(නිමල කොඩිතුවක්කු)
කාලෝ ෆොන්සේකා මහතාගේ ඉල්ලීමක් මත ඔහුගේ දේහය අද(2) පස්වරුවේම රාගම වෛද්‍ය විද්‍යාලයට බාර කෙරිණි.
වෛද්‍ය ක්ෂේත්රය වෙනුවෙන් කැපී පෙනෙන සේවාවක් ඉටුකළ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අද(2) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.
ගත් කතුවරයෙකු, ගේය පද රචකයකු, දක්ෂ කථිකයෙකු මෙන්ම ප්‍රකට විද්වතෙකු වන ෆොන්සේකා මහතා මිය යනවිට 86 වන වියේ පසු විය.
1933 මාර්තු 4 දින උපත ලැබූ කාලෝ ෆොන්සේකා මහතා මීගමුව මාරිස්ටලා විද්‍යාලයෙන් සිය මූලික අධ්‍යාපනයත් මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයෙන් ද්විතීය අධ්‍යාපනයත් ලැබීය.
ඉන් අනතුරුව කොළඹ විශ්ව විද්‍යාලයට පිවිසි ඒ මහතා එංගලන්තයේ එඩින්බරෝ විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධිය හිමි කර ගත්තේය.
ආචාර්යවරයෙකු හා මහාචාර්යවරයෙකු ලෙස දශක හතරකට අධික කාලයක් වෛද්‍ය සිසු සිසුවියන් දහස් ගණනකට ශිල්ප ලබා දුන් ඒ මහතා 2012 වර්ශයේදී ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිධුරයට පත්විය. එතැන් සිට 2017 වසර දක්වා ඔහු ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිධුරය හෙඹවීය.
වාමාංශික දේශපාලනයේ නැයැළුණුු ෆොන්සේකා මහතා ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රබල ක්‍රියාකරුවෙකි.
වෛද්‍ය ක්ෂේත්රයේ මෙන්ම සාහිත්‍ය කලාවේද උන්නතිය වෙනුවෙන් සුවිශාල සේවාවක් ඉටුකළ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා දෙස් විදෙස් කීර්තියට සහ ඇගයීමට පත් විද්වතෙකි.
‘රත්තරන් දුවේ අපේ රත්තරන් දුවේ’, ‘රුදුරු තුරු වදුලේ’, ‘රෝස කුසුමක් පිපී’ යන ගීත මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා විසින් රචිත ගීත වලින් කිහිපයකි.
වෛද්‍ය ක්ෂේත්රය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් සම්බන්ධයෙන් ලිපි සහ කෘති ලියා ඇති ඒ මහතා සමාජය වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් සිදු කර ඇත.මත්ද්‍රව්‍ය සහ දුම්වැටි විරෝධී සටනේ ප්‍රමුඛයකු වූ ඒ මහතා ප්රමුඛ පෙළේ සමාජ ක්රියාකාරිකයෙකි. කාලෝ ෆොන්සේකා මහතා, සුරංග ෆොන්සේකා සහ ඉදුනිල් ෆොන්සේකා යන දූ දරුවන්ගේ පියාද විය.
COMMENTS
සමාදානයේ සැතපේවා..
ඔබතුමා විසින් ලියන ලද සුන්දර ගීතවලින් අපගේ වඩාත් සිත් බැඳගත් ගීතයක් වන "රත්තරන් දුවේ" ගීතය සවන්දෙන සෑම වාරයකම ඔබතුමාව අපගේ සිත්වලට තව තවත් ලංවෙනවා.. ඔබතුමාට නිවන් සුව අත්වේවා...!!
මහාචාර්යවරයෙක් විදියට, වැදගත් විදියට සමාජ මෙහෙවර කරපු විද්වතෙක් දේශපාලනය කරත් ප්‍රතිපත්තියක් පිහිටලා කටයුතු කරේ අද කලේ දේශපාලනේ කරන්න එකතු වෙලාඉන්න දෙකේ කොලේ මහාචාර්යවරුන්ට ආදර්ශයට ගත හැකි බුද්ධිමතෙක්..
දැන් ඉතින් මෙතුමා නැති හින්දා රන්ජන්ට, තමන්ට හිතෙන නෑකමක් කියන්න පුළුවන්... තාත්ත වුණත් කියන්න පුළුවන්...
මහදුරුතුමණි, වෙදදුරුතුමණි, විද්වතාණෙනි, විධග්ධයාණනි, ඔබතුමාගේ අතින් ගිලුහුණු යෂ්ටිය යළි අතට ගන්නේ කවරෙක්ද? ඔබතුමා නැවත වරක් අප වෙතටම එන්න.!!!
ලංකාවේ වර්තමාන දොස්තරලා දෙස බැලුවිට, මෙතුමා කල කාර්යභාරය ඕනෑම කෙනෙකුට හිතා ගන්න පුළුවන්. මෙතුමා නැවත මේ ලංකාවේම රජයේ රෝහලක උපත ලබා එතුමා සෞඛ්‍ය ක්ශේස්ත්‍රය වෙනුවෙන් කල උතුම් සේවය එතුමාටම අවබෝධ කර ගන්න ලැබේවා. මෙතුමා වටිනා ගීත කීපයක්ම සංගීත ක්ශේස්ත්‍රයට දායාද කොට තිබෙනවා.
කළෝ රචිත ගී එකතුවක් වූ කාලෝචිත ගී අද නිහඩ වී ඇත ඔබ තුමාට නිවන් සුවය ලැබේවා.
අජරාමර නිවන් සුව පතමු ...!!!
මට අවරුදු 17 - 18 කාලයේ මගේ ලෝකයේ හිටපු ලොකුම ලොකු වීරයෙක්.මෙතුමා,ලයනල් කියලා කෙනෙක්, වෛද්‍ය විද්‍යාලයේ හිටපු ශිෂ්‍යයින් වගයක් එකතුකරගෙන කතරගම ගිහින්, කතරගම දේවාලයේ සාමිට චැලේන්ජ් කළා ගිනිපාගන්න දේව හාස්කමක් ඕන නැහැ ,අවශ්‍ය පාදයේ යටි පතුලේ අවම ගනකමක් පමණයි ' කියලා.ඉතින් ඒ කාලයේ පත්තර වලින් මේ ගිනි පැගිල්ලට සැහෙන ප්‍රචාරයකුත් දුන්නා.මමයි, එතකොට කොළඹ වයිද්ය විද්‍යාලයේ ඉගෙන ගත්ත මගේ අක්කලා දෙන්නයි මීගමුවේ ඉඳලා කතරගම ගියා මේ ගිනි පැගිල්ල බලන්නම.කාලොට චියර් එක දෙන්න. අන්තිමේදී මේ අයයි,දේවාලේ අයයි තරඟෙට ගිනි පෑගුවා.දේවාලේ අයගෙන් කිහිප දෙනෙකුගේ පාද පිලිස්සී තිබුනා.කාලෝගේ කණ්ඩායමේ අයගේ පතුල් පිලිස්සී තිබුනේ නැහැ.නමුත් කෝවිලේ සාමිලා දෙවෙනි තරඟයේදී කාලෝලාට හිරිහැර කළා.වරක් ගිනි මැලය හරහාට ලොකු ලි කොටයක් දමා කාලෝගේ කට්ටියව අධෛර්ය කරන්නටත් උත්සහ කළා.අන්තිමේදී කෝවිලේ අයකිවා ඒගොල්ල දිනුම් කියලා.කාලෝ කීවා කලොගේ කට්ටිය දිනුම් කියලා.මම හිතන්නේ එතුමාගේ තිබු භව්තිකවාදී අදහස් එතුමා වයසට ගිය පසුත් තිබුනා.මම හිතන්නේ මැරෙනකම්ම ඒ මතයේම තමයි හිටියේ. සුබ ගමන් මහත්මයාණෙනි.
ලංකාවේ පවතින පෞද්ගලික රෝහල් සෞඛ්‍ය සේවය වෙනුවෙන් මෙතුමා මාර සේවයක් ඉටුකොට තිබෙනවා. ඉන්දියන් සුවසැරිය ගිලන් රථ සේවයට දොස්තරලා විරුද්ධ වෙද්දී, මෙතුමා වචනයක් වත් කතා නොකළේ ප්‍රඥාව හා බුද්ධිය වැඩි කමටයි. මම නම් ප්‍රර්ථනා කරන්නේ මෙතුමා, නැවත ලංකාවේම ඉපදින්න කියලයි.
මේ නිවිලා ගියේ මහා නැණ පහනක් . මෙතුමා කලාතුරකින් පහළවෙන අපූරු මනුස්සයෙක් කායික විද්‍යාව පිළිබඳව මහාචාර්ය වරයෙක් , ද්වි භාෂා උගතෙක් ( මෙතුමාගේ ඉංග්‍රීසි බාෂාව හැසිර වීම අපූරුයි ) ගීතරචකයෙක් , තනු නිර්මාපකයෙක් ( අප්‍රසිද්ද වික්ටර් ගේ සින්දුවක් තියෙනවා හරිම ලස්සනයි -ප්‍රසිද්ද ඔය රත්තරන් දුවේ , රුදුරු තුරු වදුලේ වගේ ඒවා නෙව ) මේ ඔක්කොට ම වැඩිය මිත්‍යාවට තදින් එරෙහි උන කෙනෙක් 70 දශකයේ අග වෙන්න ඕන ගිනි පෑගීමේ ඇති විද්‍යාත්මක සත්‍යය මෙතුමා හෙළිදරව් කළා කපුවෝ මිත්‍යා දෘස්ටිකයෝ " නන්නත්තාර "වෙන්නම . හොඳ වාමන්ශිකයෙක් එතුමාගේ අඩුව පුරවන්න බැරි උනත් අපි එතුමා කල දේවල් ගැන සතුටුවෙමු
විජිත් මම ලිපිය දිග වැඩි නිසා නොලියපු දෙයක් ඔයා ලියල තිබුන ස්තුතියි අර ගිනි පෑගීමේ නාටකය ඔය විදියටම තමයි උනේ ඔයා කියපු කාල වකවනුත් හරි මට යන්තම් මතක තව දෙයක් තියනව ඔය කියන කතරගම සිද්දියට පස්සේ ඒ මහතා අත්තිඩියේ එකක් ලේස්ති කර හැබැයි මගේ මතකය නිවැරදිනම් එක ට අර කපුවෝ අවේ නැහැ ! මොනවා උනත් මෙතුමා මිත්‍යාවට එරෙහිව ගෙනගිය සටන අපට ඒකාලේ වගේම දැනුත් ආහ්ලාදජනකයි
ඔබ රට, ජාතිය වෙනුවෙන් කැප කළ සේවාව සදා අමරණීයයි. ඔබට නිවන් සුව..!!!
මෙතුමාට රාජ්‍ය ගෞරව දැක්විය යුතුයි. ඒ වගේම විද්‍යා විද්‍යාලයක් හදලා මෙතුමා නමින් එය නම් කරන්නේ නම් ඉතා හොඳයි.