25 වසරකින් පසු සිරුර මෙරටට ගෙන්වා අවසන් ගෞරව දක්වා මිහිදන් කිරීමට ඔහුගේ භාර්යාව කටයුතු කර ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුද්ධය පැවැති සමයේ ඉතාලියේදී මියගිය ශ්‍රී ලාංකිකයින්ගේ මෘත දේහයන් කොතෙකුත් ලංකාවට ගෙනාවාද? 1994 යාපනය එල්.ටී.ටී.ඊ. සංවිධානය පාලනය කරමිනුයි සිටියේ තම වැසියෙකුගේ මෘත ශරීරයක් යාපනයට ගෙනඒමට අවසර නොදුන්නා නම් ඒ සංවිධානයේ කුරීරුකමයි. අවශ්‍යතාවය තිබුණානම් ඔහුගේ අවසන් කටයුතු කොළඹදී හෝ කරන්නට තිබුණා... අවුරුදු 25ක නීතිය ගැනනම් සැකයි. හරියට යුදසමයේ සිදුවූ යුද අපරාද මානව හිමිකම් සංවිදානයට හෙලිකල අයගේ නම් ගම් වසර 30කින් පසු හෙළිකරනවා කිව්වා වගේ....
දැන් මෙයා වෙන කොහේ හරි ඉපදිලා සාමාන්‍ය පෙළ විභාගෙත් පාස් වෙලා ඇති.