(ඩී.කේ.රත්න)
පුද්ගලයින් තිදෙනෙකුට පහරදී බරපතල තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් වැල්ලවාය ප‍්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයෙකු අද (24) අත්අඩංගුවට ගත් බව තණමල්විල පොලිසිය පවසයි.
තණමල්විල කිතුල්කොටේ පදිංචි වැල්ලවාය ප‍්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
කිතුල්කොටේ ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මුහුණු පොතට ඇතුලු කළ පිංතුරයක් පිළිබඳව විමසීමට මෙම ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයා ඊයේ (23) රාත‍්‍රීයේදී එම නිවසට ගිය අවස්ථාවේදී එම නිවසේ සිටි මව පියා සහ පුත‍්‍රයාට මෙම මන්ත‍්‍රීවරයා විසින් පහරදුන් බව පවසා එම පුද්ගලයින් තිදෙනා තණමල්විල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප‍්‍රතිකාර සඳහා හම්බන්තොට දිසා රෝහලට මාරුකර යවා තිබේ.
අත්අඩංගුවට ගනු ලැබූ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයා වැල්ලවාය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
මහජන නියෝජිතයෙක් කියන්නේ මහජනයාට බෝක්කු හදලා දෙනවා වගේම තලන්න වුණත් අයිතියක් තියෙන කෙනෙක්... තලනවා විතරක් නෙමෙයි, මහජනයාගේ දේපල පවා අත්පත් කරගන්නට අයිතියක් ඇති කෙනෙක්... 225ට අමතරව ඊට පල්ලෙහායින් ඉන්න 4500දෙනා වුණත් මෙහෙම හැසිරෙන්නේ ඒකයි. අපි ඉවසාගෙන ඉම්මු...
කාරුණිකව අපගේ අදහස් කෙරෙහි කිසිදු පක්ෂයකට ගැතිනොවී තේරුම් ගැනීමට උත්සහ කරන මෙන් ඉල්ලා සිටිනෙමු. හොදින් නිරීක්ෂණය කරන්න මෙම නුගත් තිරිසනුන් පක්ෂ භේදයකින් තොරව හැසිරෙන ආකාරය. පහල මට්ටමේ නියෝජිතයන් වුණත් මහජනතාවට සේවය කිරීමට පැමිණ ඇත්තේ ගමේ කසිප්පුකාරයන් ,ගමේ කුඩුකාරයන්, ගමේ රස්තියාදුකාරයන් නොවේ ? ඉහල මට්ටමේ යයි කියන 225 ත් මෙලෙස හැසිරෙන අවස්ථා ඔබ අප කොතෙකුත් දැක තිබෙනවා නොවේද ?එබැවින් දියවන්නා ඔයට පත්කර ඇති 225 ත් ඒ ඒ ආසනයේ කසිප්පුකාරයන් නොවේද ? ගංජාකාරයන් නොවේද ?කුඩුකාරයන් නොවේද ?ආසනයේ බෝක්කු උඩ කසිප්පි, කුඩු, ගංජා බි බි සිටින මුසලයන් නොවේද ඔබ අප දියවන්න ඔයාට පත්කරගෙන ඇත්තේ ? එබැවින් මෙවන් කාලකන්නින්ටද ඔබ අප "එතුමා,මෙතුමා, ගරු " ලෙස ආමන්ත්‍රණය කරන්නේ ?? එමගින් අප අපගේ මව්බසට නිගා කිරීමට උත්සහ කරනවා නොවේද ? එබැවින් " මෙවන් මුසලයන්ට වැදගත් වචන භාවිතාකිරීමෙන් වැලකි සිටින මෙන් සියලුම පුරවැසියන්ගෙන්" කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.
අපි තවතවත් චන්ඩි බලගන්වමු. ඔවුන් අපේ ප්‍රශ්න විසඳාවි.
ඉස්සර මන්ත්‍රී කිව්වේ ඉහළම තලේ හිටපු හොර කණ්ඩායමේ සාමාජිකයන්ට විතරයි. ජේ.ආර්. මේ කට්ටියටත් මන්ත්‍රීපට්ටම දුන්න. මේ මිනිස්සුන්ට මේක දරා ගන්න බැරුව ගියා. කරේ බැඳපු රත්තරන් ටික හින්දා ඔලුව ඉදිමුන කටුස්සට වගේ. ඔය තියෙන්නේ ඉතින් ඒවායේ විපාක තමයි. වළන් කඩේට පැන්න ගොනා වගේ.