(සුජිත් හේවාජුලිගේ )
අධික රුධිර පීඩනය, හෘද රෝග සහ දියවැඩියාව වැනි රෝග සඳහා පෞද්ගලික අංශයෙන් ගත් බෙහෙත් වට්ටෝරුවල ඇති බෙහෙත්වල යම් අඩුවක් ඇත්නම් ඒවා ළඟම ඇති රජයේ රෝහලේ බාහිර රෝගී අංශවලින් ලබාදීමට වැඩපිළිවෙළක් යොදා ඇතැයි රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි .
එවැනි රෝගාබාධ සඳහා නිසි වේලාවට ඖෂධ ලබා නොගැනීම කොවිඩ් වැළඳීම තරම්ම භයානක යැයිද ඔහු ප්‍රකාශ කළේය.
එම නිසා ළඟම ඇති රෝහලට ගොස් තමන්ගේ බෙහෙත් වට්ටෝරුවේ ඇති අඩුපාඩු වහාම සපුරා ගන්නා ලෙසද ගුණසේන මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
COMMENTS
යම් තරමකට හෝ යහපත් අදහසක්, නමුත් ඊට වැඩිය වටිනවා රජයේ රෝහල් පද්ධතිය කාර්යක්ෂමව පවත්වාගෙන යනවා නම්, රෝගිීන් රජයේ රෝහල් වලට යන්න බයයි. හැමෝටම පුද්ගලික රෝහල් වලට ගිහිල්ලා බෙහෙත් තුණ්ඩු ලියවාගන්න බැහැ! දැනට තියෙන වසංගතය පෙන්නලා රෝහල් සිය වගකීම පැහැර හැරලා. අද වෙනකොට බොහෝ රෝහල් වැඩ කරන්නේ ඉතාම අසංවේදී ආකාරයට, රෝගින් ගැන කිසිම අනුකම්පාවක් නැ! ඇතැම් රෝහල් වල වෛද්‍යවරු නැ! කාර්යය මණ්ඩලය රෝගින්ට සලකන්නේ ඉතාම අමානුෂික විදියට!
ආණ්ඩුවේ ඉස්පිරිතාලේ ලියන බේතුත් පිටින් ගන්න මේ කාලේ මේ කතාව බොරු සෝබනයක් නෙමෙයි නේද?
බෑ කියන්න බෑනේ ඉතින් පෞද්ගලික රෝහල්වල බෙහෙත් දෙන්නෙත් රජයේ රෝහල්වල බෙහෙත් දෙන උදවියමනේ...!!!