
(යොහාන් භාසුර)
රුපියල් කෝටි දෙකකට වැඩි වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය පැළ තවානක් පවත්වාගෙන ගිය මුල්ලේරියාව ප්‍රදේශයේ සුඛෝපභෝගී තෙමහල් නිවෙසක් තලංගම පොලිසියේ දූෂන මර්දන ඒකකයේ නිලධාරීහූ අත්අඩංගුවට ගැනීමට සමත් වූහ.
මුල්ලේරියාව හිබුටාන පාරේ පිහිටි මෙම නිවෙසේ තුන්වන මහලේ අඩි දහයයි දහය ප්‍රමාණයේ කාමරයක් තුළ වායු සමීකරණ, විදුලිපංකා හා අධික ආලෝකය ස්වයංක්‍රීය වතුර දමන යන්ත්‍ර යොදවමින් මෙම පැළ තවාන පවත්වාගෙන ගොස් ඇති බවත් එහි වගාකර තිබූ පැළ 33 ක් සොයාගත් බවද පොලිසිය කියයි.
තලංගම දූෂන මර්ධන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක මුදිත ප්‍රියංකර මහතාට ලැබුණු තොරතුරකට අනුව ගංජා හෑෂ් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගත් 35 හැවිරිදි පුද්ගලයකු හිඹුටාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී මුල්ලේරියාවේ පිහිටි මෙම නිවස පිළිබඳ හෙළිවී තිබේ.
කොන්ත්‍රාත්තකරුවකුට අයත් මෙම සුඛෝපභෝගී තෙමහල් නිවෙස පරීක්ෂා කිරීමේදී මෙම පැළ තවාන පවත්වාගෙන ගිය පුද්ගලයා ද අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් මුල්ලේරියාව පොලිසිය වෙත බාරදී ඇති අතර ඔවුන් අළුත්කඩේ අංක 04 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
COMMENTS
ලොකු හපංකමක් කරල..........නෙදකිං ........අල්ලපියව්කො ලොක්කන්ගෙ කුඩුත්......
අනේ ශෝක් .වීරෝධාර පොලිස් මහත්තුරු ටිකක් .ඔහොම තමා නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ
හරිත වගාවක් නේද ?ඒකත් අපරාධයක්ද ?
අඩි 10X10 මෙච්චර වටිනා පැල තියෙනවනම් ...අක්කර සියක් දෙසීයක් වවුවොත් බිලියන ගණනක් හොයන්න පුළුවන්නේ . පවට පින් දෙන්නත් බෑ නේ
පැල 1ක් රුපියල් 606,000.00 වෙනවා .. පිස්සු නේ . මේවා අල්ලපන් පොවපන් කේ.ගී කොල්ලන්ට .
කුෂ් වවන්නේත් තිබෙන්නේ්ත් යෙමනයේ, යෙමනි ගෑණූ රෙද්ද අස්සේ හන්ගන් ඇවිත් කොලයක් රියාල් 500/= ගානේ විකුනනවා, කාපුගමන් මංඤං. ඕව එන්නේ බෝට්ටු වලින් ෂුවර්.
මෙම මත් ද්‍රව්‍ය වල වටිනාකම පවතින්නේ රජයෙන් පනවා ඇති භාදකාත් එක්ක. හොඳම ක්‍රමේ පෘතුගාලය ගෙනියන වැඩපිළිවෙල . මත් ද්‍රව්‍ය පාලනය කලොත් විකුනන්න ගොඩක් අය පෙළඹෙනවා.රජය හරහා මත් කුඩු ,ගංජා වලට ඇබ්බැහි වුවන්ට අඩු මුදලකට (රජයට වගා කල හැකියි ) බෙදන එකෙන් ළමයිනුත් බේරෙනවා මත් ද්‍රවය වලට වෙළඳපොල වටිනාකම නැතිවීමෙන් ,මුදල් අපේක්ෂාවෙන් විකුනන්න පෙළඹෙන වෙළෙන්දන් ප්‍රමාණයත් නැති වෙනවා . කුඩු, අයිස් වැනි මත් ද්‍රව්‍ය වලට ඇති වටිනාකමත් අඩු කරගන්න පුළුවන් පාර්ලිමේන්තුවේ ඉන්න අයට එකතු වෙලා ප්‍රතිපත්තියක් හදන්න බැරි ද?
ළඟදීම මේවා ලංකාවෙත් නීතිගත කරනවා .එතකොට තේරෙයි මේ වගේ වටිනාකම
දැන් ජර්මනියේ මර්ජුවානා නීතිගත කළා .හැම කෙනෙකුටම ග්‍රෑම් 6 ක් භාවිතා කරන්න ප්‍රසිද්ධියේ තමා සන්තකයේ තියාගන්න පුළුවන් ,ඒත් ඒ හේතුවෙන් කිසි කෙනෙක් මර්ජුවානා භාවිතයට අරගෙන නැහැ .පරණ ගංජා කාරයෝමයි තාමත් මර්ජුවානා ගහන්නේ
ගංජා ගහමු එකතුවෙලා, මගේ හිතේ යාවි පැමිණේවි
පාර්ලිමේන්තුව තියන දවසක, පාර්ලිමේන්තු මිදුලේ කුශ් ගිනිගොඩක් ගහලා නාකි පප්පලා සෙට් එකටම වද්දන්ඩ ඕනේ ඕකෙ අගේ තේරෙන්ඩ
අපි නම් දන්නේ කබි කුෂි ගම් විතරයි අප්පා
ලෝකයේ හැම රටකම ගංජාකාරයින්ගේ ඉතිහාසය දිහා බලනකොට... මිනීමරුවන්, හොරුන්, බොරුකාරයින්, වංචාකාරයන්, ගරාවැටුණු සමාජ දූෂකයන් රැළක් ගැන තමයි ලියැවිලා තියෙන්නේ...