(රංජිත් රාජපක්ෂ)

නොටන්බ්‍රිජ් ජල පෝෂක ප්‍රදේශයට (2) දින රාත්‍රී සිට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් විමලසුරෙන්ද්‍ර ජලාශය අද (3) දින උදැසන සිට වාන් දැමිමට පටන්ගෙන තිබේ.

විමලසුරෙන්ද්‍ර ජලාශය වාන් දැමිමත් සමග ඊට පහලින් පිහිටි ලක්ෂපාන ජලාශයේද වාන් දොරටු තුනක් විවෘත කර ඇති අතර,පවතින අධික වර්ෂාවත් සමග ගිනිගත්හේන නොටන්බ්‍රිජ් හරහා මස්කෙලිය ප්රඅධාන මාර්ගයට විශාල පස් කන්දක් සහ ගල් පර්වත කිහිපයක් පෙරලිම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු (03) දින උදැසන සිට සම්පුර්ණයෙන්ම ඇණ හිට ඇති බව නොටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.

එම මාර්ගයේ මවුස්සාකැලේ වත්ත ප්ර‍දේශයෙන් පස් සහ ගල් පර්වත පෙරලි ඇති නිසා මාර්ගයේ ගමන් ගන්නා වාහන හැටන් නොර්වුඩ් මාර්ගය හරහා ධාවනය කරවන ලෙස නොටන්බ්‍රිජ් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.