(ජේ.කේ.එල්. චාමින්ද)
ලොරි රථයක බැටිරිය අක්‍රියවිම නිසා බැටිරි ඇසිඩ් මාරුකිරිමට පැමිණි තිදෙනකු සමග මත්පැන් පානය කරමින් සිටි ගරාජ් බාස්වරයකු වූ දෙදරු පියකු අත් වැරදිමකින් බැටරි ඇසිඩි පෙවිම මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මිය ගොස් ඇත්තේ ගාල්ල බටදුව පුර්වාරාම මාවතේ පදිංචි 53 හැවිරිදිවියේ පසුවන දෙදරු පියෙකු වන ගරාජ්බාස්වරයෙකි. හදිසිමරණ පරික්ෂණය ගාල්ල නාගරික හදිසි මරණ පරික්ෂක වෛද්‍ය බි.ජි.එන් කරුණාතිලක මහතා විසින් කරාපිටිය ශික්ෂණ රෝහලේ දි පවත්වනලදි.
ලොරි රථයේ බැටිරි ඇසිඩි මාරුකිරිම සදහා ලොරි රථයේ හිමිකරු තවත් දෙදෙනකු සමග මෙම ගරාජයට පැමිණ ඇත. මොවුන් නිතිවිරෝධි මත්පැන් බෝතලයක් හා ඇසිඩ් බොතල් 02ක් රැගෙනවිත් ඇත. බැටිරිය චාජ්කිරිමේ උපකරණයට සවිකොට තිබියදි මොවුන් තිදෙනා ගරාජ්බාස්වරයා සමග මත්පැන් පානය කොට ඇත. නිතිවිරෝධි මත්පැන් හා බැටිරි ඇසිඩ් සෝඩා බෝතල්වල දමා රැගෙනවිත් ඇත. වැරදිමකින් මත්පැන් වෙනුවට බැටිරි ඇසිඩි පෙවි ඇති බව පරික්ෂණවලදි අනාවරණය වි ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
-
බැටරියට ඇසිඩ් දැම්මාම නව ජීවයක් එනවා. ගරාජ් බාස් කසිප්පු බිව්වා නම් එයාටත් නව ජීවයක් එනවා. දෙක මාරුවුණාම දෙන්නම කපෝතියි.
හරිම ජොලි වැඩේ තමයි...!!!
ඕක තව ටිකක් රස කරලා දෙයියෝ සාක්කි එකට දැම්මා නම් ඉවරයිනේ...
සෞභාග්‍යයේ දැක්මට පින් සිදුවන්නට, අද වනවිට ලංකාවේ ජාතික පානය කසිප්පු බවට පත්ව ඇත...!