( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති බවත්,එබැවින් මෙම පෙත්සම් 13 විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරන්නැයි නීතිපති ජයන්ත ජයසූරිය මහතා අද (05) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.
අදාළ පෙත්සම අද (5) දෙවැනි දිනටත් සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද විභාගයට ගත් අවස්ථාවේදී නීතිපති ජයන්ත ජයසූරිය මහතා මේ බව අවධාරණය කළේය. නීතිපති මෙහි වගඋත්තරකරුවෙකු වශයෙන් නම් කරනු ලැබ ඇත.
නීතිපතිවරයා වැඩිදුරටත් කරුණු දක්වමින් පෙත්සම්කාර පාර්ශවය විසින් ඉදිරිපත් කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් තුලින් ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර තිබෙන බවට චෝදනා එල්ල කර තිබුණද ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර තිබෙන අවස්ථාවක ඒ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 38(2) (අ) වගන්තිය තුළ මනාව පැහැදිලි කර ඇති බව නීතිපතිවරයා පෙන්වා දුන්නේය.
එම වගන්තියට අනුව ජනාධිපතිවරයා ආණ්ඩුකම ව්‍යවස්ථාව උල්ලංඝණය කර තිබෙන අවස්ථාවක ඔහුට එරෙහිව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ දෝශාභියෝග යෝජනාවක් සම්මත කර එම යෝජනාව හරහා ජනාධිපතිවරයා වෙත එල්ල කර තිබෙන චෝදනා විභාග කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කළ යුතු බව නීතිපතිවරයා වැඩිදුරටත් කීය.
ඉන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ජනාධිපතිවරයා වෙත එල්ල කර ඇති චෝදනා පිළිබඳ විභාගයක් පවත්වා ඒ පිළිබඳ අවසන් වාර්තාවක් කතානායකවරයා වෙත යොමු කළ යුතු බව ද පෙන්වා දුන් නීතිපතිවරයා එම ක්‍රියාදාමයෙන් බැහැරව මේ ආකාරයෙන් ජනාධිපතිවරයාගේ ක්‍රියාවලිය අභියෝගයට ලක්කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කිරීමට හැකියාවක් නොමැති බවත් පෙන්වා දුන්නේය.
එහිදී නීතිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර තිබේ නම් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගත හැක්කේ පාර්ලිමේන්තුව තුළ පමණක් බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොදන්නා කමට අහන්නෙ.ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නැතිලු.ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුකල යුතුලු........ එහෙමනම් මෙවැනි නඩු අහන්න තිබෙන අධිකරණය කුමක්ද?
නොදන්නා කමට අහන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නැතිලු. ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුකළ යුතුලු.. එහෙම නම් මෙවැනි නඩු අහන්න තිබෙන අධිකරණය කුමක්ද?
පාර්ලිමේන්තුව විසුරුවට පස්සේ කොහොමද මහත්තයෝ ජනාධිපතිට විරුද්ධව දෝශාභියෝගයක් ගේන්නේ? මේ මහත්තයා මෙච්චර මෝඩ කතාවක් කියයි කියලා මම හිතුවේ නෑ.
ජනාධිපතිවරයා ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති විටෙක දෝෂාභියෝගයක් සම්මත කිරීමට පාර්ලිමේන්තුව රැස් විය නොහැකියයි මෙතුමාට නොතේරේද?
නීතිපතිම නීතිය නමනවානම් තව මොනවද?
ඔබතුමාම නේද ජොන්ස්ටන් මහත්මයට විරුද්ධව නඩුව ගොනු කලෙත්.
නීතීපති වරයාගේ තරැණු දැක්වීම නිවැරදියි නැත්නම් උත්තරීතර පාර්ලිමේන්තුවට වඩා ඉහළ බලයක් අධිකරණයට ලැබීමෙන් විවිධාකාර ගැටළු පැන නැගිය හැක. මක්නිසාද යත් ඉදිරියෙදි විධායකය හා පාර්ලිමේන්තුව ගන්නා ඔනෑම තීරණයක් උසාවියෙදි අභියෝගයට ලක් කීරීමට හැකි වීමෙන් ව්‍යවස්ථාදායකය විධායකව හා අධිකරණය ගැටීමක් විය හැක. මෙම අායතන බලය අතින් සමතැන ගත යුතු වෙි. එකකට එකක් අභියෝගය ලක් කිරමෙන් රට අරාජ්ක වනු අැත. නැත්නමි ජනාධිපති වරයා මෙන්ම මන්ත්‍රීවරැන්ද අධිකරණයෙන් පත් කොට පවත්වා ගෙන යාම කල යුතුවෙි. ජනාතා පරමාධිපත්‍යට වන බලපෑමට වග කීව යුතු වන්නෙ මෙමෙ නඩු තීන්දුවය. එමෙන්ම වන්ෂොටි අයියාට හෝ දේශපාලන පකෂකට හො පක්ෂග්‍රාහී නොවී සත්‍යට තීරණය කල යුතුය. ඉහත කී අායතන තුන ගැන අවබෝධයක් අැතැයි මම සිතමි.
පාර්ලිමේන්තුව විසුරුවපුවාම කොහොමද යෝජනා සම්මත කරන්නේ. ඔබතුමා කියන්නේ පාර්ලිමේන්තුව රැස් කරලා යෝජනා සම්මත කරලා එවන්න කියලනම්. තර්කානුකූලව එතනින්ම විසිරීමට අදාල ගැසට්ටුව අහෝසි වෙනවා නේද. ?
මෙයා කියන්නේ මහා අපබ්‍රංස කතාවක්නේ. මෙයා දන්න නීති .
ගොන් කතා කියනවා .. පාර්ලිමේන්තුව විසුරුවා හරියට පස්සේ කොයි පාර්ලිමෙන්තුවෙන් ද පිහිට පතන්නේ? පිටරටක පාර්ලිමෙන්තුවකින්ද?
ඔහු නියෝජනය කරන්නේ ජනාධිපතිගේ මතය. අර හයක් ඉන්න පුලුවන්ද කියලා අහපු වෙලවේත් නීතිපති පෙනී හිටියේ හයක් පුලුවන් කියලා. ඒත් තීරණය වුනේ පහයි පුලුවන් කියලා
මේ නඩුව දැම්මේ නැත්නම් පාර්ලිමේන්තුව විසිරිලා... එතකොට කොහොමද දෝෂාභියෝගයක් ගේන්නේ..
මෙතන අපි අධිකරණ පිහිට පතන්නේ ජනාධිපතිට ඇති අයිතිය පාර්ලිමේන්තුව විසුරුවන්න... එය ඉතා පැහැදිලිව තිබුණත් ඔහුට බැරි බව.. ඔහු හිතාමතා එය කර තිබෙනවා..
මෙතුමාම නේද කලින් දවසේ ශ්‍රේෂ්ඨාධිකරණයට පැවසුවේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතිවිරෝධී නොවේ යැයි ප්‍රකාශ කර, මූලික අයිතිවාසිකම් පෙත්සම් 13 විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉල්ලීම් කළේ...? මෙතුමා නීතිය නොදන්නවාද? එසේ නැතිනම් මෙතුමාත් නීතිය උල්ලංඝනය කළා වත්ද? නීතිපතිවරයාට එරෙහිව නීතිමය පියවරක් ගත යුතු අවස්ථාවක් ...
මොන මොඩ තර්කයක්ද මේ... මේ නඩුව ගොනු කෙරුවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම, එතකොට කොහොමද ඔය ප්‍රශ්නේ පාර්ලිමේන්තුවෙන් විසඳගන්නේ?
තේරෙන්නේ නැති හින්දයි අහන්නේ එතකොට ව්‍යවස්ථාව උල්ලංඝණය කරලා පාර්ලිමේන්තුව විසිරෙව්වහම දෝෂාභියෝග සම්මත කරගන්න ඕනේ වෙන රටක පාර්ලිමේන්තුවකින් ද?
දැන් ජනාධිපති අතින් පුරවැසියෙකුගේ මුලික අයිතීන් කැඩුනෝත් ඔහු හෝ ඇය පාර්ලිමේන්තුවට යන්න ඕනද? උසාවියට යන්න ඕනද?
මරණයට පත්වෙච්ච පුද්ගලයාම විසින් අධි චෝදනා ගොනු නොකළහොත් ඝාතකයාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට බැහැ වගේ දෙයක්නේ මේ උගත් මිත්‍රයා කියන්නේ. නීතිය මේකනම් මේක රටක්ද, මේක රටක්නම් නීතිය මේකද?
මෙයා පොහොට්ටුවන්ගේ අනු කේවට්ටයෙක් බව නොයෙක් කරුණුවලින් සනාත වෙනවා!
ජනාධිපති වරයා විසින් චේතනාන්විතව ව්‍යස්ථාව උල්ලංඝණය කර තිබේ නම් අනුගමනය කල යුතු පියවර එම ව්‍යවස්ථාවේම සඳහන් වෙනවා. එනම් 2/3 ක මන්තී අත්සන් සහිතව යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ආ පසු එය 2/3 වඩා වැඩි ඡන්දයෙන් සම්මත වූ පසු ඒය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග වී නැවත කතානායකට වෙත ලැබීමෙන් පසු නැවත 2/3 මගින් ඒය සම්මත විය යුතුය . මේ සඳහා ඔවුන්ට ක්‍රියා කිරීමට තිබුනේ පළමු දවසේදීය, එහෙත් එසේ කිරීමට අවශ්‍ය 2/3 අත්සන් ඔවුන් සතුව නොතිබූ නිසා අගමැති වරයා ට එරෙහිව විස්වාස භංගයක් සම්මත කර ගත අතර එයද ක්‍රම වේදයට අනුව සිදු නොවූ නිසා ජනාධිපතිවරයා විසින් නිෂ්ප්‍රභා කරන්නට යෙදුනි . ඔවුන් අගමැතිට එරෙහිවුව මිස ජනාධිපතිට එරෙහිව මුලදී ක්‍රියා නොකළේය. දැන් ජනපතිගේ තීන්දුවට එරෙහිවන විට පාර්ලිමේන්තුව නැත. එනිසා තමයි මෙය විභාග නොකර ම ඉවත දමන ලෙසට නීතිපතිවරයා විසින් කියා ඇත්තේ පාර්ලිමේන්තු ක්‍රියාදාමයෙන් පරිභාහිරව ජනාධිපති වරයා අභියෝගයට ලක් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ට නොහැකි බැවිනි.
මේ නඩුව ගොනු කරන අවස්ථාවෙ පාර්ලිමේන්තුවක් තිබුණෙ නැහැනේ...... ඒ නිසානේ මේ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළේ...
මේකෙන් පැහැදිලිවෙන්නේ මොකද්ද? ජේ.ආර්ගේ ව්‍යවස්ථාව අනුව ජනධිපති විසින් පාර්ලිමේන්තුව විසිර වූ පසු එයට අභියෝග කළ නොහැකි බවයි.
"ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර තිබෙන අවස්ථාවක ඒ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 38(2) (අ) වගන්තිය තුළ මනාව පැහැදිලි කර ඇත" එම වගන්තිය අනුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙය විභාගයට ගැනීමට ව්‍යවස්ථානුකුල නොවෙයි. එනම් විධායකය විසින් පාර්ලිමේන්තුව විසිරවූ අවස්ථාවක කිසිවෙකුට කල හැකි දෙයක් නොමැත. ඉතින් හරිනේ, එකනේ විධායක බලතල හිමි ජනාධිපති කියන්නේ. "සම හරක්" හිතාගෙන ඉන්නේ වෙන රටවල වගේ අපේ රටේ ඉන්නේත් නාම මාත්‍රික ජනාධිපතිකෙනෙක් කියල වෙන්න ඇති. හා හා ඉක්මනට ලැහැස්තිවෙමු මහා මැතිවරණයකට.
19 සංශෝධනයට අනුව ජනාධිපතිට එරෙහිව මූලික අයිතිවාසිකම් කඩකිරීම සඳහා නඩු පැවරිය හැකිය. ඒ අනුව තමයි මේක ගෙනත් තියෙන්නේ. තීන්දුව අනුව ගැසට් එක අවලංගු වුනොත්, ජනාධිපති ව්‍යවස්ථාව කඩලා කියලා උසාවිය පිළිගත්තා වෙනවා. එතකොට දෝෂාභියෝගයට පාර හරි...
මෙතුමා රජය පැත්තෙන් නේ කතාකරන්නේ. හරි හෝ වැරදි දෙපැත්තේම කරුණු සලකා බැලීම නඩුවල ස්වාභාවයයි
අවුරුදු ගණන් ජන්ද කල් දාන කොට මූලික අයිතිවාසිකම් කැඩෙන්නේ නැද්ද? මූලික අයිතිවාසිකම් කැඩෙන්නේ ඡන්ද තියන කොටද ??
නිතිපති තුමාටත් වඩා නිතිය දන්න උදවිය ගොඩක් ඉන්න බව අදහස් වලින් පේනවා අහන්න දෙයක් නෑ ඉතින් මෙහෙව් උදවිය ගහන කතිරේ ගැනත්...