( නිමල කොඩිතුවක්කු)
රට තුළ සිදු වන සිදුවන ප්‍රජාන්ත්‍රවීරෝධි ව්‍යවස්ථා විරෝධි වැඩපිළිවෙලට එරෙහිව විරෝධතා මාලාවක් පැවැත්වීමට එකතුවන්නට එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් තීරණය කර ඇත.
එක්සත් ජාතික පෙරමුණේ සියලු පක්ෂ නායකයින්ගේ ප්‍රධානත්වයෙන් අරලියහග මන්දිරයේ පැවැති රැස්වීමකදී මේ පිළිබඳ එකඟතාවකට පැමිණියේය.
ඒ අනුව හෙට (21) පස්වරු 3 ට වෘත්තිකයන්ගේ අඛණ්ඩ සත්‍යග්‍රහයක් විහාර මහා දේවී උද්‍යානයේදී පැවැත්වේ.
විද්වත් වෘත්තිකයන් හා වෘත්තිය සමිති එක්ව මෙම අඛණ්ඩ සත්‍යග්‍රහය සිදු කිරීමට නියමිතය.
එහි ප්‍රථිපලයක් නොමැති වුවහොත් මාරාන්තික උපවාසයක් දකවා ක්‍රියාත්මක කිරීමටද ඔවුන් තීරණය කර තිබේ. ලබන 27 වැනිදා උදෑසන 9 ට මහනුවර නගරයෙදී උද්ඝෝෂණ පැවැත්වෙන අතර 27 වැනිදා කලුතර පැවැත්වේ.
ලබන මස 03 වැනිදා සියලුම වෘතිකයන්ගේ සහභාගීත්වයෙන් කොළඹදී විරෝධතාවක් පැවැත්වීමට නියමිතය
COMMENTS
ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ අවුරුදු 05කට ජනතාවගෙන් බලය අරන්, ඔවුන්ට අයිති රටේ සම්පත් 99 අවුරුද්දකට විජාතිකයන් හට විකුණා, ගිවිසුම් හරහා දේශීය ව්‍යාපාරිකයන්ගේ හතර හන්දි කඩා දැමීමේ ද්‍ෙශපාලන ක්‍රියාවලියකටද?
සාධාරණ මැතිවරණයක් ඉල්ලා සිටිය යුතුයි. මහමැතිවරණය සමග ජනාධිපතිවරණයක් ඕනෑ. සජිත් අගමැති අපේක්ෂකයා විය යුතුයි. නැතිනම් අපේ තේරීම වෙනත් අයෙකු වේවි..!!!
අන්න හරි රනිල්වත් අඬගහගෙන මාරාන්තික උපවාසයක් කරන්න... මැරෙන සැටි මම පෙන්වමී කියලා උපවාසය කරන්න..
මේ අසාධාරන රජයට එරෙහිව පාට පක්ෂ ගැති කම් නොමැතිව සියලුජන කොටස් එකාවන්ව නැගී සිටිය යුතු මොහොතයි .
ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මොකක්ද මහත්වරුනේ? මැතිවරණ කල් දැම්මම ඒක ලැබෙනවද?
ප්‍රජාතන්ත්‍රවාදය යනු මහජනතාවගේ පාලනය වන අතර. ඊට අවස්ථාවනොදී, ඡන්දෙට විරුද්ධව උසාවි යෑම හා අගමැති බේරාගැනීම යු එන් පී ප්‍රජාතන්ත්‍රවාදයේ අර්ථකථනය වේ.