
(ළහිරු හර්ෂණ)
කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ගොවීන්ගේ වගා ආරක්ෂාව සඳහා තුවක්කු ලබාදීමට කටයුතු සූදානම් කර ඇතිබව පවසා සත්ව අයිතිවාසිකම් ක්‍රියාකාරීන් පිරිසක් රාජගිරිය වන ජීවි හා වන රක්ෂන අමාත්‍යාංශය ඉදිරිපිටදී අද (03) විරෝධතාවක් පැවැත්විනි.


COMMENTS
අපිටත් තුවක්කු 2-3ක් අවශ්‍යයි. ගමේ මිනිස්සුත් එක්ක තෝරබේරාගන්න හුඟක් දේවල් තියෙනවා.
ගොවියන්ට පමණක් නොවෙයි අපිටත් තුවක්කු දෙන්න. වඳුරන් නිසා ගහක් හදා ගන්න බැහැ, ගෙඩියක් බේරාගන්න බැහැ., නිතරම ටෙලිෆෝන් ලයින් කඩනවා. මහා කරදරයක්. අපිට අන්තිමට වෙන්නේ විදුලිබලය අදින්නයි. එය බොහොම අවදානම්...!
එහෙම නම් කෘෂි නාශකවලට විරුද්ධවත් උත්ඝෝෂණ කරන්න ඕනේ. මෝඩ මිනිස්සු. සතා ලොකු නම් විතරයි එයාව ආරක්ෂා කරන්න දඟලන්නේ. මම මේ සත්තු මරන්න කියනවා නෙමෙයි, හැබැයි මේකට විකල්පයකුත් දෙන ගමන් උත්ඝෝෂණය කරොත් තමයි හොඳ... මොකද තුවාලේ තියෙන එක තමයි වේදනාව දන්නේ...
වගාවේ යෙදෙන ගොවියා ට තියෙන කැක්කුම , අමාරුව මුංට තේරෙන්නේ නැහැ . ජීවිතේට උදැල්ල අල්ලලා නැතිව ඇති . රුපියල් 10 ට 20 ට එළවළු දෙනව නම් බඩ පැලෙන්න කයි.
කිසිම වගාවක් කරන්න බෑ.ඉත්තෑවෝ, වල්ඌරෝ ,වඳුරෝ වගාව වනසනවා. මේ තත්ත්වය පාලනය සත්ත්ව අයිතිය සුරකින්නන්ට පුලුවන්නම් හොඳයි. නැතිව ඒ අය අපිට ජීවත්වෙන්න අවශ්‍ය මුදල් ලබාදීම කල යුතුයි. එක එකා නැටුවට රටක ආර්ථිකය පවත්වාගෙන යාම රජයක වගකීම.....
ඈත ගම් වල වෙසෙමින් ඉතා දුෂ්කර තත්වයක් තුල ගොවිතැන් කරන හොවීන්ගේ ආරක්ෂාව සඳහා ගත් හොඳ පියවරක්. මේ පියවර ගැනීමට තිබුනේ බොහෝ කාලයකට පෙරයි. එසේ වුවා නම්, බොහෝ අහිංසක ජීවිත වන සතුන්ගේ පහර දීම් වලින් බේරා ගන්නට තිබුනා. මෙවැනි දේට නගරබදව වෙසෙමින් විරුද්ධ වන උදවිය ගැන එතරම් සැලකිලිමත් විය යුතු නැහැ.
ගොවීන්ට වගා ආරක්ෂාවට තුවක්කු දෙන්න එපානම් මේ විරෝධතාකරුවන් ගොවිබිම් රැකවලට යොදාගන්න ක්‍රමයක් හදන්න.
ඔය තුවක්කුවලින් වෙඩි තියන්න ඕනෑ සත්තු මොකුන්ද කියලා අපි දන්නවා.
මේ NGO නඩ හැමදාම කරන්නේ මිනුස්සුන්ගෙ ජීවත් වීමේ අයිතිය නැති කරලා, වගා පාලු කරන සත්තුන්ගෙ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින එකයි. 10% අස්වැන්න සතුන් විනාශ කරනවා. මිනුස්සු ගැන බලන්න කවුරුත් නැහැ.
අපිටත් තුවක්කු දෙන්න. ගහක ගෙඩියක් බේරා ගන්න බැහැ, වහලවල්වල උළු බේරා ගන්න බැහැ. ටෙලිෆෝන් ලයින් කඩා දමනවා. වඳුරන්ගෙන් මහ කරදරයක්...!