( එච්. චන්දන )
පුත්තලම දිස්ත්‍රික්කයේ සේවය කරන සියළුම සමෘද්ධි නිලධාරීන් වහාම ක්‍රියාත්මක වන පරිදි සේවා කටයුතු වලින් ඉවත් වීමට තීරණය කර ඇත.
පුත්තලම දිස්ත්‍රික් සමෘද්ධි නිලධාරීන්ගේ සංගමයේ ලේකම් තුෂාර ලෝව් මහතා මේ බව සදහන් කළේය.
පසුගිය 22 වැනිදා සිට මේ වන විට ස්ථාන 04 කදී සමෘද්ධි නිලධාරීන්ට පහර දීම් සිදුවී ඇත.
ආණමඩුව - මහකුඹුක්කඩවල ප්‍රදේශයේ දී සමෘද්ධි නිලධාරීන් දෙදෙනෙකුටද,මාදම්පේ - කුඩාබිංගිරිය ප්‍රදේශයේදී සමෘද්ධි නිලධාරීණියකටද, දංකොටුව - කොස්වත්ත ප්‍රදේශයේදී සමෘද්ධි නිලධාරියකුටද පහර දීම් සිදු කර ඇත.
මෙම පරහ දීමේ සිද්ධීන් සම්බන්ධයෙන් ඒ ඒ ප්‍රදේශ වල පොලීසිය වලට පැමිණිළි කිරීමටද සමෘද්ධි නිලධාරීන් කටයුතු කර ඇත.
මේ අතර,හලාවත - වෙරළබඩ කලාපයේ සමෘද්ධි නිලධාරීණිය රුපියල් 5000 ක් වෙනුවට රුපියල් 3000 ක මුදලක් ජනතාව අතර බෙදා දෙන බවට වූ අසත්‍ය ප්‍රචාරයක් එම ප්‍රදේශයේ අයෙකු විසින් සමජ ජලා මාධ්‍යයක පළ කර ඇත.
ඒ සම්බන්ධයෙන් පැමිණිළි ලැබීමෙන් අනතුරව ඔහුව අත්අඩංගුවට ගැනීමට හලාවත පොලීසිය කටයුතු කර ඇත.
COMMENTS
ඕක පුත්තලම, බේරුවල වාගේ කලහකාරී ප්‍රදේශ වලට ඇඳිරිනීති කාලය තුළ ලබාදීම වහා අත්හිටුවන්න.
ඒ සම්බන්ධයෙන් පැමිණිලි ලැබීමෙන් අනතුරව ඔහුව අත්අඩංගුවට ගැනීමට හලාවත පොලීසිය කටයුතු කර ඇත." තව මොනවද කරන්න කියන්නේ ?
කොයි වැඩෙත් දේශපාලනියකරණය නොකර ග්‍රාම සේවක මහත්ම මහත්මීන් ලවා කෙරෙව්වානම් අපිට "කොරෝනා සරණං ගච්චාමි" කියන්න වෙන එකක් නැහැ.