IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


ජනපතිවරණයට විදේශීය නිරීක්ෂණ කණ්ඩායම්

(ඩයනා උදයංගනී)

           

එළැඹෙන ජනාධිපතිවරණයේ නිරීක්‍ෂණ කටයුතු සඳහා විදේශීය නිරීක්ෂණ කණ්ඩායම් 4ක් පමණ පැමිණීමට නියමිත බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.

යුරෝපා සංගමයේ නිරීක්‍ෂණ කණ්ඩායමකට, පොදු රාජ්‍ය මණ්ඩලීය කණ්ඩායමකට මෙන්ම මැතිවරණ කොමිෂන් සභාවට ඉතා සමීපතම විදේශීය නිරීක්ෂණ කණ්ඩාය වන ෆෙම්බෝසා මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම ද ජනාධිපතිවරණය නිරීක්ෂණ සඳහා එක්වන ලෙස මැතිවරණ කොමිෂන් සභාව මගින් ආරාධනා කර ඇති බව එහි සභාපතිවරයා තමන් සමඟ පැවති සාකච්ඡාවකදී සඳහන් කළ බව හෙතෙම පැවසීය.

ෆෙම්බෝසා මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම දකුණු ආසියාවේ මැතිවරණ කොමිෂන් සභාවල නියෝජිතයින්ගෙන් සැදුම් ලත් එකක් බව ද පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂවරයා පැවසීය.

සිවිල් සංවිධාන නියෝජනය කරන ‘ඇන්ෆල් ආයතනය’ද මෙවර ජනාධිපතිවරණය  නිරීක්ෂණ සඳහා එක්වන අතර ඔවුන් පැෆරල් සංවිධානය හා එක්ව කටයුතු කරනු ඇතැයි ද රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

මෙම ඇන්ෆල් ආයතනයේ නිරීක්‍ෂකයන් 35 දෙනෙකු එම කටයුතු සඳහා එක්වන බව කී රෝහණ හෙට්ටිආරච්චි මහතා ඔවුන්ගෙන් කොටසක් මැතිවරණයට දින 35කට පෙරත්, තවත් පිරිසක් මැතිවරණයකට දින 10කට පෙරත් මෙරටට පැමිණෙනු ඇතැයි ද කීවේය.

 



අදහස් (0)

ජනපතිවරණයට විදේශීය නිරීක්ෂණ කණ්ඩායම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 54 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 157 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1009 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site