(ඉන්දිකා රාමනායක)
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු සහ මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සුම් තුවාල ලබා මියගිය 16 හැවිරිදි දැරියගේ මරණය සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනවලට අදාලව ඇගේ මව පියා, සොහොයුරා ඇතුලු සිව්දෙනකුගෙන් අද (21) පැය 10 ට අධික කාලයක් ප්‍රකාශ සටහන් කරගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
කොළඹ දකුණ කොට්ඨාස අපරාධ කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් දැරිය පදිංචිව සිටි ඩයගම ප්‍රදේශයට ගොස් මෙම ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇගේ මව, පියා, සොහොයුරා හා දැරිය මෙම නිවස සදහා රැගෙන ගිය බව කියන තරව්කරුද සිටින බව හෙතම කීය.
මෙම දැරිය මරණය සම්බන්ධයෙන් මීට පෙර ද ඇගේ මව ඇතුලු 10 දෙනකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන තිබු අතර, දැරිය ලිංගික අපයෝජනයට ලක්ව ඇති බවට ඇයගේ මරණය සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී හෙළි වීමත් සමග ඇයගේ මව මව ඇතුලු පිරිසකගෙන් යළිත් ප්‍රකාශ සටහන් කරගත් බවද පොලිසිය කියයි.
COMMENTS
රිෂාඩ් බදියුදීන් නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සුම් තුවාල ලබා මියගිය බාල වයස්කාර දැරියගේ මරණය සම්බන්ධව ප්‍රශ්න රැසක් මතුව ඇතත් මේ වනවිට එම ප්‍රශ්න සඳහා කිසිඳු පිළිතුරක් ලබා දීමට පොලීසිය, සහ අධිකරණ ඇමැතිවරයා පවා අසමත්ව ඇත. එකම පිළිතුර පරීක්ෂණ පවත්වන බවකි. දැරිය රෝහල් ගත කිරීමෙන් පසු රෝහලේ වෛද්‍යවරුන්ගේ ප්‍රකාශ ඉතා වැදගත් වනු ඇත. දේශපාලකයින් මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තු පැමිණ ප්‍රජාතන්ත්‍රවාදය අමුඅමුවේ කෙළෙසමින් පමණක් නොව ඔවුන්ට ඡන්දය දුන් ජනතාව පවා දූෂණය කිරීමට කෙතරම් පහත් ක්‍රියාවක්ද? දේශපාලකයින් මෙම කටයුතු වලට සම්බන්ධ නම් හෝ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සම්බන්ධ නම් මේ වනවිට මුදල් ලබාදී එම දැරියගේ පවුලේ සමාජිකයින් නිහඬ කිරීමට පවා උත්සාහ කරනු ඇත. මෙවැනි දූෂිතයින් දූෂණ වළක්වාලීමට බලපෑම් කිරීම සහ පොලීසිය ඔවුන්ගේ වාසියට හරවා ගැනීමට අල්ලස් දීම පවා දූෂණයකි...
මෙම දැරියගේ මරණය සහ සාක්ෂි වසන් නොකොට සත්‍ය රටට ලබාදීම මාධ්‍යයේද වගකීමකි. මියගිය බාල වයස්කාර දැරියගේ මරණයේ හේතුව සහ වරද කරුවන් වසන් කළහොත් ඉදිරියේදී මෙවැනි ක්‍රියාවන් නැවත සිදුවනු ඇත. බාල වස්කර ද්‍රවිඩ දැරියගේ මරණය හෝ මිනීමැරුම ද්‍රවිඩ සහ මුස්ලිම් ජනතාව අතර අර්බුදයක් ඇති නොවන ආකාරයට දේශපාලන නායකත්වය වග බලාගත යුතුවේ. මෙම මිනීමැරුමට හුදෙක්ම වගකිව යුතුවන්නේ රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් වේ. මත්ද්‍රවය ලබාදී මෙවැනි පහත ක්‍රියාවන් කලේද කියා සොයාබැලීම වැදගත් වේ
නිතිය නොනැමේවා .යුක්තිය ඉටුවේවා
වහල් නීතියෙන් අන්තිමට කෙල්ලයි ,පවුලේ අයවයි වැරදි කාරයෝ කරයි
ගිනිගත් නැව වරාය සමග පැවැත්වූ සංවාද සියල්ල මැකී ගිහින්. එහෙම තමයි ඕවා සිද්ද වෙන්නේ. මේ සියල්ල හඩ නගන්නට ඉඩ හැරලා බලවත්තු ධනවත්තු කුලවත්තු සරුව සාධාරණ බව පෙන්නනවා. හැබැයි පක්ෂ බේදයකින් තොරව තමන්ගේ පන්තියේ එකා බේරගන්න අවශ්‍යම දෙය රහසින් කරනවා. ඔය අද හෙටම තවත් අහිංසක වතු කම්කරු තරුණයෙකු මේකට වැරදිකරු වෙලා හිරේ ගියා කියල අහන්න ලැබුනොත් පුදුම වෙන්න දෙයක් නෑ. එහෙම නැත්නම් මහා වුන්ගේ සල්ලි කන්දරාවක් වෙනුවෙන් එවැන්නෙක් ඉදිරිපත් වෙලා හිරේ යයි. වෙසක් පොසොන් හද පායන්නේ අපිට පන්සල් යන්න නොවෙයි. නිදහස් දිනය තියෙන්නේ අපට සමරන්න නොවෙයි. ඒක තියෙන්නේ මහා එවුන්ගේ හෙන්චයියලා හිර කුඩුවෙන් එලියට දාන්න. මේක මේ ආණ්ඩුවට පමණක් නොව ඕනෑම ආණ්ඩුවකට පොදුයි.
අම්මයි තාත්තයි වැරදිකරුවෝ නෙවෙුනොත් තමයි පුදුමේ
අනේ මන්ද සැකකරුවන් අත්අඩංගුවට නො ගෙන මේ විදියට අතන මෙතන හැම තැනින්ම ප්‍රකාශ ගන්න කල් මැරුවහම අර අහිංසකයට දිගටම පපුවෙ අමාරුවෙන් රෝහල් ගතව ඉන්නයි සිද්ධ වෙන්නෙ.