IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ත්‍රීවීල් ගාස්තුවත් පහළට


ත්‍රීරෝද රථ ගාස්තුව  ලබන 26 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 10 කින් අඩු කිරීමට  තීරණය කර ඇතැයි   ප්‍රවාහන  සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද ( 24) පැවසීය.
 

සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ හා හිමිකරුවන්ගේ සංගමයේ නියෝජිතයින්  සහ අමාත්‍යවරයා අතර පැවැති හමුවකදී මෙම තීරණය  ගෙන තිබේ.
 
මුල් කිලෝමීටරයට අය කරන රුපියල් 60ක ගාස්තුව රුපියල් 50 දක්වා අඩු කිරීමට මෙහිදී තිරණය වී තිබේ. 
 
එමෙන්ම සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහනය කිරීමේ සංගමයද පාසල් ළමුන් ප්‍රවාහනයේදී අය කරන ගාස්තුව 3% කින් අඩු කරන බවද  එහිදී දැනුම් දී තිබේ.
 
ප්‍ර‍වාහන සේවය ලාභ ලබන අංශයකට වඩා මහජනතාවට සහන ලබා දෙන සේවාවක් ලෙස ප්‍ර‍වර්ධනය කිරීමේ අරමුණින් මෙලෙස කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
 
(36698)



අදහස් (4)

ත්‍රීවීල් ගාස්තුවත් පහළට

Rohitha Monday, 24 December 2018 01:17 PM

අපි ඉන්නේ කලගෙඩිහේන පැත්තේ, වැඩිවෙනකොට නම් වැඩි කරා ඒ වුනාට තවම අඩු නං නෑ .

:       0       50

menna Monday, 24 December 2018 01:29 PM

ත්‍රීවීල් ගාස්තුව පහළට දානවා වගේ ත්‍රීවීල් වල ප්‍රමාණයත් පහළට දැම්මොත් හොඳයි. දියුණු වෙන රටක් නම් හිතුන හිතුන වෙලාවට දුවන මානසිකත්වය අඩු කරලා හොඳ කළමනාකරණයක් වූ කාල සටහනකට වැඩ කරොත් හොඳයි කියලා හිතෙනවා.

:       0       90

karthini Monday, 24 December 2018 04:40 PM

ත්‍රීවීල් ආනයනය කිරීම 2019 දී නවතා දමන්න !

:       4       67

kumara Tuesday, 25 December 2018 02:53 AM

දුප්පත් මනුස්සයාගේ හිතවතා තමා ත්‍රීවිල් රථය... ආයෝජනය කිරිමෙිදි ශ්‍රී ලාංකික ජනතාව හට සහන මිලකට අලෙවි කිරීම සඳහා ආයෝජනය කිරිමට සුදුසු බැව් යෝජනා කරමි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 225 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 975 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site