IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඇබ්බැහි වීමකින් මිදෙන්නේ කොහොමද?

වර්තමානයේ මත්පැන්, දුම්වැටිවලට සහ හෙරොයින් භාවිතයට ඇබ්බැහි වූ තරුණ තරුණියන් බොහෝමයකි.ඒ ඇබ්බැහි වීම් මොවුන්ගේ නිරෝගී සෞඛ්‍යයට හානි පමුණුවනවා පමණක් නොව සමාජයීය ගැටලු රැසක්ම නිර්මාණය කිරීමට තරම් ප්‍රබල වී ඇත. මොවුන්ව ඒ ඇබ්බැහි වීම්වලින් මුදාලන්නේ කෙසේද, දිගු කාලයක් මුළුල්ලේ සිට ඇබ්බැහි වීම්වලට නතුව සිටියදී ඉන් වැළැකිය හැකිද, අපහසුවෙන් හෝ ඉන් මිදුණොත් පසු කලකදී ආයෙම ඊට ඇබ්බැහි වේද? පහත ලිපිය ඒ ගැනයි. 

මත්පැන්වලට ඇබ්බැහි වූවකුට මනෝ වෛද්‍ය ප්‍රතිකාර අද මත්පැන් පානය කරන්නෝ සුලබය. අපේ රටේ මෙකී ඇබ්බැහියේ තරම කෙතරම්ද කීවොත් පිරිමි අය සේම ඇතැම් කාන්තාවන්ද මෙය පුරුද්දක් කරගෙන ඇති බවක් පෙනේ.  මෙම පුරුද්ද ඇබ්බැහියක් වී පාලනයෙන් ගිලිහී ගිය කල වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වේ. මෙබඳු පිරිස් මනෝ වෛද්‍යවරයකු වෙත යොමු කළහොත් ඔහුගේ මත් ද්‍රව්‍ය භාවිතයට අදාල රෝග ඉතිහාසය ගැන දීර්ඝ වශයෙන් අධ්‍යයනයට ලක් කෙරේ. ඒ අනුව අදාල පුද්ගලයා දිනකට කෙතරම් මත්පැන් ප්‍රමාණයක් භාවිත කර ඇත්ද, මීට කලින් මත්පැන් පානය නතර කිරීම නිසා අපස්මාරය හෝ සිහිය විකල් වීම වැනි තත්ත්ව ඇතිවී තිබේද කියා සොයා බැලේ. එසේම ඔහු අවසන් වරට මත් ද්‍රව්‍ය ලබා ගත්  වෙලාව, මේ භාවිතය නිසා ශාරීරික සෞඛ්‍යයට, මානසික සෞඛ්‍යයට සේම සමාජ ජීවිතයට වී ඇති හානිය දීර්ඝව සලකා බැලේ. ඉන්පසු රුධිර පරීක්ෂණ සිදු කරමින් අක්මාවට කෙතරම් හානි වී ඇත්දැයි නිර්ණය කෙරේ.

එහිදී දිනකට මත්පැන් බෝතලයක් පානය කළ අයකුට විශේෂිත  ඖෂධයක් සෑම පැය 6කටම වරක් දින 05ක් ලබා ගැනීමට නිර්දේශ කෙරේ. මෙහිදී  නින්ද නොයාම, වෙව්ලීම, අධිකව දහදිය දැමීම, සිහිය විකල් වීම වැනි බරපතළ සංකූලතා කිසිවක් මත්පැන් නතර කළ මුල් දින කීපයේදී මෙකී ඖෂධය ලබා ගත්තායැයි සිදු නොවේ.  එසේම 'Thiamin' නම් B ගණයේ විටමින් පෙති හෝ එන්නත් මඟින් ලබා දේ. එය ලබා දෙන්නේ මත්පැන් නතර කිරීම නිසා ඇති වන ස්නායු දුර්වල වීමෙන් සෑදෙන  රෝගී තත්ත්ව දෙකක් වන 'Wernicke's encephalopathy' සහ 'Wernicke korsakoff' වැළැක්වීමටය. 
නැවත මත්පැන් පානය නොකිරීමට ලබා දෙන ඖෂධ ප්‍රතිකාර මොනවාද?

මත්පැන් භාවිතය නතර කර මුල් දින කිහිපය ගෙවාගත්තකුට නැවත මත්පැන් භාවිතයට යොමු නොවීමට ඖෂධීය ප්‍රතිකාර මෙන්ම චර්යාමය සහ මනෝ චිකිත්සකමය  ප්‍රතිකාර ක්‍රම පවතී.  මෙය වෛද්‍ය විද්‍යාවේදී Relapse prevention ලෙස හැඳින්වේ. 

හෙරොයින්වලට ඇබ්බැහි වූවන්ට ඇති ප්‍රතිකාර හෙරොයින් , සමාජ පිළිලයක් වන තරමට ඔඩු දුව ගිය ගැටලුවකි. හෙරොයින් ගැනීමට හුරු වූ පුද්ගලයකුට මේ භාවිතය නතර කිරීම නිසා ඇති වන ශාරීරික අපහසුතාවන්ට ප්‍රතිකාර කිරීමට ඖෂධ ලබා දීම  ප්‍රථමයෙන් සිදු වේ.

මෙයාකාරයට හෙරොයින් නතර කිරීම නිසා ශරීරයට ඇති වූ අපහසුතාවට ප්‍රතිකාර කොට අනතුරුව නැවතත් හෙරොයින් ගැනීමෙන් වළක්වා ගැනීමට කටයුතු කෙරේ. මෙවැනි රෝගීන්ට අපේ රටේ විශේෂිත ප්‍රතිකාර ක්‍රමයක් පවතී. එනම් මෙයාකාරයට ඇබ්බැහිවූවන්ට ලබා දෙන නේවාසික ප්‍රතිකාරයයි. ඒ සඳහා රෝගීන්ව මාස 02ක පමණ කාලයක් රඳවා ගෙන ප්‍රතිකාර කටයුතු ඇරැඹේ. 

මෙම ප්‍රතිකාර මධ්‍යස්ථාන නිට්ටඹුවේ 'නව දිගන්තය' නමින්ද,ගාල්ලේ උණවටුන රෝහල ආශ්‍රිතවද, රාජගිරිය තලංගම රෝහල මුල් කරගෙන පවත්වා ගෙන යනු ලැබේ. රෝගියා නේවාසිකව හිඳින මාස දෙක තුළ සම්පූර්ණ ප්‍රතිකාර නොමිලේ ලබා දෙන අතර ශ්‍රී ලංකා අන්තරායකර ඖෂධ පාලන අධිකාරිය මගින් මෙකී සෑම මධ්‍යස්ථානයක්ම පාලනය වේ. මෙම සෑම ප්‍රතිකාර ක්‍රමයකදීම අවධාරණය කළ යුතු විශේෂ කාරණාව වන්නේ ,ඇබ්බැහි වූ පුද්ගලයාගේ කැපවීම සහ උනන්දුවත් මෙයින් මිදීමට ඉතා වැදගත් බවයි.

දුම්වැටි භාවිතයේ අනිසි විපාක දුම්පානය කරන සෑම පුද්ගලයන් දෙදෙනකුගෙන් එක් අයකු දුම්වැටි ආශ්‍රිත කායික රෝග නිසා මරණයට පත් වේ. ⁣සිගරට් දුමෙහි ප්‍රධාන වශයෙන් නිකොටින්, තාර සහ කාබන් මොනොක්සයිඩ් යන රසායනික ද්‍රව්‍ය තුන අඩංගුය. මින් නිකොටින් යනු ඇබ්බැහිකාරක මත් ද්‍රව්‍යයක් වන අතර අනෙකුත් විස රසායනික මඟින් පෙනහළු පිළිකා, හෘදයාබාධ, ආඝාතය වැනි මාරාන්තික රෝග ඇති කරවයි. 

ප්‍රතිකාර දුම්පානයට ඇබ්බැහිවූ පුද්ගලයකුට එයින් ගැලවීම සඳහා ප්‍රතිකාර ක්‍රම ගණනාවක්ම බටහිර වෛද්‍ය විද්‍යාව සතුව පවතී. මෙහිදී යොදා ගැනෙන ප්‍රධාන ඖෂධ ප්‍රතිකාර ක්‍රමය වනුයේ, Nicotine replacement therapy  නම් විශේෂ ඖෂධයකි. මෙහිදී නිකොටින් ලොසින්ජරයක් ආකාරයට රෝගියාට නිර්දේශ කෙරේ. එහිදී රෝගියා කළ යුතු වන්නේ දුම්පානය කිරීමට හිතෙන කවර අවස්ථාවකදී වුව මෙම නිකොටින් අඩංගු ලොසින්ජරය   මුඛයේ තබා ගෙන එහි රසය දිවට දැනවීමට සැලැස්වීමය. මෙමඟින් රෝගියාගේ සිරුරට නිකොටින් ලැබෙන මුත් සිගරට් දුමෙහි අඩංගු මාරාන්තික විස රසායනික ශරීර ගත නොවේ. තවද මෙම නිකොටින් ලොසින්ජරය භාවිතයෙන් දුම්වැටිවලට ඇබ්බැහිවූවන් ඉන් මිදීමේ ප්‍රවනතාව එසේ නොලැබුණ පුද්ගලයන්ට වඩා දෙගුණයක් බව වෛද්‍ය පර්යේෂණවලින් පවා සනාථ වී ඇත. 

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (1)

ඇබ්බැහි වීමකින් මිදෙන්නේ කොහොමද?

Shashini kavindaya Friday, 30 May 2025 10:25 AM

මට දුරකථන අංකයක් ලබා දෙන්න පුලුවන්ද .මේ ස්තානයට කතා කරන්න

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31220 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13388 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10974 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 78 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 910 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 273 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site