පකිස්ථානයේ බලුකිස්ථාන ප්‍රාන්තයේ සුඛොපභෝගී හෝටලයකට ඇතුළුවූ තුවක්කුකරුවකු විසින් වෙඩිතැබීම හේතුවෙන් එක් පුද්ගලයකු මියගොස් ඇත.
ගුවාඩා වරාය නගරයේ පිහිටා ඇති පර්ල් කොන්ටිනෙන්ටල් නම් මෙම හෝටලය චීන සමාගමකට අයත් එකකි.
බලුකිස්ථාන නිදහස් හමුදාව ලෙස හැඳින්වෙන බෙදුම්වාදී කණ්ඩාම ප්‍රහාරයේ වගකීම බාරගෙන ඇති අතර චීන හා විදේශීය ආයෝජකයින් ඉලක්ක කරගෙන ප්‍රහාරය එල්ල කළ බව පවසා ඇත.
හෝටලයේ සිටි සියලුදෙනා ආරක්ෂිතව ඉවත් කර ඇති අතර පොලිසිය හා ප්‍රහාරකයින් අතර දිගු වේලාවක් තිස්සේ වෙඩි හුවමාරුවක් පැවති බවද සඳහන් වේ.
මියගොස් ඇත්තේ හෝටලයේ ආරක්ෂක නිලධාරියකු බව පොලිසිය පවසයි.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.