(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මරණීය තර්ජන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනෙක් පාර්ලිමේන්තුවේදී ඊයේ (9) වරප්‍රසාද ප්‍රශ්න මතු කළහ.
මෙසේ වරප්‍රසාද ප්‍රශ්න මතු කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ වසන්ත යාපා බණ්ඩාර සහ දිගාමඩුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී වෛද්‍ය තිලක් රාජපක්ෂ යන මහත්වරු වෙති.
වසන්ත යාපා බණ්ඩාර මහතාට මරණීය තර්ජන එල්ල වී ඇතැයි පැවසෙන්නේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීමට පෙරය. තිලක් රාජපක්ෂ මන්ත්‍රීවරයාට එම ඡන්ද විමසීමට පසු මරණීය තර්ජන එල්ලවී ඇතැයි කියති.
අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්දයට පෙර ඉකුත්දා 13 වැනිදා තමාට කිසියම් පුද්ගලයකු තර්ජනය කර බැන වැදුණු බවත් මේ සම්බන්ධයෙන් මෙතෙක් නීතිය ක්‍රියාත්මකවී නැති බවත් වසන්ත යාපා බණ්ඩාර මහතා වරප්‍රසාද ප්‍රශ්නය මතු කරමින් පැවසීය.
තමාට මේ තර්ජනය ආවේ පසුගිය ජනාධිපතිවරණයදී ගත් තීරණය නිසා දැයි සැකයක් මතුවන බවද ඔහු සඳහන් කළේය.
මෙහිදී අදහස් දැක්වූ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේ මන්ත්‍රීවරයාගේ පැමිණිල්ල පොලිස්පතිවරයාට දැනටමත් යොමුකර ඇති බවයි.
ඉන් අනතුරුව වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය තිලක් රාජපක්ෂ මහතා පැවසුවේ පසුගිය ජුලි මස 29 වෙනිදා තමාටද කිසියම් පුද්ගලයෙකු දුරකතනයෙන් තර්ජනය කළ බවයි.
හෘද සාක්ෂියට එකඟව වැඩ කරන පුද්ගලයකු වන තමා මේ තර්ජනය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට පැමිණිලි කළ බවද හෙතෙම සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බව ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසීය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
මරණ තර්ජන ගැන මන්ත්‍රීවරුන් දෙදෙනකුගෙන් කතානායකට පැමිණිලි