IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


කන්කසන්තුරේ මුහුදෙන් කෝටි 6ක ගංජා-වියලි කහ අල්ලයි

(ඉන්දිකා රාමනායක)

යාපනය කන්කසන්තුරය මුහුදේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් රුපියල් කෝටි 6කට අධික වටිනා කේරළ ගංජා සහ වියලි කහ සමඟ පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ කෙරළ ගංජා කිලෝ 216 ග්‍රෑම් 750 ක් සහ, වියලි කහ කිලෝ 19 ක් ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බවද නාවික හමුදාව පවසයි.

කන්කසන්තුරේ මුහුදු මාර්ගයෙන් සිදු කෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව මෙරට මුහුදු කලාපය ආවරණය වන පරිදි නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබන බවත් ඊයේ (25) රාත්‍රියේ සිදුකළ මෙහෙයුමේ දී මෙහෙයුමේදීල ගොඩබිම දෙසට පැමිණි සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නවතා පරීක්ෂා කිරීමේ එහි තිබී මෙම භාණ්ඩ සොයාගෙන තිබිණි.

ඩිංගි යාත්‍රාව තුල ගෝනි උර හයක පාර්සල් වශයෙන් අසුරන ලද කේරල වියළි කහ තොගය සමඟින් එම  යාත්‍රාව නාවික හමුදා භාරයට ගන්නා ලදී. මේවා අන්තර් ජාතික මුහුදු සීමාවේදී සැකකරුවන් විසින් ඩිංගි යාත්‍රාවට ලබා ගෙන ගොඩබිමට ගෙන ඒමට උත්සහ කරන්නට ඇතැයි නාවික හමුදාව සැක කෙරේ. නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 22ත් 34ත් අතර වයසේ පසුවන කන්කසන්තුරය වළලායි ප්‍රෙද්ශයේ පදිංචිකරුවන් බවට අනාවරණය කරගත් අතර, එම සැකකරුවන් කේරළ ගංජා, වියළි කහ සහ ඩිංගි යාත්‍රාව ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා කන්කසන්තුරය පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.



අදහස් (0)

කන්කසන්තුරේ මුහුදෙන් කෝටි 6ක ගංජා-වියලි කහ අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 161 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 367 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 375 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site