(නාලක සංජීව දහනායක)
එක්සත් ජාතික පක්‍ෂයේ සියලුම දෙනා එකට එක්වී ජනාධිපතිවරණයට ප‍්‍රබලයකු ඉදිරිපත් කළද ඔහුට තම පක්‍ෂය සාර්ථකව මුහුණ දෙන බව ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (02) පැවැසිය.
එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ බහුතර පිරිසකගේද සහය ලැබෙන බැවින් ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 50 % කට වැඩි ඡන්ද ප‍්‍රතිශතයක් නියත වශයෙන්ම ලබාගන්නා බවද ඔහු කීය.
මන්ත‍්‍රීවරයා මෙසේද පැවැසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහසමුළුව මේමස 11 වැනිදා පැවැත්වීමට සියලූම කටයුතු සූදානම් කරමින් තිබෙන බව කී පතිරණ මන්ත‍්‍රීවරයා පක්‍ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතාගේ මූලිකත්වයෙන් ඒ සඳහා වූ අවසන් කටයුතු මේ දිනවල සිදුවෙමින් තිබෙන බවද ඔහු කීය. ජනාධිපතිවරණයේදී ජනතාවට ඉදිරිපත් කරනු ලබන තම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය සැකසීම සම්බන්ධයෙන් මේ වනවිටත් වෘත්තීයවේදීන් විසින් සාකච්ඡා ආරම්භ කර තිබෙන බවද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු ප‍්‍රධාන කාර්යාලයේදී අද (02) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
502
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
471
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘එජාපයෙන් ප්‍රබලයකු ආවත් ශ්‍රීලනිපයත් ජනාධිපතිවරණයට සාර්ථකව මුහුණදෙනවා’