(නිමන්ති රණසිංහ)
බීමතින් රිය පදවා අනතුරක් සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න ලක්ෂයක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් (රථවාහන) සාලිය චන්න අබේරත්න මහතා අද (01) නියම කළේය.
දිමුත්ගේ රියදුරු බලපත්‍රය අත්හිටුවීමටත් නුගේගොඩ වෛද්‍ය ආයතනයට යොමු කර වාර්තාවක් කැඳවන ලෙසටත් මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියම කළේය.
ඉකුත් (30) වැනි දා රිය අනතුරක් සම්බන්ධයෙන් දිමුත් කරුණාරත්නව අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හැරිණි.


COMMENTS
ලාල් කාන්ත රිමාන්ඩ් වෙන්නයි, මූට ඇප හම්බවෙන්නයි දෙන්න කරලා තියන වැරදි වල වෙනස මොකක්ද ? දෙන්නම කලේ එකම වැරද්ද. නමුත් දඬුවම් 2කක්. මොකක්ද මේ නීතිය . එක එක්කෙනාට එක එක නීති. අවංකව මේක සල්ලි නැති මිනිස්සුන්ට ජීවත් වීමට සුදුසු රටක් නෙවේ.... විනාශකාරී නීතියක්, උසාවියක්, පොලීසියක් පවතින රටක්.
හරි නම් ක්‍රිකට් බෝඩ් එකෙන් සෙල්ලන් කරන එකත් තහනම් කරන්න ඕන.. රටක් උනහම නීතිය හොදටම ක්‍රියාත්මක කරන්න ඕන මම නම් හිතන විදිහට රටේ ඉන්න ලොකු මිනිස්සුන්ට... ලංකාවේ බහුතරයක් වැරදි කරන්නේ පොඩි මිනිහ නෙමේ.. රටේ ඉන්න ඉහළ පෙලේ මිනිස්සු තරම් වැරදි කරන තරමක් කරන්නේ.. අද ඕක පොඩි මිනිහෙක් අතින් උන නම් කොහොමද තත්වේ? කතා කරලා වැඩක් නැහැ රට ගැන.. පුළු පුළුවන් මිනිස්සු ටික වෙන රටවල් වලට පදිංචියට යනවා.. අනේ බොහොම අමාරුවෙන් ජීවත් වෙන මිනිස්සු ටික රටේ ඉන්නවා.. කෝ උන්ට හෙටක්....නිතිය සාධාරණ වෙන්න ඕන... ඒ නිතිය ජනධිපතිටත් එකයි... පහළ පන්තියේ මිනිහටත් එකම වෙන්න ඕන..නමුත් රටේ නොවෙන්නෙම ඒක..
අකිල එයා ජෙප්පෙක්නේ, මෙයා එහෙම නැහැනේ, ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ලොකු කොලුවනේ.., එ්කනේ වෙනස පැටියෝ..
රටේ නීතිය හැමෝටම එක සමාන නැති බව මේ සිදුවීම් වලින් පෙනේ. ක්‍රිකට් කණ්ඩායමේ විනය වෙනමම මාතෘකාවකි. රටේ සිවිල් නීතියට ගරු නොකරන ක්‍රීඩකයන් සහ ප්‍රසිද්ධියේ මඩ ගසා ගන්නා නෝනලා සමග අපේ ක්‍රිකට් කණ්ඩායම ඉදිරියටම යන බව පෙනේ.
ක්‍රිකට් බෝඩ් එකෙන් සෙල්ලන් කරන එකත් තහනම් කරන්න ඕන.
මේනන ජෙප්පනට මහගු අවතාවක්...
හරි දැන් ඇප දුන්නා කියමුකෝ. ඇයි එතකොට උසාවියටවත් නොදා පොලිසියේ තියාගෙන හිටියේ ? ඇයි එතකොට ඔය වගේම බීලා හිටියා කියපු ලාල්කාන්ත ට ඇප නොදුන්නේ?