(ඉන්දිකා රාමනායක)

අධිකරණ නියෝග කඩ  කිරීම,  පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම  සහ රජයේ දේපළ වලට හානි කිරීම සම්බන්ධයෙන් අරගල සාමාජිකයකු  මෙන්ම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ශිෂ්‍ය ක්‍රියාකාරිකයකු  අද  (8) කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන  ඒකකය මගින්  කොළඹ 7 මහජන පුස්තකාලය අසලදී අත්අඩංගුවට ගෙන ඇත.

මෙදින   කොළඹ කොටුව දුමිරිය ස්ථානය අසලින් යෝර්ක් වීදිය දක්වා ගමන් ගත්  විරෝධතා පා ගමන  සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රා අධිකරණය ලබා දුන් නියෝගයක් බාර නොගෙන මොහු ඇතුලු පිරිසක්  කොටුව දුම්රිය ස්ථානට ආසලදී අධිකරණයට අපහාස කිරීම, එම නියෝගය බාර දීමට   පැමිණ සිටි පොලිස් නිලධාරීන් පිරිසට නිළ ඇදුම් වලට හානි කරමින් පහර දී සාපරාධී බලහත්කාරකම් පෑම,  රාජකාරියට බාධා  කිරීම,    සම්බන්ධයෙන්  මෙම   සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු    කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.