IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


බ්‍රහස්පතින්දා තවත් ජන රැළියක් කොළඹදී

(අංජුල මහික වීරරත්න)

ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණය ශක්තිමත් කිරීම සඳහා බ්‍රහස්පතින්දා (15) දැවැන්ත ජන රැළියක් කොළඹ ලිප්ටන් වටරවුමේදී පවත්වන බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා මාධ්‍ය හමුවකදී අද (13) පැවැසීය.

දැන්වත් වංගු ගේම් ගහන්නේ නැතුව ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා එක්වන ලෙසද එ.ජා.ප මහ ලේකම්වරයා මෙහිදී කීය.

කොළඹ අරලියගහ මන්දිරයේදී පැවැති මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අකිල විරාජ් කාරියවසම් මහතා මෙසේද පැවැසීය.

පසුගිය 26 වැනිදා නිත්‍යානුකූල නොවන අයුරින් අගමැති කෙනෙක් පත් කළා.මීට එරෙහිව අප දිගින් දිගටම අරගල කළා.අපට පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන බව දිගින් දිගටම ප්‍රකාශ කළා.නීත්‍යානුකූල නොවන අයුරින් පාර්ලිමේන්තුව විසුරුවා හැරියා.

නීතිය ක්‍රියාත්මක වීම ගැන අප සතුටට පත් වෙනවා.දැන්වත් වංගු ගේම් ගහන්නේ නැතුව ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න.තුරුම්පු ගහනවා කිව්වා.පාර්ලිමේන්තුවේ බහුතරය හිමි එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව හදනවා. මේ සඳහා අපට උපකාරී කළ සියලු පාර්ශ්ව වලට ස්තුතියි පළ කළ යුතුය.

ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා අරලියගහ මැදුර ආරක්ෂා කිරීම සඳහා ජනතාව පෙල ගැසී සිටියා.අප ලැබූ ජය ශක්තිමත් කිරීමට ලබන බ්‍රහස්පතින්දා අප දැවැන්ත ජන රැළියක් පවත්වනවා.ප්‍රජාතන්ත්‍රවාදය රැකීමේ සටනේ එක් පියවරක් ලෙස එය පවත්වනවා.‘‘

 



අදහස් (2)

බ්‍රහස්පතින්දා තවත් ජන රැළියක් කොළඹදී

Shanaka Tuesday, 13 November 2018 07:58 PM

සමනළ රැළියක්ද?

:       0       0

සනත් Wednesday, 14 November 2018 03:19 AM

අපිට වෙන වැඩක් නැහැ කියලා හිතුවද? එදා වේල හම්බකරගෙන කන මිනිස්සුන්ගේ බඩට ගහන්න එපා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 645 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site