
නිරෝධායන නීති කඩ කරමින් ෂ්‍රැංගිලා හෝටලයේ උපන්දින සාදයකට සහභාගී වුණැයි එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් අධිකරණයෙන් ඇප හිමිවී තිබියදී, තමන් ඇතුළු 21 දෙනා නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කිරීම සම්බන්ධයෙන්, රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සම නිරූපිකා පියුමි හංසමාලී ඔවුන්ගේ නීතීඥවරුන්ගේ මාර්ගයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කළේය.
නිරෝධායන නීති කඩ කිරීම සම්බන්ධයෙන් පියුමි සහ චන්දිමාල් යන දෙදෙනාම අත්අඩංගුවට ගත් නමුත් ඇප ලැබීමෙන් පසු ඔවුන් නිදහස් කරන ලදී.
කෙසේ නමුත්, චන්දිමාල් සහ පියුමි ඇතුළු උපන් දින සාදයට සහභාගී වූ 21 දෙනා නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කෙරුණි.
නිරෝධායන මධ්‍යස්ථානයේ දී ජන්දිමාල්, පියුමි හංසමාලි ඇතුළු පිරිස පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු කළ බවත්, ඔවුන් කිසිවකුට වයිරසය ආසාදනය වී නැති බව තහවුරු වූ බවත් වාර්තා වේ. ඒ අනුව පිරිස (16) අද දිනයේ නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටව යෑමට නියමිතය.
සිදුවුණු ඇන්දෝලනාත්මක සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වන්නැයි බොහෝ මාධ්‍ය තමන්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි පියුමි හංසමාලි ඩේලිමිරර් පුවත්පත සමඟ පවසා ඇත. තමන් සහ චන්දිමාල් නීතියට අනුව කටයුතු කරමින්, මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමට සූදානම් බව පියාමි හංසමාලි ඩේලිමිරර් පුවත්පත සමඟ පැවැසුවේ එම අවස්ථාවේදීය.
COMMENTS
අනේ කියන තැනකට වඳින්නම්. ඔය දෙන්නාගේ නිව්ස් නම් ආයේ මේකේ දාන්න එපා. ඔය ඕනතරම් නිව්ස් තියෙන්නේ...
තෙල් නාටකය අවසන්... මිනිස්සුන්ගෙ ඇත්ත ප්‍රශ්න යට ගහන්න, ඊළඟ නාටකයට තිර පිටපත සූදානම් වගේ...
ගෑස් මිලත් ළඟදී වැඩිවෙයි වගේ...
මේ මෝඩ චූන් එපා... මේ ගොල්ලො නිකම් තුට්ටු දෙකේ කාසි... නිරපරාදේ ප්‍රවෘත්ති සපයන්න එපා. අපේ කාලේ නාස්ති කරන එක අපරාධයක්...
ඇත්තටම මෙය මිනිසුන්ට වැදගත් ප්‍රවෘත්තියක්ද...? මෙහෙමත් අයගේ විස්තර අපට මොකටද...?
කරුණාකරලා වැඩකට නැති දෙන්නගේ නිවුස් දාන්න එපා. මේවා පුවත්ද? මේ දෙන්නාගෙන් රටට ඇති ඵලය කුමක්ද?
ජපානය ඇතුළු මැද පෙරදිග රටවලට, පච්ච කොටපු අයට වීසා දෙන්නේ නැහැ.
කවුද මේ අය පින්තූර දාගෙන ප්‍රවෘත්තියක් ඵලකරන්න තරම් වටිනා දෙන්නෙක්ද? මටනම් පේන්නේ මෙයාලා සල්ලි වියදම් කරලා කරන්න ආවා වගේ... වටිනා දේවල් දාන්න..
පියුමිට අපි ඔනි වෙලාවක අත දෙනවා
සමස්ත ප්‍රතිචාර ගත් කල රටට වැඩක් නැති මිනිසුන්ගේ හිස් වැඩ ගැන පුවත් පල කිරීම නොවටිනා කාර්යයක් බව වැටහේ.
සල්ලි තිබුනට වැඩක් නැ
කොරෝනා නිරෝධායන නීතිරීති... මානව හිමිකම් කොමිසමට වඩා බලවත් බව කරුණාවෙන් සලකන්න.
රටේ මිනිස්සු විශාල අමාරුවක වැටිලා තිබෙන අවස්ථාවක තරු 05 හෝටලයක උපන්දින පාටි දමන මෙවැන්නන් යැවිය යුත්තේ නිරෝධායනයට නොව සිරගෙටයි. මෙවැනි අමනයින්ගේ පුවත් ඕනෑම නෑ.
නිරෝධායන වන හැමෝම මානවහිමිකම් යන්න හදයිද දන්නැ
මට නිතිය ගැන දැනුමක් නැහැ.මට හිතෙන්නේ අධිකරණයේ ඇප ලැබුණේ පුද්ගලයන් එක් රැස්වීම තහනම් විටෙක නීති කඩකිරීම සම්බන්ධයෙන් වූ වරදටයි. නිරෝධායනයට යොමු කෙරුනේ, රටේ පවත්නා තත්ත්වය මත යාම ආකාරයෙන් අලුත් පොකුරක් නිර්මාණය වීම වලක්වාලීම සඳහායි .(සෞඛ්‍ය නීති මත)ඒ නිසා අධිකරණ තීන්දුවට අභියෝග කිරීමක් සිදු වී නැහැ.ඒ මානව හිමිකම් යාමේ තේරුමක් නැහැ .
අනේ ඇත්තටම වෙන නිවුස් නැද්ද
මෙතන මානව හිමිකම් කඩලා තියෙන්නේ මේ අයයි. මොකද කොරෝනා පවතින කාලයක සමූහයක් එක්රැස් කරලා, නිරෝධායන නීති උල්ලංඝනය කරලා අනෙක් මිනිස්සුන්ට ජීවත් වීමට ඇති අයිතියට තර්ජනයක් වන ක්‍රියාවක් හිතාමතාම කරලා තියෙනවා...
මානව හිමිකම් කොමිසම මේ දෙන්නට හොඳටම ගැලපෙනවා. එ්කේ පරමාර්ථයත් මේ වගේ ගොබ්බයින්ට සහාය වෙලා අපේ ජාතිය, ආගම, සංස්කෘතිය විනාශ කරන එක...
ලංකාදිප පුවත්පතට මම ගොඩක් කැමැතියි... ඒත් මේ වගේ නිවුස් නම් නොදැම්මා නම් හොඳයි. තවදුරටත් හොඳ පුවත් දාන්න...
මෙන්න අලුත්ම නිවුස් එක... බල්ලෙක් මහපාරේ අයිනේ තැන නොතැන නොබලා මොකක්දෝ එකක් කරලා... කාටද මන්දා ඒවා පෑගිලා..