(සුමිත් පොතුපිටිය)
කළුතර උතුර විවිධ පැමිණිලි අංශ ස්ථානාධිපතිවරයා පදිංචි වැලිපැන්න , බොන්දුපිටිය, කුරුන්ද පාරේ නිවසට අද දහවල් යතුරුපැදි වලින් කඩාවැදුණ සන්නද්ධ පිරිසක් නිවසේ තිබූ ජංගම දුරකථන 2 ක් , රන් ආභරණ කොල්ලකා පලාගොස් ඇතැයි වැලිපැන්න පොලිසිය පවසයි .
සන්නද්ධ සාමාජිකයින් කඩාවදින මොහොතේ පොලිස් පරීක්ෂක වරයා නිවසේ සිට නැති බවත් සන්නද්ධ සාමාජිකයින් ගේ ප්‍රහාරයට ලක්ව පොලිස් පරීක්ෂක වරයාගේ බිරිඳ තුවාල ලබා ඇති බවත් පොලිසිය සදහන් කරයි.
සන්නද්ධ සාමාජිකයින් ටී 56 ගිනි අවියක් රැගෙන ආ බවත්, රන් මාලයක් සහ මුදුවක් කොල්ලකා පලාගොස් ඇති බවට මෙතෙක් කල පරීක්ෂණවලදී හෙළිව ඇතැයි ද සදහන් වේ.
කළුතර සහකාර පොලිස් අධිකාරී දුම්න්ද රාජපක්ෂ මහතා ගේ ප්‍රධානත්වයෙන් වැලිපැන්න ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සිල්වා ඇතුළු පොලිස් කණ්ඩායම් කිහිපයක් ප්‍රදේශයේ ආරක්ෂක කැමරා යොදා මේ වනවිට පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඩුම ගානේ මේ හොර කල්ලියටවත් කළ වැඩේ වැරැදියි කියලා තේරෙන තරමට දඬුවමක් ලැබේ යැයි සිතමු. උසාවි දැම්මොත් ඉතින් පුස්ස බින්දා වගේ තමයි. සාමාන්‍ය ජනතාව වඩා බිය ගන්වන සිදුවීමක්...!
සාමාන්‍ය අයගෙන් අහනවා වගේ සැක කවුද කියලා ඇහුවේ නැතෙයි...
අධිකරණයේ භාරව තියෙන රත්තරන් හොරකම් කරගෙන යනවානම් ඕ.අයි.සී.ගේ ගෙදර තියෙන ඒවා කජ්ජක්ද.?
පොලිසිය නිදිද මෙච්චර දෙයක් වෙද්දී.