
(යොහාන් භාසුර ළහිරු හර්ෂණ)
නුගේගොඩ පිහිටි ප්‍රවාහන වෛද්‍ය ආයතන මූලස්ථානයේ සේවකයන් පිරිසක් මෙම වසරේ කපාහැරි වෛද්‍ය නිවාඩු දීමනාව ගෙවන ලෙස බලකරමින් එම ආයතනයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සවින්ද්‍ර ගමගේ මහතා කාර්යාලයේ සිර කළේය.
එම දීමනාව දෙන්නේ යැයි සභාපතිවයරාට ලිපියකට අස්සන් කරන ලෙස බලකර ඇති බව කී ප්‍රවාහන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසුවේ භාණ්ඩාගාරයෙන් කළ කපාහැරීමක් සභාපතිවරයාට නැවත දිය නොහැකි බවයි.
මෙම තත්වය හේතුවෙන් නුගේගොඩ ප්‍රවාහන වෛද්‍ය ආයතන මූලස්ථානයේ කටයුතු සේවකයන් පැය කීපයක් ඉවත්ව සිටි බවත් ආර්ථික අර්බුදය හමුවේ රටේ සියලුම ජනතාව මුහුණ දී සිටින මෙවැනි අවස්ථාවක ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවකයන් ඉල්ලා සිටීම සාධාරණ නොවන බවත් එම නිලධාරියා කීය.
ඒ පිළිබඳව සභාපතිවරයා කොහුවල පොලිසියට පැමිණිළි කර ඇති බවත් වාර්තා වේ.

COMMENTS
ඒවත් ගෙන්න ඕනලු. බදු ගෙවන්නත් බෑලු. ආර්තිකෙත් හදන්නලු. IMF එකටත් යන්නලු. හැබැයි ඒ කොන්දේසිවලට බෑ කියන්නලු. මෙහෙව් සේවකයෝ ඉන්න රටක් ලොවෙත් නැතුව ඇති. විශේෂයෙන්ම "අරගලයෙන්" පස්සේ හැමෝම හිතන්නේ නීතිය තමන් අතට ගන්න පුළුවන් කියලා. සේවක විනය කියන්නේ අනවශ්‍යම දෙයක් කියලා. රටේ අනාගතය අඳුරු වෙන්න මේවා නොසලකා හරිය නොහැකි හේතු!