IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


රනිල්ගේ නම මැතිවරණ කොමිසමට

(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පත්කරන බවට මැතිවරණ කොමිසමට අද (16) දැනුම් දුන් බව පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ  සහ එජාප ජ්‍යෙෂ්ඨයන්ගේ ඒකමතික තීරණය වූයේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රී අසුන නියෝජනය කළ යුතුය යන්න බව කී මහලකම්වරයා ලබන පාර්ලිමේන්තු සතියේදී එජාප නායකයා පාර්ලිමේන්තුවට යාමට නියමිතව ඇති බවද සඳහන් කළේය.

ලබන අඟහරුවාදා( 22 )පාර්ලිමේන්තුව යළි රැස්වීමට නියමිත අතර 23 වැනිදා රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දිය යුතු බවට පක්ෂ ජ්‍යෙෂ්ඨයන් සාකච්ඡා කොට ඇතැයිද රංගෙ  බණ්ඩාර මහතා සඳහන් කළේය 

(ඡායාරූප: ශාන්ත රත්නායක)



අදහස් (3)

රනිල්ගේ නම මැතිවරණ කොමිසමට

Sri Lanka Wednesday, 16 June 2021 01:07 PM

ලැජ්ජා නැතිකමත් අගමැති කමට වඩා ලොකුයිලු...

:       114       63

Hafeel Wednesday, 16 June 2021 02:50 PM

එක්සත් ජාතික පක්ෂයේ නායකයාගේ නව බලාපොරුත්තු තරුණයන්ට අවස්තාව දෙන්න ඕන බව. ඒ අනුව මේ තරුණ සහ ඉතා ලාබාල මන්ත්‍රීගේ පත්වීම හොඳ ආදර්ශයක්.

:       9       35

Kumara Wednesday, 16 June 2021 03:33 PM

මේ මනුස්සයා මිනිස් වර්ගයටම නින්දාවක්...

:       16       42

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 24 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site