
(සුජිත් හේවාජුලිගේ )
රටම අමාරුවෙ වැටුණේ කරන්න බැරි දේවල් කිරීමට යෑම නිසා යැයි රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවැසීය.
ආහාර අර්බුදයට අදාල විෂයභාර ඇමැතිවරුන් සහ ප්‍රතිපත්තිමය තීන්දු ගත් පුද්ගලයන් වගකිව යුතු බවද හෙතෙම සඳහන් කළේය.
බඩු මිල වැඩි වීමට වෙළෙඳ ඇමැති කෘෂිකර්මඇමැති, ආහාර ඇමැති වගකිවයුතු බව පැවසූ ප්‍රේමජයන්ත මහතා කෘෂිකර්ම ඇමැති සම්පූර්ණයෙන්ම "ෆේල්" ( අසමත්) බවද ප්‍රකාශ කළේය.
රටේ ඩොලර් නැතිනම් ඒවාට වගකිව යුතු වන්නේද ඩොලර් නැති කළ අය බව ඔහු පෙන්වා දුන්නේය.
පොහොර ටික නැති කළාම බඩු මිල ඉහළ යන එක කියන්නත් දෙයක් දැයි මෙහිදී ප්‍රකාශ කළ රාජ්‍ය අමාත්‍යවරයා ආණ්ඩුවේ සිටියත් ප්‍රතිපත්ති තීන්දු ගන්න ස්ථානවල තමා නැතැයිද සඳහන් කළේය.
තමා බංකුවක තබා සිටින බවද හෙතෙම කීවේය.
මේ ප්‍රශ්නවලට විසඳුම් දිය හැකි කාලය ඉක්මවා ගොස් ඇති බවත් දැන් මේවාට විසඳුම් දිය හැක්කේ වෙනත් කණ්ඩායමකට බවත් සුසිල් ප්‍රේමජයන්ත මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
අනේ සර් මටත් ඇමැති කට්ටක් දෙන්න කියලා කෙලින්ම කියන්නකෝ... ඔච්චර ඇඹරෙන්නේ නැතුව..
මම ඔක්කොම විභාග සමත්නේ.. එ් නිසානේ අනිත් එකා අසමත් කියන්නේ... නොදකින් මෙහෙමත් දේශපාලුවන්... අනිත් එකා සමත්ද? අසමත්ද? හොයන්න ඉස්සෙල්ලා තමන් මොකකින්ද සමත් කියලා පුරවැසියනට කියලාම පටන් ගත්තොත් හොඳනැද්ද අයියේ... ඔයා කියන්නකෝ බලන්න මම මේ දෙය රට වෙනුවෙන් කළා.. මේ දේ අවංකව කළා. එහෙමනම් වැදගත් මිනිසුන් ක්‍රියා කරන්නේ...
තවත් සර්ට කඩේ ගිහිල්ලා ලංකාව බංකොළොත් කළාම අනිත් පැත්තට පනින්න වෙන්නැති....
මෙයාට තියෙන්නේ තමන්ට ගසා කන්න ඇමතිකමක් නැතිකම...
මෙයත් ඒ වල්ලෙම පොල්, මෙයා තෙල් ඇමති වෙලා ඉන්න කාලේ බාලතෙල් ගෙනැල්ලා කොමිස් ගහලා වාහනවලට කරපු කෙලිය අපිට අමතක නෑ කොල්ලෝ... මෙයාගේ තව වික්‍රමයක් තමයි අධ්‍යාපන ඇමති කාලේ උත්තර පත්‍ර වෙලාවල් වල තිබුණා. ඔක්කොම එකයි.. මක බෑවිලා පලයල්ලා...
ගිලෙන නැවෙන් මීයෝ පනිති..
කරුණාකර අපට පව් නොදී අලුත් කණ්ඩායමකට ඉඩදීලා ඔබත් විශ්‍රාම යන්න...
ඇමතිකමක් නොලැබුන එකේ හිත්වේදනාව පිටකරගන්න දෙල්කද පොලේදී පැවති මාධ්‍ය හමුව ප්ලෑන්කල එකක් නේද?
ජනතාව පත්කරපු ජනතා නියෝජිතයෙක් කියන කතාවක්ද? පාර්ලිමේන්තුව තියෙන්නේ ගන්න තීරණ ගැන වාද විවාද කරලා හොඳ තීරණයක් ගන්න එක නොකිරීම නිසා සියලු දෙනා මෙම පාප කර්මයට අහුවෙනවා. පවු සමාකිරිල්ලක් නැහැ.
කරපු සමත්කමක් කියන්න බලන්න. අලුත් කණ්ඩායමට පැනලා මෛත්‍රී පාරක්වත් දාමු.
ඇමතිකමක් නැහැ නේද. නැත්නම් ආණ්ඩුව යන ගමන හරි නේද. එහමනම් ඇයි දැන දැන අය වැයදී කෘෂිකර්ම සහ ආහාර අමාත්‍යංශ වැය ශීෂවලට පක්ෂව චන්දය දුන්නේ? ඔයාලාත් මහ ලොකුවට එලියට එවින් පම්බෝරි ගැහුවට, ජනාධිපති, අගමැති ඉදිරියේ කට වහගන එහමයි සර් කිය කියා ඉන්නේ? ආණ්ඩුව විවේචන කරනව අවංකව, ප්‍රායෝගිකව කරන්න.
ගිලෙන නැවෙන් පනින්න හදන්නේ නැවේ තට්ටුවත් ටිකක් කඩලා දාලා වගේ පේන්නේ.නැතිනම් මොකද තවම නිර්වස්තරෙන්