
(විශ්ව ගැමුණු ප්‍රියංකර)
අධ්‍යාපන අමාත්‍යාංශය හා දුරකතන සමාගමක් එක්ව වලල්ලාවිට, දොඩම්පාපිටිය කනිෂ්ට විද්‍යාලයේ දරුවන්ට ඉකුත් දා ලබාදුන් ලැප්ටොප් පරිගණක 10කින් පහක් නැවත රැගෙන ගොස් ඇති බවට එම දරුවන්ගේ දෙමාපියෝ චෝදනා කරති.
මතුගම කලාපයේ පාසල්වල ඉගෙනුම් පහසුකම් නැංවීමේ වැඩසටහන යටතේ මෙම ලැප්ටොප් පරිගණක යන්ත්‍ර එම දරුවන්ට ලබාදී ඇත්තේ අධ්‍යාපන ඇමති මහාචාර්ය ජී.එල් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදීය.
එහිදී දරුවන්ට ඒවා ලබාදීම, දරුවන් ඒවා පරිහරණය කරන ආකාරය වීඩියෝගත කිරීමෙන් සහ ඡායාරූප ගැනීමෙන් පසු යන්ත්‍ර පහක් යළි රැගෙන ගිය බවත්, ඉතිරි කර ගිය යන්ත්‍ර ද ගුරුවරුන් සිය නිවෙස් වෙත රැගෙන ගිය බවත් දෙමාපියෝ සඳහන් කරති.
අධ්‍යාපන අමාත්‍යවරයා මෙන්ම අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න, මතුගම කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ ලාල් දිසානායක යන මහත්වරුන් ද මෙම උත්සවයට සහභාගී වී සිටියහ.
මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී මතුගම කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ ලාල් දිසානායක මහතා පැවසුවේ මතුගම කලාපයේ පාසල්වල ඉගෙනුම් පහසුකම් නැංවීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන යටතේ මෙම පාසලට හිමිවන්නේ ලැප්ටොප් පරිගණක යන්ත්‍ර පහක් සහ එක් ප්‍රක්‍ෂේපන යන්ත්‍රයක් පමණක් බවය.
දොඩම්පාපිටිය පාසලේ ඉගෙනුම ලබන දරුවන් 51 දෙනා අතරින් 4 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන තෝරාගත් දරුවන් කිහිප දෙනෙකුට එම යන්ත්‍ර සංකේතාත්මකව ලබාදී දරුවන්ගේ ඉගෙනුම් කටයුතු සඳහා යෙදවීමට ගුරුවරුන්ට භාරදුන් බව ද ඔහු සඳහන් කළේය.
පාසලට ලැබුණේ ලැප්ටොප් පරිගණක පහක් පමණක් වුවත් ඒ මොහොතේ එතැන සිටි දරුවන් දස දෙනකුට සංකේතාත්මකව පරිගණක ලබාදුන් බවත් එය වරදවා වටහාගත් දෙමාපියන් ගමෙහි වැරදි මතයක් ඇතිකරමින් යන බවත් ඔහු කීවේය.
මෙම දරුවන්ට මේ ආකාරයෙන් හෝ පහසුකම් ලැබීම ගැන ඔවුන් සතුටු විය යුතු බව ද කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා පැවසීය.

COMMENTS
ඒ කියන්නෙ ඇමතියත් අන්දලා...
එකක් දුන්නත්, ඒක ඒ විදිහට දුන්නා නම් ඉවරයිනේ... ඇයි ෂෝ එකට වැඩකරන්නේ...?
සංකේතෙට දීලා ඒක ප්‍රචාරය කර ගන්නම දුන්නා වගේ... ලැජ්ජයි එදිරිමාන්න මහත්මයා, ඔබ කතා කරන්නේ සියල්ල දන්නා නීතිගරුක මහතෙක් වගේ. මේවගේ ළමුන් රැවටීමට හවුල් වීම කොතරම් නරකද? ළමුන් සමාජ වෛරකරුවන් නොකරන්න. වහාම ඔබගේ පෞද්ගලික මුදලින් යන්ත්‍ර ලබාදී වැරුද්ද නිවැරැදි කරන්න. ඔබ රාජපක්ෂවරු ඉදිරිියේ දක්වන ප්‍රතාපවත් බව රැකගන්න.
සංකේතාත්මකව එකක් දෙන්න තිබ්බ එකේ 10ක් දුන්නේ මොකටද?
දේශපාලනය කරන මාමලා ඔහොම තමයි පුතේ... එයාලා භාගයක් හොරකම් කරගෙන ඉතුරු භාගෙ තමයි අනිත් අයට බෙදලා දෙන්නේ...
ළමයින්ට දීලා ආපසු ගත්ත එක නම් හරිම කැතයි. ළමයිනුත් පොඩිකාලේ යාලුවන්ට දීලා ආපසු ඉල්ල ගන්නවා. මේකත් ඒ වගේ වැඩක්... සංකේතට එකක්ම දීලා පෙන්නලා ගියා නම් ඉවරයිනේ.. දුන් දේ සුවඳයි ආපසු ගත් දේ ගඳයි. ඕවාට තමයි කියන්නෙ කොළේ වහලා ගහන වැඩ කියලා... උඩින් ඔපේ; යටින් හපේ.
පන්සලේ අට පිරිකර වගේ නේද?
රටේ නායකයාගේ රිවස් වැඩ ගමටත් ඇවිල්ලා වගේ...
ලාල් දිසානායක ඔබේ DNA පරීක්ෂාවක් කරගන්න. ඔබට අවශ්‍ය නම් මට පුළුවන් ඔබට උදව් කරන්න.
සුනාමි වෙලාවේ ජනාධිපති මන්දිරයේ ස්ථාපිත කරපු මෙහෙයුම් කාර්යාලය හරහා ලංකාව පුරා සුනාමි මෙහෙයුම් කටයුතු වෙනුවෙන් ඉබ්ම් ආයතනය ලැප්ටොප් 980ක් ලබා දුන්නා. ඉන් 50ක් ප්‍රයෝජනයට ගත්තා. ඉතිරි 950ට වුණු දෙයක් නැහැ. ඉබ්ම් ආයතනය පසුව දැඩි අප්‍රසාදය පල කළා. ඒ කළෙත් මේ සෙට් එකම තමයි.
මේ යක්කුන්ට ඒ උත්සවයට යන්න වුණු වියදමෙන් තවත් කොම්පියුටර් 5ක් විතර ගන්න තිබුණා. මෙයාලාට ඕනෑ මේ උත්සවේ ෆොටෝ ටිකක් ගහගෙන ඊළඟ මැතිවරණයට ගෙවල් ගානේ ගිහින් බෙදන පොතේ තමන්ගේ පින්තූරේ දාගන්න.. මේක තමයි මේ හැමෝම කරන්නේ.. ලැජ්ජයි...
ගොනාට ඇන්දවීම පොඩිකාලේ ඉඳලාම පුරුදු කරන්න ඕනේ දෙයක්. 10ක් ගෙන්වනවා වගේ පෙන්නලා 05ක් දීලා... මේ කෙරුවේ ඒකයි. නැතිනම් මේ ගොල්ලෝ ලොකුමහත් වුණාම ගොනාට ඇන්දවීම අමාරු වෙනවා. මේක දරුවන්ටත්, දෙමව්පියන්ටත් හොඳ ඉඟියක් ඒ ගොල්ලන්ගේ අනාගතය ගැන...
කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමනි, හැබැයි උම්බෑ කියන්න එපා...
පන්සලේ පරිගණක 6න් 2ක් කැඩිලා කිව්වම ඉතුරු 3 ගලවලා බැලුවේ නැද්ද කියලා අහපු රාජ්‍ය නායකයෝ ඉන්න රටක් මේක.
උඩ දාගෙන ඡන්දෙ දුන්න අම්මලා, තාත්තලාට විලි ලැජ්ජාවේ, සන්තෝසේ බැරුව ඉන්නවා ඇති ඉතින්... ළමයි 4ක් විතරද ඉගෙන ගන්න ඕනේ...? අනිත් ළමයි උඩ බලන් ඉන්නවා. එහෙමද? අනේ ඉතින් මේ අධ්‍යාපන අධ්‍යක්ෂතුමෙක් කියාගන්න පොරක්නේ මෙහෙම කියන්නේ... මෙයාවත් පාර්ලිමේන්තුවට තමයි යවන්න සුදුසු...