IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


නීතිවිරෝධී අත්අඩංගුවට ගැනීම් වළක්වන මානව හිමිකම් නිර්දේශ පොලිසිය පිළිගනී

(තරිඳු ජයවර්ධන)
 
නීති විරෝධී අත්අඩංගුවට ගැනීම් සහ රඳවා තබාගැනීම් වළක්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ලබා දී ඇති මාර්ගෝපදේශ ගැන සැලකිලිමත් වී කටයුතු කිරීමට සියලු පොලිස් නිලධාරීන් දැනුම්වත් කරන ලෙස වැඩ බලන පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා සියලු පොලිස් ස්ථානාධිපතිවරුන්ට ලිඛිතව උපදෙස් දී තිබේ.
 
පසුගිය කාලයේ නීති විරෝධී අත්අඩංගුවට ගැනීම් රැසක් වාර්තාවීම පදනම් කරගනිමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මෙම මාර්ගෝපදේශ පොලිසියට යොමු කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
 
පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම කළ යුත්තේ විශ්වාසනීය තොරතුරු ලැබීමෙන් පසු සාධාරණ සැකයක් මත මිස අත්අඩංගුවට ගැනීමෙන් පසු අත්අඩංගුවට ගැනීම සාධාරණීකරණය කිරීම සඳහා වැරදි සොයා යායුතු නැති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සිය මාර්ගෝපදේශවලින් අවධාරණය කර තිබේ.
 
අත්අඩංගුවට ගන්නා සෑම අවස්ථාවකම නිසි විමර්ශනයක් අනුව සාධාරණ සැකයක් ඇති කිරීමට හැකි ස්ථිර සාක්කි තිබීම වැදගත් වන අතර අත්අඩංගුවට ගැනීම හුදෙක් ප්‍රවාදක සාක්කි මත පමණක් පදනම් විය යුතු නැති බව ද එම කොමිෂන් සභාව සිය මාර්ගෝපදේශවල සඳහන් කර ඇත.

එක් එක් සංස්කෘතිය පදනම් කර ගනිමින් ආගමික සංකේත හඳුනා ගැනීම හෝ එම සංස්කෘතියට අදාළ භාෂාවන්ගෙන් ලියා ඇති වදනක අන්තර්ගතය හඳුනා ගැනීම වැනි කරුණුවලදී ගැටළු ඇති විට ඒ පිළිබඳ විශේෂඥ මතයක් ලබා ගත යුතු බව ද සඳහන් කරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම අත්අඩංගුවට ගැනීම් ගැන ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගයක් ද දක්වා තිබේ.
එම මාර්ගෝප දේශ සහ නඩු තීන්දුව ගැන ඇතුළත් වාර්තාවක් සියලු පොලිස් නිලධාරීන්ගේ අවධානයට යොමු කරන ලෙස දැනුම් දෙමින් වැඩබලන පොලිස්පතිවයා විශේෂ පොලිස් පණිවුඩයක් නිකුත් කළ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
 



අදහස් (3)

නීතිවිරෝධී අත්අඩංගුවට ගැනීම් වළක්වන මානව හිමිකම් නිර්දේශ පොලිසිය පිළිගනී

kolam boss Thursday, 29 August 2019 04:55 PM

ක්‍රමය නම් දියුණු රටක ක්‍රියාත්මක වන ක්‍රම වේදයයි. නමුත් අපේ රටේ මේක කරන්න පුළුවන් වෙයිද කියා සැකයි .ඔබ දන්නවද නිල ඇඳුම ඇඳගෙන සිටින නිලදාරියෙක් සමග සාමන්‍ය කෙනෙක් බහින්බස් වීමක් උනොත් [ තර්ක කිරීමක් කලොත් ] එම පුද්ගලයාව රාජකාරියට බාදා කළා කියා පොලිසි රැගෙන යන නිලදාරීන් ඉන්න රටක් මේක. අනිකුත් රජයේ ආයතන වලත් මේ වගේම තමයි . දියුණු රටවල රජයේ නිලදාරීන් උපරිම ලෙස මහන්සි වී තම රැකියාව කාර්යක්ෂමව කරනවා . ඔවුන් එය ආරක්ෂා කරගන්නේ ජනතාවට උපරිම සේවය දීමෙන් සහ තමන්ගේ බල සීමාව තුල ඉඳන් . නමුත් අපේ රටේ රජයේ නිලදාරීන් කුමන හෝ දේශපාලකයෙක් මගින් හෝ දේශපාලන හෙන්චයියෙක්ගේ හයියෙන් ජනතාවට කොකා පෙන්නමින් තමයි රැකියාව ආරක්ෂා කරගන්නේ . .

:       0       118

Appuhamy Friday, 30 August 2019 01:07 AM

පිලිගත්තට කොරයිද කියල තමයි ප්‍රශ්නේ ?

:       0       106

නෙවිල් ගුණසේකර Friday, 30 August 2019 06:55 AM

මේක පොලිසියේ වැදගත් තීරණයක්.

:       0       24

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 29309 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18224 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11591 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 716 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 214 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 863 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site