(නිමල කොඩිතුවක්කු)
පාර්ලිමේන්තු මන්ත‍්‍රීධුරය අහෝසි කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ක‍්‍රියා කළහොත් එයට එරෙහිව අධිකරණ ක‍්‍රියාමාර්ගයකට යොමු වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඒ. එච්. එම් ෆවුසි මහතා ලංකාදිපයට පැවසීය.
තමන් මන්ත‍්‍රීධුරයෙන් ඉවත් කරන බවට දැනුම් දෙමින් පක්ෂයෙන් ලිපියක් තමන් වෙත යොමු කර ඇති බවත් පැවසූ මන්ත‍්‍රීවරයා එවැනි ක‍්‍රියාමාර්ගයක් ගැනීමට පක්ෂයට කිසිදු හැකියාවක් නොමැති බවත් සඳහන් කළේය.
තමන් ඉවත් කිරීමෙන් පුරප්පාඩු වන මන්ත‍්‍රීධුරය හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ලබාදීමේ අරමුණින් පක්ෂය මෙම පියවර ගෙන ඇති බවත් ඔහු පැවැසීය.
පසුගිය ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබියදීත් ඒ වෙනුවෙන් ක‍්‍රියා නොකළ මෛත‍්‍රීපාල සිරිසේන මහතා තමන්ට පෙර පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කළ යුතු බවත් ඔහු කියා සිටියේය.
තමන් වසර 44ක් තිස්සේ සාමාජික අරමුදල් ගෙවමින් පක්ෂ සාමාජිකයකු ලෙස තමන් කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් කීවේය.
එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඒ. එච්. එම්. ෆවුසි මහතාගේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීධුරය අහෝසි කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත දැනුම් දී ඇති බව එම පක්ෂයේ නියෝජිතයන් පැවසීය.
COMMENTS
හිටපු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පත්කර කතානායක තනතුර ලබා දෙන්නට යන බවටත් කසුකුසුවක් පැතිර යනවා. මේ අතර ලබන දෙසැම්බර් 03 වැනිදා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර එදිනට "පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීම සඳහා ජනාධිපතිවරයා සූදානම් වන බව"ත් ආරංචි වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (1) වගන්තියට අනුව පාර්ලිමේන්තුවේ කටයුතුවලට තාවකාලික විරාමකයක් ලබාදීමට ජනාධිපතිවරයාට බලය පැවරෙන අතර එම කාලය උපරිම මාස 2කි. වාරාවසාන කිරීමෙන් පසුව පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව හැරෙන්නට සෙසු කාරක සභා සියල්ලම අහෝසි වේ. ඒ අනුව නැවත පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව එම කාරක සභා නැවත පත්කිරීමට සිදුවේ. මාර්තු හෝ අප්‍රේල්වල පැවැත්වෙන මහ මැතිවරණයෙන් පොහොට්ටුවට තුනෙන් දෙකකටත් වැඩි ජයක් ලැබෙන බව ස්ථිර බවයි බොහෝ දෙනෙකුගේ මතය වී ඇත්තේ. රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලනයෙන් සමුගන්නා බවට දැනට ආරංචියක් පැතිරෙමින් පවතින වාතාවරණයක එජාපය මැතිවරණයට මුහුණ දෙනු ඇත්තේ තවත් දුර්වල තත්වයකට පත්වුණු පක්ෂයක් ලෙසටයි. මේ මැතිවරණ ධාවන තරඟය පොහොට්ටුවට දුවන්න වෙන්නේ තනියමය. එහෙම වුනොත් හොඳට හිටියි.
අපට නම් ඔය දෙන්නගෙන් කවුරු කොහේ හිටියත් එකයි. අරයට නම් ලොකු මන්දිරයක් හම්බ වුණා. මෙයත් මොකක් හරි ඉල්ලගන්න බැලුවා නම් නරකද?
පරම්පරා තුනකටවත් අති වෙන්න හම්බ කරලා පෙන්ෂන් ගන්න. තව පාරක් ටිකක් හිතලා කට්ටිය එක්ක එකතු වෙන්න.
කොහොමත් සිරිසේනට පාර්ලිමේන්තු එන්න දෙන්න හොඳ නෑ. කිසිම කොන්දක් නැති ප්‍රතිපත්තියක් නැති මනුස්සයෙක්..
මම සිංහල බෞදයෙක් වුනත් කියන්නේ ෆවුසි පක්ෂයට වියදම් කරලා වැඩකරපු මිනිහෙක් මහා සම්මේලනවලට ඔය සිරිසේන හාල් ඇටයක්වත් දීලා නැහැ.. UNP පක්ෂය පාවලා දුන්න අපේ රතු හැට්ට කාරයන් එක්ක ගියා වගේ මෙයාවත් යවලා සාමාජිකත්වය අහෝසිකරන්න. මේ දෙන්නව පේන තෙක් මානයේ තියන්න එපා.
දැන් ගෙදර ගිහින් පිනක් කරගෙන අල්ලාහ් දේව සරණ යන්න. මෙතෙක් කල් කරපු දේවල් හොඳටම ඇති...
ෆවුසි, අතහරින්න එපා වැඩේ. සිරිසේන හදන්නේ තමාව බිල්ලට දෙන්න. එමනිසා තමා අස් කරන තෙක් නොසිට වහාම අස් නොකරන ලෙස උසාවියෙන් තහනම් නියෝගයක් ගන්න. දෙපිටකාට්ටුවෙකුට වඩා ෆව්සි හොඳයි.