ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න
ඇඳිරිනීතිය පැවැති පසුගිය මාස දෙකක කාලය තුල කිරුළපන සුපිරි වෙළඳ සංකීර්ණයේ තොග භාණ්ඩ අලෙවි මධ්‍යස්ථානයක් කඩා අවස්ථා පහලවක දී රුපියල් ලක්ෂ දහයකට ආසන්න භාණ්ඩ සොරා ගත් පුද්ගලයින් දෙදෙනෙකු (19) දා අලුයම අත්අඩංගුවට ගත් බව කිරුලපන පොලීසිය පවසයි .
වෙළඳ සංකීර්ණයේ ආරක්ෂාවට ආරක්ෂක නිලධාරීන් තිදෙනකු රාජකාරියේ යොදවා සිටියදී මෙම සොරකම සිදුව ඇති බවත් සොරා ගත් භාණ්ඩ වලින් රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා භාණ්ඩ වලින් කොටසක් සොයාගත් බවත් පොලිසිය කියයි .
කොළඹ මහ නගර සභාව යටතේ පාලනය වන කිරුළපන පොදු වෙළඳ සංකීර්ණය ඇඳිරිනීතිය හේතුවෙන් පසුගිය මාස දෙකක පමණ කාලයක් වසා දමා තිබූ අතර ඉකුත් එකොළොස් වන දා නැවත අලෙවි අලෙවිසල් විවෘත කිරිමෙදි එක් වෙළඳසලක් කඩා භාණ්ඩ සොරාගෙන තිබූ බැවින් ඒ පිළිබඳව පොලිසියට පැමිණිල්ලක් කර තිබුණි .
ඒ වන විට කිසියම් පුද්ගලයෙකු අත්‍යවශ්‍ය භාණ්ඩ වල වටිනාකමින් අඩක් අය කරමින් ඉතා අඩු මිලට ප්‍රදේශය පුරා භාණ්ඩ අලෙවි කරන බවට පොලීසියට තොරතුරක් ලැබී තිබුණි .
එහෙත් ඒ පිළිබඳව විමර්ශනය කිරීමට කිසිවකුගෙන් පැමිණිල්ලක් නොතිබූ බැවින් පොලිසිය සැකකරු පිළිබඳව සෝදිසියෙන් සිටි බව පොලිසිය පවසයි .
පැමිණිල්ල ලැබීමත් සමඟ සැකකරු භාණ්ඩ අලෙවි කළ ස්ථාන වලට ගොස් ඒ පිළිබඳව විමර්ශනය කර පසුව වැඩිදුර ප්‍රශ්න කිරීම සදහා සිද්ධියට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි .
ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී තවත් පුද්ගලයකු සමඟ අලෙවිසල කඩා අවස්ථා 15 රුපියල් 9,22.500.00 වටිනා අත්‍යවශ්‍ය භාණ්ඩ මෙසේ සොරාගෙන ගිය බවට අනාවරණය වූ බව පොලිසිය පවසයි .
ඒ අනුව සිද්ධියට සම්බන්ධ කිරුළපන කූඹිකැලේ ප්‍රදේශය පදිංචි 40 සහ නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචි 30 දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි .
පසුව සැකකරුවන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී මෙම වෙලද සැලෙන් සොරාගත් භාන්ඩ පිටුපස ඇල මාර්ගයක් ඔස්සේ නිවෙසට ගෙන ගොස් මෙසේ භාණ්ඩ අලෙවි කර තිබූ අතර ඒ සෑම භාණ්ඩයක්ම උපරිම සිල්ලර හරි අඩක් අයකර මෙ කර මෙසේ විකුණා ඇති බවද පොලිසිය කියයි .
ඒ අනුව කිරුළපන සිද්ධාර්ථ මාවත, කූඹි කැලේ සහ නාරාහේන්පිට ඇතුළු ප්‍රදේශ කිහිපයකට විකුණා තිබූ හාල් කිලෝ 10 මිටි 15ක් ද ,සීනි කිලෝ 50 මිටි නමයක් ද , කිරිපිටි, සබන් වර්ග, ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක් පොලිසිය සොයා ගත් බව කියයි.
2025 දෙසැම්බර් මස 18
359
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
214
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇඳිරියේ සුපිරි වෙළදසැල් කඩා ලක්ෂ 10ක් සොරා ගත් දෙදෙනෙක් අත්අඩංගුවට