(රංජන් කස්තුරි)
ගර්භාෂය ඉවත් කිරීමේ ශල්‍යකර්මයක් වෙනුවෙන් මාරවිල රෝහලට ඇතුළත් කර සිටි කාන්තාවකගේ අතක් කපා ඉවත් කිරීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදු කරන්නැයි සෞඛ්‍ය ඇමැතිවරයා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරීක්ෂණ ඒකකයේ විශේෂඥ කණ්ඩායමක් එම රෝහලට ගොස් පරීක්ෂණ ආරම්භ කිරීමට නියමිත බවද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
වයස අවුරුදු 78 ක කාන්තාවක් ගර්භාෂය ඉවත් කිරීමේ ශල්‍යකර්මයක් සඳහා මාරවිල රෝහලට ඇතුළත් කළ අතර එහිදී ඇතිවූ අවධානමක් හේතුවෙන් ඇගේ එක් අතක් කපා ඉවත් කිරීමට වෛද්‍යවරුන් පියවර ගෙන තිබිණි.
COMMENTS
දොස්තරලා දැන් හොඳටම බයවෙලා තියෙන්නේ... ගර්භාෂය දිහා බලන්නේවත් නෑ. මොකද ඩාෙක්ටර් සාෆිට වෙච්ච බොරු බේගල්වලට ඉතින්...
අවදානමක් වළක්වාගන්න අතක් කපා ඉවත් කරයි. ගර්භාෂය හා අත අතර ඇති සම්බන්ධය කුමක්ද?
අනේ මන්දා, කුරුණෑගල කට්ටිය මාරවිල යයිද? මහනුවර උපවාස කරයිද?
ගර්භාෂ ඉවත් කරලා නැති ලෙඩ දාගන්නේ මොකද? අතක් කපල දැම්මම වැඩේ ගොඩ...
ඔය පැලපීයන් කියන එකට හාමුදුරුවරු පැටලුනේ මොකද?
දැඩි සත්කාර ඒකකයේ සිදුකරන ප‍්‍රතිකාරයන් කරන අතරතුර ජූලි 24 වැනිදා එම අකර්මණ්‍ය අත සිරුරෙන් ඉවත් කිරීමේ ශල්‍ය කර්මය සිදුකෙරුණා. ඒ රෝගියා තුළ පැවැති ජීවිත අවදානම සමනය කිරීම සඳහායි. මෙම අවසන් ශල්‍යකර්මය සිදුකර මේ වනවිට දින 14ක් ගතවී ඇති අතර, තවමත් රෝගී කාන්තාව මාරවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන අතර, ඇගේ තත්වය යහපත් අතට පත්වෙමින් පවතී.
සයිටම් එපා... ප්‍රමිතියක් නෑ කියලා උද්ඝෝෂණය කළ ප්‍රමිතිගත වෛද්‍යවරු තමයි කරලා තියෙන්නේ..
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මොකද කියන්නේ? මේකටත් සයිටම් එකට වැරදි කියනවද? එහෙම නැත්නම් වර්ජනයක් පටන් ගන්නවද? මේක වුනේ ලෙඩාගේ වරදින් කියලා...
"කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂියාබ්දීන් සාෆි විසින් තමන්ව වඳ භාවයට පත් කරන ලදැයි පැමිණිලි කළ මවුවරුන් දෙදෙනෙකු මේ වනවිට තමන් ගැබ්ගෙන සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී තිබේ. " ... මේක ඇත්තද?
යකෝ, මේ දොස්තරලාට බැරිද ඔය රිමාන්ඩ් කරපු හැටියේ ලෙඩවෙන ලොක්කන්ගේත් ඔය විදිහට වෙන අවයවයක්වත් ඉවත් කරලා දාන්න?
හරිම කණගාටුදායකයි. ඒ මවට මොනවා හිතෙන්න ඇද්ද සිහිය ආවම... දැඩි දඬුවම් දිය යුතුයි. නොසැලකිල්ල උපරිමයි..
අර දවස් වල පණ එපා කියලා දොස්තරවරු සටන් කලේ සයිටම් නිසා අහිංසක රෝගීන්ගේ ජීවිත අනතුරේ කියාගෙන දන්නා කස්තිරම් සේරම අල්ලලා සයිටම් එක වහලා දැම්මේ.. පොඩ්ඩක් හොයලා බලන්නකෝ කවුරු හරි මේ සැත්කම කලෙත් සයිටම් එකෙන් ආව දොස්තර කෙනෙක්ද කියලා.. නෑ මම මේ නිකමට කිව්වේ ඉතින්..
මුළු ජීවිත කාලයටම ඇයගේ සියලුම කටයුතු ඉටු කරන්න. මොකද දැන් ඇයගේ අත කපලා ඉවරයි. මහා පවක් කරලා තියෙන්නේ. ඇයට කළ අපරාධයට ජීවිතය විනාශ වෙන්න දෙන්න එපා. ඇයගේ සියලු කටයුතු සදහා වියදම් දරන්න. ඉක්මනින් සුවපත් වේවා... නීතීඥවරුනේ එම මාතාවට සතුටින් ජීවත් වෙන්න මග හදලා දෙන්න.
රෝගීන් පිළිබඳව දක්වන අවධානය පේනවනේ? මෙවැනි දේවල් යට ගසා ගැනීම සඳහා තමයි රජයේ දොස්තර මාෆියා සංගමය ක්‍රියාත්මක වන්නේ... මෙවැනි අපරාධයකටත් වගකිව යුත්තේ සෞඛ්‍ය අැමතිද? ලැජ්ජයි..!!
මොනවා කියලා කියන්නද මේවට? කියනවා නම් කියන්න දාහක් ජාති තියනවා මේවගේ වැඩවලට..
උපවාසයට අපි සූදානම්. කෝ රතන හාමුදුරුවෝ..?
මෙතන ප්‍රශ්න කීපයක් තියනවා. ලෙඩෙක් ශල්‍යකර්මයක් සඳහා ගෙනයන විට සම්පූර්ණ ඉතිහාසය , කළයුතු ශල්‍යකර්මය පිළිබඳ වාර්තාවක් තියනවා. ගර්භය ඉවත් කිරීම එහෙමත් නැත්නම් " හිස්ටර් ටෙක්ටමි " කියන එක එකක් අත ඉවත් කිරීම තවත් දෙයක් මෙතන තියන ප්‍රශ්නේ තමයි රෝගියාගේ කැමැත්ත නැතුව මොනම ශල්‍යකකර්මයක් වත් කරන්න බැහැ. එහෙම එකේ අත ඉවත් කරන්න ගිහින් මේක වුනේ කොහොමද කියන එක ප්‍රශ්නයක්...!
බයේ බැහැ.
කව්ද දන්නේ ගර්භාෂය තිබුණේ අතේද කියලා...?
සිදුවුනේ ගර්භාෂය ඉවත් කරන ශල්‍යකර්මයට සිටි ලෙඩාගේ වෙනත් සංකූලතාවයක් වන එම්බ්ලුස් නොහොත් ලේ කැටියක් අතේ ශිරාවක සිරවී ලේ ගමනාගමනය නැවැතුණු නිසා නරක වී එය ඉවත්කිරීමට සිදුවීම. මෙය අවාසනාවන්ත සිදුවීමක්. කාටත් වන්න පුළුවන්. කාගේවත් වරදක් නොවේ. ඔබට අවශ්‍ය සත්‍ය නම් ඒ මෙය... ඔබට අවශ්‍ය බොරු කතා හා ඔබගේ උපතේ පටන් ඔබව නොයෙක් අවස්ථාවල බෙහෙත් කර ජීවත් කරවපු දොස්තරලට අවලාද නගමින් ලැබෙන අාස්වාදය නම්, එය විඳින්න.