(ඩයනා උදයංගනී)
ගිණිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයේ පැවති ‘අම්ෆන්’ සුළි කුණාටුවේ බලපෑමෙන් ඇතිවූ තද වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇතිවූ ජල ගැලීම් හා නායයෑම් නිසා දිවයිනේ දිස්ත‍්‍රික්ක 10ක පවුල් පවුල් 4,758 කට අයත් 18,430 දෙනක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මෙම පිරිසෙන් පවුල් 239කට අයත් 885 දෙනෙක් ආරක්‍ෂිත ස්ථාන 17කත්, තවත් පවුල් 508 කට අයත් 1,942 දෙනෙක් තම ඥාති නිවෙස්වලත් රැදී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.
කෑගල්ල, රත්නපුර, මාතලේ, මුලතිව්, මහනුවර, නුවරඑළිය, බදුල්ල, හම්බන්තොට, ගාල්ල සහ මාතර යන දිස්ත‍්‍රික්කයන්හි ජනතාව මෙලෙස පීඩාවට පත්ව සිටින බව ද ඔහු සදහන් කළේය.
මෙම කාලගුණ තත්ත්වයේ බලපෑමෙන් නිවාස 11 ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර තවත් නිවාස 1,123 කට අර්ධ වශයෙන් හානි සිදුව තිබේ.
2025 දෙසැම්බර් මස 18
147
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැස්සෙන් පවුල් 4,758ක් පීඩාවට