තරිඳු ජයවර්ධන
වව්නතිවුහිදී පොලිස් නිලධාරීන් දෙදෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාලව එක් සැකකරුවකු කිලිනොච්චි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙම සැකකරු ඊට දිනකට පෙර වව්නතිවු ප්‍රදේශයට ගොස් ඇති බවත්, ඒ හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගත්තත් නිශ්චිතවම ඔහු මේ අපරාධයට සම්බන්ධදැයි මෙතෙක් ප්‍රකාශ කළ නොහැකි බවත් පොලිසිය පවසයි.
ඊයේ දින සිට මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා කිලිනොච්චියේ ඔහුගේ නිවස අවට පොලිස් රැකවල්ලා තිබී ඇත. පොලිසියෙන් ඔහුගේ නිවසට යන විට ඔහු සිට නැති අතර ඔහු නිවසට පැමිණි පසු පොලිසිය ආවේ ඇයිද බැලීමට පොලිස් ස්ථානයට පැමිණි අවස්ථාවේ ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.
එම පුද්ගලයා 48 හැවිරිදි අයෙකි.
COMMENTS
දුත ලක්ෂණවලින් මේ පුද්ගලයා වෙන්න බැහැ කියලයි කියවෙන්නේ. මෙවන් සාහසික වැඩක් කළ පුද්ගලයා කාරණාව අසාගෙන පොලීසියට එන්නේ නැත.
අමිල හිමි ගැන වාර්තාවක් පලවෙලා තියෙනවා. කරුණාකර ඒ දේ සිංහලෙන් මහජනතාවට දන්වන්න.
බොර දියේ මාළු බාලා තම බලය රැක ගන්න පුළුවන් කියලා හිතන දුෂ්ට කොටසකගේ යටිකූට්ටු වැඩක්ද මේක?
අසරණ මිනිහෙක් වෙන්න ඇති. නැත්තන් පොලිසියෙන් ආවේ ඇයි කියල බලන්න පොලිසියට එන්නේ නෑනේ.
හරියටම වැරදිකරුවන් අල්ලා ගන්න. පරක්කු නොකර ආයුධ පෙන්නන්න එක්ක යන්න ....