(ඩී.කේ.රත්න)
ගුරුතලාවේ පාලසක සිසුන් පිරිසකට සහ ගුරුවරු පිරිසකට වෑන් රථයකින් පැමිණි කණ්ඩායමක් පහරදීමෙන් ගුරුවරුන් තිදෙනෙකු සහ සිසුන් අට දෙනෙකු තුවාල ලබා අද (07) බොරලන්ද ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇතයි බෝගහකුඹුර පොලිසිය පවසයි.
මෙම පිරිස ක්‍රීඩා තරගයක් අවසාන වී පා ගමනින් නැවත පාසලට පැමිණෙමින් සිටියදී ගල්ඒදණ්ඩ 6 කණුව ප්‍රදේශයේදී වෑන් රථයකින් පැමිණි පිරිසක් මෙම පහරදීම සිදු කර ඇති බව පොලිසිය පැවසීය.
මෙම පහරදීමට මෙතෙක් හේතුවක් අනාවරණය වී නොමැති බවත් පහරදුන් පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ෂන කටයුතු ආරම්භ කර ඇති බවත් බෝගහකුඹුර පොලිසිය කියයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.