(ලසන්ත නිරෝෂන පෙරේරා )
බණ්ඩාරගම අටුළුගම සිට කහවත්ත නුගවෙල ප්‍රදේශයට පැමිණි පුද්ගලයින් 10 දෙනෙකු අද (28) නිවාස දෙකක නිරෝධායනයට යොමු කර තිබේ.
ඔවුන්ගේ නිවාස තුළම නිරෝධායනයට යොමු කර තිබෙන බව සබරගමුව පළාත් සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පැවසීය.
කහවත්ත නුගවෙල පදිංචි පුද්ගලයෙකු ඇඳීරී නීතිය ඉවත් කිරීමෙන් පසු අටළුගම පදිංචි තම දියණිය සහ බෑණා රැගෙන ඒමට ත්‍රීරෝද රථයක් කුලියට ගෙන ගොස් ඇතැයි හෙළී වී තිබේ.
කුලි ගමන ගිය ත්‍රීරෝද රථ රියදුරු සහ ඔහුගේ පවුලේ සමාජිකයන් , අටුළුගමට දියණිය කැඳවා ගෙන ඒමට ගිය තැනත්තා සහ අටුළුගම සිට පැමිණි එම කාන්තාව ඇයගේ ස්වාමි පුරුෂයා ඇතුළු පවුලේ අය මෙසේ නිරෝධායනයට ලක් කර තිබේ. ඔවුන් ඇසුරු කළ තවත් අය සිටිදැයි සෞඛ්‍ය අංශ පරීක්ෂණ සිදුකරන බව සබරගමුව පළාත් සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පැවසීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
අටුළුගම සිට කහවත්තට පැමිණි පිරිසක් නිරෝධායනයට
පිටිගල මිලානෝ Saturday, 28 March 2020 12:57 PM
මේ මිනිස්සුන්ගේ මොලේ ශරීරයේ කොතනකද තියෙන්නේ?
ගමරාල Saturday, 28 March 2020 01:15 PM
රජය කියනවා පළතෙන් පළාතටත්, දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයටත් යන්න දෙන්නේ නැහැ කියල. එසේ නම් මෙම පිරිස අධි අවදානම් සහිත බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ සිට සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයට ආවේ ගියේ කොහොමද? මෙම නීති බලපාන්නේ කාටද?කොරෝනා වසංගතය අවසන් කිරීමට අදහසක් නැද්ද?