(නිමන්ති රණසිංහ සහ තරිඳු ජයවර්ධන)
පිඟන් සංස්ථාවේ හිටපු සභාපතිවරයකුගේ පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගත් ඔහුගේ සේවකයකු පොලිස් අත්අඩංගුවෙන් පැහැරගෙන ගොස් අතුරුදන් කළැයි කියන සිද්ධියකට සැකපිට මන්නාරම සහකාර පොලිස් අධිකාරී උපුල් අලවත්ත මහතා අද (01) අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
මෙම සිද්ධියට අදාළව ප‍්‍රකාශයක් ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (01) කැඳවනු ලැබ සිටි සහකාර පොලිස් අධිකාරීවරයා ප‍්‍රශ්න කිරීම්වලින් අනතුරව එලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
පිගන් සංස්ථාවේ හිටපු සභාපතිවරයකුව සිටි මාකවිට ගමගේ දොන් හැරී යන අයගේ නිවසේ සේවකයකු වශයෙන් සිටි අජිත් සුනන්ද කන්ඩම්බි නැමැත්තා ඉකුත් 2008 වර්ෂයේ දෙසැම්බර් මස 31 වැනිදා පිලියන්දල පොලිසියේ අත්අඩංගුවේ සිටියදී පැහැරගෙන ගොස් අතුරුදන් කළැයි කියන සිද්ධියට අදාළව මෙම සහකාර පොලිස් අධිකාරීවරයා අත්අඩංගුවට ගෙන ඇති බවත් එවකට මෙම නිලධාරියා පිළියන්දල පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස සේවය කර ඇති බවත් පොලිසිය කියයි.
COMMENTS
සුදු වෑන් එකකින්ද අරන් ගියේ?
මේවගේ හොර වැඩ බොහොම කලෙක ඉදන් සිද්ද උණා.. තිබුණ හැම අණ්ඩුවකදීම.. ඔක්කොම දේශපාලකයෝ මේවගේ හොරවැඩ කරලා තියෙනවා.. මේ ඇලෝසියස්, අර්ජුන් මහේන්ද්‍රන් වගේ රෝයල් කොලේජ් එකේ හොරුසෙට් එක වගේ හොරු ටිකක් මේ ලංකාවේ මෙතුවක් කාලෙකට ඉදල නැතුව ඇති... තව ඉන්නවා පාර්ලිමේන්තුවේ ඔය කල්ලියේ සෙට් එක.. නීතිය හරියට ක්‍රියාත්මක වෙනවනම් ඔය කිසි කෙනෙක් හොරකන් කරන්නේ නැහැ.. කණගාටුවට කරුණ ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරනවද නැද්ද යන තීරණය ගන්නෙත් හොරු රෑනක්ම නේ... ලබන සැරේ ඡන්දෙදි කිසිම හොරෙක්ට මිනිමරුවෙක්ට ජන්දේ දෙන්න එපා..නීතිය රකින කෙනෙක්ට විතරක් දෙන්න.. ඔහුට විතරයි රට හදන්න පුළුවන්. නීතිය හරියට නැතිව කවුරු ආවත් වැඩක් නැහැ...
ඔය එලි වෙන්නේ ටික ටික .. 2008 නම් ඉතින් කියන්න ඕනේ නැහැනේ කවුද ඝාතකයන් කියා ? ජනපති අපේක්ෂක සිහිනයට සොරිම තමයි .
කරුණාවතී ඔයාට ගොඩක් තරහ ගිහින් වගේ .
චානක, අරයා මේ දවස්වල ලොස් ඇන්ජලිස් පැත්තේ ඉන්නේ.
කවදාවත් මේ කිසිවක් නොදැන සිටීම ගැන අදහස් දක්වමිනි. මෙම පුද්ගලයා අතුරුදන් වී ඇති අතර, ඔහු ජීවත් වන රටකි. මෙම පොලිස් නිලධාරියා කිසි විටෙක කිසිදු නිදහසට කරුණක් නොකරන අතර, අවංක පොලිස් නිලධාරියෙකි, මම පාසල් කාලය තුළ සිට මා දන්නවා, ඔහු එල්ටීටීඊය සමග සටනක දී එස්ටීඑෆ් නිලධාරියෙක් ලෙස කටයුතු කර ඇත.