(ඩී.ජී.සුගතපාල)
දඩල්ල මුහුදු වෙරලට පැමිණෙන පෙම්වතුන් බියට පත්කර මුදල් හා රන් භාණ්ඩ කොල්ලකෑම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරුවෙකු 23 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර් ෂණ කැකුණවෙල මහතා නියෝග කළේය.
මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබුවේ වැල්ලගේ මහේෂ් නමැති විසිඑක් හැවිරිදි තරුණයෙකි.
පෙම්වතුන්ගෙන් කොල්ලකන ලද ජංගම දුර කතන දෙකක් සහ රන් භාණඩ උගස් කරන ලද රිසිට් පත් රැසක්ද සැකකරු සන්තකයේ තිබි සොයාගෙන ඇත.
පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි ඇත්තේ සැකකරු මුහුණ ආවරණය කරගෙන වෙරලට පැමිණ එහි සිටින පෙම්වතුන්ට පිහියක් පෙන්වා බියට පත්කොට ඔවුන්ගේ මුදල් හා රන් භාණ්ඩ කොල්ලකෑමේ යෙදි ඇති බවය.
මෙසේ පැමිණෙන පෙම්වතුන් රැසක් නිවෙස්වලට හොරෙන් පැමිණ ඇති නිසා ඔවන් බියට හා ලැජ්ජාවට පත්විම නිසා පොලිසියට පැමිණිලි කර නොමැති බවත් දොඩංදුව හා වඳුරඹ ප්‍රදේශවලින් පැමිණි පෙම්වතුන් කිහිප දෙනෙකු විසින් පොලිසියට කරනලද පැමිණිලි අනුව සැකකරු අත් අඩංගුවට ගැනිමට හැකිවු බවත් පොලිසිය පවසයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.