IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


පොලිසියට වෙට්ටු දැමූ කුඩ්ඩා හඳුනා ගනී

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පොලිස් සැරයන්වරයකු මෝටර් රථයේ බොනට්ටුව මත එල්ලී සිටියදී මෝටර් රථය කිලෝ මීටරයක් පමණ දුරක් රැගෙන ගොස් වෙට්ටුවක් දමා සැරයන්වරයා ව බිමට වැටීමට සලස්වා පලාගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරු හඳුනාගෙන ඇතැයි නුගේගොඩ කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය.

පළා ගිය මෝටර් රථයේ ලියාපදිංචි අංකය සි සි ටි වි දර්ශන ඔස්සේ ලබාගෙන සිදුකළ විමර්ශනවලදී පලා ගියේ එම පුද්ගලයා නුගේගොඩ මිරිහාන උඩහමුල්ල ප්‍රදේශයේ පදිංචි කරුවකු බවට අනාවරණ වී තිබුණි

ඒ අනුව එහි ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් පලාගිය සැකකරුට අයත් බව කියන ඉඳිකරමින් පවතින සුඛෝපභෝගී තෙමහල් නිවස වටලා සිදුකළ පරීක්ෂාවේදී පලාගිය සැකකරු නිවසේ නොසිටීම හේතුවෙන් එහි සිටි කාන්තාවන් දෙදෙනා ගෙන් ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී තම සහෝදරයා පෙරේදා (19) ඔහුගේ බිරිඳ සමග නිවසින් පිට වූ බවත් සිටින තැනක් හෝ දුරකථන අංකයක් නොදන්නා බවත් ප්‍රකාශ කර ඇත

පලා ගියේ එම සැකකරු මීට කලකට පෙරදී ගිනි අවියක් සමග පොලිස් අත්අඩංගුවට පත්වූ අයකු බවත් මත් මුද්දර සහ මත් පෙති ජාවාරම සිදු කරන්නෙක් බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.

 



අදහස් (13)

පොලිසියට වෙට්ටු දැමූ කුඩ්ඩා හඳුනා ගනී

sampath Tuesday, 21 September 2021 10:35 PM

තමන්ගේ නිලධාරියෙකුට ඔය තරම් දෙයක් කරපු කෙනා බැරිනම් අනෙක් ඒවා ගැන කුමන බලාපොරොත්තුද .වාහන අංකය සී.සී.ටී.වී එකෙන් බලලා ලියාපදිංචි අයිතිකාරයා සොයාගැනීම පොඩි දෙයක් .ඒක අනතුරකදිත් කරනවා

:       1       45

BamunuarachchiWednesday, 22 September 2021 10:14 AM

ඔබේ නොදන්නාකම පෙන්නුවාට පොලිස්සියට රාජකාරිය උගන්වන්න එපා.

:       10       5

Nihal Thursday, 23 September 2021 07:11 PM

හැබැයි යතුරු පැදියෙන් වැටිලා යතුරු පැදිය දාලා ගිය මධුෂ්ට වෙඩි තිබ්බ අය අඳුනගන්න තාම බැරි වුණා නේද?

:       0       1

Royfedricks Wednesday, 22 September 2021 12:28 AM

ඔය පුද්ගලයාගේ නම අපි නම් දන්නවා. දුමින්ද නොහොත් කුඩු දුමිය නේද?

:       1       4

Raveendra Wednesday, 22 September 2021 05:33 AM

අපගේ ළමා අවධියේ හොරා පොලිස් සෙල්ලම කල සුන්දර අතීතය මතක් වෙනවා......අපගේ ඒ ළමාවියේ කල ඒ හොරාපොලිස් සෙල්ලම මහජන මුදලින් වැටුප් ලබන පොලිස් නිලධාරීන් මේ වයසෙදිත් කරනවාදෝ සැක සිතෙන්නේ අපට පමණද ?

:       0       5

යෝගා Wednesday, 22 September 2021 07:45 AM

කුඩ්ඩන්ගේ දේපල රාජසන්තක කරන්න. සල්ලි දේපල රැස් කරන්නනෙ කුඩු විකුණන්නේ

:       0       8

චන්දන Wednesday, 22 September 2021 07:59 AM

කිලෝ මීටරයක් දුර යනකම් අල්ලන්න බැරි වුනා කියන එකනම් හොඳ මදි. ඒ කියන්නේ සූදානම් නැහැ කියන එක. නමුත් මේ නිලධාරියා ගැන ආඩම්බරයිි ඔබට ජයෙන් ජය..

:       0       6

Kuma Wednesday, 22 September 2021 09:10 AM

රටේ වාහන සම්බන්ද සියලු තොරතුරු වෙනත් රටවල පොලිස් ස්ථානවල මෙන්ම පොලිස් ජංගම රථවල පරිගනක තුලත් තිබෙනවා. මෙම ක්‍රමය ලංකාවේ ඇතිකල යුතුයි

:       1       4

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 22 September 2021 10:01 AM

හමුදාවේ හිටපු පොලිස් ඇමතිව හමුදා සම්බන්ධ වැඩකට යොදවා පොලීසිය ගැන අත්දැකීම් ඇති අයෙකු පොලිස් ඇමැති ලෙස පත් කරන්න.

:       2       10

Mangala Wednesday, 22 September 2021 12:18 PM

හමුදාවේ හිටපු පොලිස් ඇමතිව හමුදා සම්බන්ධ වැඩකට යොදවා පොලිසිය ගැන අත්දැකීම් ඇති අයකු පොලිස් ඇමැති ලෙස පත් කරන්න.... එහෙම නම් ඉතින් දේශපාලුවෙක් දාන්න බැහැනේ. පොලිසියෙන් විශ්‍රාමගිය කෙනෙක්වම දාන්න වෙනවා. අනික හිටපු හමුදා නිලධාරියෙක් සහ පරිපාලන නිලධාරියෙක් වුණු ජනාධිපති...! හරි නම් පොලිසියත් හමුදාව වගේම හදලා ගන්න ඕනේ...

:       1       1

fairoos Wednesday, 22 September 2021 12:59 PM

පුළුවන් නම් අත්අඩංගුවට අරන් බලන්නකෝ..!

:       0       3

විජේ Thursday, 23 September 2021 06:05 AM

බීඩී - අතේ සතේ නැති එකා. සිගරැට් - යාන්තමට කීයක් හරි හම්බකරන එකා. කේජී - එදා වේල හම්බකරන් කන මෝඩයා. ගංජා - මාස් පඩි කාරයා / මද්‍යම පාන්තිකයා. අයිස් - මාස්පඩි / මද්‍යමපාන්තික බූරුවා. හෙරෝයින් - මාස් පඩි / මද්‍යම හා බාගෙට ඉහල පන්තික බූරුවා. කොකේන් - සල්ලි උතුරන එකා සහ පොර.

:       0       0

Kuma Thursday, 23 September 2021 07:14 PM

මත්ද්‍රව්‍ය ජාවාරම් කරන පොලිස් නිලධාරීන් ද කුඩ්ඩන් ලෙස හඳුන්වමු ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 795 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 920 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 381 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site