IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


සැම්සුන් ගැලැක්සි A52 සහ A72 දැන් ශ්‍රී ලංකාවේ

Samsung නවතම Galaxy A52 සහ Galaxy A72 ශ්‍රී ලංකාවේ වෙළඳපොළට නිකුත් කර තිබේ. ප්‍රබල කැමරා ආකර්ෂණීය නිමාව සහ අලංකාර තිරයක් සමගින් එන නවතම Galaxy A Smart දුරකථන පෙළ ස්මාර්ට් දුරකථන පරිශීලකයකු අපේක්ෂා කරන සියලු පහසුකම් ආකර්ෂණීය මිලකට ලබාදෙන බව එම සමාගම කියයි.

Galaxy A52 සහ Galaxy A72 Smart දුරකථන දෙකම සරළ මෙන්ම භාවිතයට පහසු Soft edge නිමාව අවම කැමරා ආවරණය සහ ආකර්ෂණීය වර්ණ සමගින් නිමවා ඇත. මෙම දුරකථන Awesome Black සහ Awesome Blue යන වර්ණවලින් වෙළඳපොළට පැමිණෙන අතර වෙනත් දුරකථන මෙන් නොව IP67 ශ්‍රේණිගත කිරීම සමගින් එන Galaxy A52 සහ Galaxy A72 දූවිල්ලට සහ ජලයට ඔරොත්තු දීමේ හැකියාවෙන් යුක්ත බව සැම්සුන් සමාගම සඳහන් කරයි.

Super AMOLED Infinity – O තිරයෙන් බාධා නොමැතිව වීඩියෝ නැරඹීමට හැකි වේ. Nits 800ක දීප්තියක් ඇති බැවින් එළිමහනේ වුවද වීඩියෝ නැරඹීමට සහ සමාජ ජාලවල යෙදීමට බාධාවක් නොවේ. Galaxy A52 අගල් 6.7 ක තිරයකින් සමන්විත වේ.

Galaxy A52 හි ඇති 4500mAh බැටරිය සහ Galaxy A72 හි 5000mAh බැටරිය හේතුවෙන් කිසිදු බාධාවක් හෝ වේගය අඩු වීමකින් තොරව කැමති පරිදි දින 2ක් දක්වා දුරකථනය භාවිත කිරීමට හැකියාව ලැබේ. එසේම මෙහි ඇති Adaptive Power Saving හැකියාව මගින් දුකරථනය භාවත කිරීමේ දී බැටරි භාවිත චර්යාවන් අධ්‍යයනය කර ඒ අනුව හැඩගැසෙයි. මෙම දුරකථන භාවිත කිරීමේ දී බැටරි භාවිත චර්යාවන් අධ්‍යයනය කර ඒ අනුව හැඩ ගැසෙයි. මෙම දුරකථන 2.2GHz octa – core Qualcomm Snapdragon 720G 8nm Processor මගින් බලගැන්වී තිබේ. ප්‍රබල gaming අත්දැකීමක් සහ වැඩි කාර්ය සාධනයක් සඳහා මෙහි Game Booster විශේෂාංගය ද අන්තර්ගත වේ.

Galaxy A52 GB+128GB කාණ්ඩය රු. 74,999ක් දGalaxy A72 8GB + 128GB කාණ්ඩය රු. 89,999/-ක් ද වන අතර ලංකාවේ ප්‍රථම වරට මෙම මිල කාණ්ඩය තුළ හඳුන්වාදෙන 8GB + 256GB දුරකථනය රු. 99,999/- කට ද ලබාගැනීමේ හැකියාව ඇත.

 



අදහස් (0)

සැම්සුන් ගැලැක්සි A52 සහ A72 දැන් ශ්‍රී ලංකාවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 943 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1017 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 405 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site