(ඉන්දිකා රාමනායක)
අමාත්‍ය රවුෆ් හකීම් මහතා ජාතික කවුහිත් ජමාද් සංවිධානයේ නායකයාව සිටි සහරාන් හෂීම් සමඟ 2015 පැවැත්වූ බව කියන සාකච්ඡාවක් සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් කළ මුස්ලිම් අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති මොහොමඩ් මිෆ්ලාල් මවුලවිවරයාගෙන් පොලිසිය අද (25) පැය 4 ට අධික කාලයක් ප‍්‍රකාශ සටහන් කරගෙන ඇත.
අපරාධයක වින්දිතයන්ගේ හා සාක්ෂිකරුවන්ගේ සහායක සහ ආරක්ෂක කොට්ඨාශය විසින් මෙම ප‍්‍රකාශය සටහන් කරගෙන තිබුණි.
පොලිසිය කළ දැනුම් දීමක් මත මවුලවීවරයා අද පෙරවරු10.00 ට එහි පෙනී සිට ඇති අතර මෙම ප‍්‍රශ්න කිරීම පස්වරු 2.00 දක්වා පැවැත්විණි.
සහරාන් හෂීම් සහ රවුෆ් හකීම් අමාත්‍යවරයා අතර 2015 මහමැතිවරණ සමයේදී සිදුකර ඇතැයි පැවසෙන සාකච්ඡාවක දර්ශන සහිතව මවුලවීවරයා ඉකුත් (18) දින පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසිය නීතියත් එක්ක සෙල්ලම් කරනවා. පැමිණිල්ල දාපු කෙනා විතරද වැරදි දැන්...?
හකීම් බේරගන්න ආණ්ඩුව දරන වෙහෙසක්...!!! දැන් ඉතාම පැහැදිලි පාස්කු ප්‍රහාරය පස්සේ හිටපු දේශපාලුවන් කවුද කියලා...
හකීම්ගේ ඡන්ද ටික ගන්න දාන සෙල්ලම් ටික... හකීම් යහපාලන නායකයා වගේ. චම්පික රණවක මහතාගේ කටවල් වැහිලා වගේ...
සහරාන්ලා වෙන්න ඇති සීඅයිඩී එකේ අයට පඩි ගෙවන්නේ...!
ගෝඨාභයත් ඔය කියන හාදයා එක්ක ෆොටෝ අරන් තියෙනවා. එතකොට ඔය කියන මහත්තයත් හවුල් ඇති ඕකට. ඔය කියන මව්ලවිවරයා මහින්ද මහත්තයට සහයෝගය දුන්නා කියලා කවුරුත් දන්නා ප්‍රසිද්ධ රහසක්...
පැමිණිලිකරු මෙලෙස තාඩන පීඩනයට ලක් කිරීම යුක්තිය පසිඳලීමද? හකීම්ගෙන් කිසිඳු ආකාරයක ප්‍රශ්නකිරීමක් කළ බව අපට දැනගන්න නැහැ. සහරාන් සමග ඡායරූපයකට පෙනී සිටීම සහ සීඩී තැටියක් ළඟ තබා ගැනීම නිසා මාස ගණන් රිමාන්ඩ් කරන ලද තරුණයින්ට සහ හකීම්ගේ භූමිකාව වෙනස් වන්නේ කුමන ආකාරයකටද? වහාම හකීම් අත්අඩංගුවට ගෙන පරීක්ෂණ කළ යුතුයි. නීතිය හැමටම එකසේ ක්‍රියාත්මක වියයුතු බව අවධාරණය කරමු...
බැසිල්ගේ යාලුවෙක්ද කියලා හොයලා බලන්න ඕනේ...?
කොහොමත් තව ටික කාලෙකින් ලස්සනට කියාවි පල්ලි වල බෝම්බ පිපුරුවේ කතෝලිකයෝ, හෝටල් වල බෝම්බ පිපුරුවේ හෝටලේ කළමනාකරණය විසින් රක්ෂණ වන්දි බලාපොරොත්තුවෙන්. ඔන්න ඔය වගේ දේවල්...