(දයාසීලි ලියනගේ)
ජනාධිපති ධූර අපේක්ෂකයන් 35 දෙනාම හෙට(13) උදෑසන මැතිවරණ කොමිසමට කැඳවා ඇත.
ජනාධිපතිවරණයට පෙර පැවැත්වෙන අවසාන රැස්වීම මෙය බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.
මැතිවරණය පැවැත්වෙන ලබන 16 වැනිදා ඡන්දය පැවැත්වෙන මොහොතේ සිට ප්‍රතිඵල නිකුත් කිරීම දක්වා කෙරෙන සියලු රාජකාරි කටයුතු පිළිබඳ අපේක්ෂකයන් දැනුවත් කිරීමටත් අපේක්ෂකයන්ට ඇති ගැටලු සාකච්ඡා කිරීමටත් මෙම සාකච්ඡාව කැඳවා ඇත.
COMMENTS
සාකච්චාවෙන් පස්සේ සමහරුන්ට තීරණය කරන්න පුළුවන් දැන් ඉතින් වෙස් මුහුණු පැත්තකට දාල කෙලින්ම කාගේ වේදිකාවටද නගින්නේ කියා තීරණය කරගන්න. ඒ වැඩේට ආණ්ඩුවේ වාහන තව කීයක් ඕනද, අලුත් ගල්කෙප්ප වට්ටෝරු ඕනද නැත්නම් තියෙන ඒවම සංශෝධනය කලහම ඇත්ද, එතකොට තව ළමයි කී දෙනෙක් වඩා ගන්න ඕනද, ආච්චිලා කී දෙනෙකුගේ ඔලුව අත ගාන්න ඕනද, සීයල කී දෙනෙකුගේ පිටට තට්ටු කරන්න ඕනද සර්ව ආගමික ආශීර්වාද තව කීයක් ඕනද ආදී වශයෙන් ලැයිස්තුව අලුත් කරගන්නත් ඒ ගමන්ම පුළුවන්.