
(ආරියරත්න රණබාහු)
ඊ.පී.ඩි.පී. නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතාට ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඇමතිකමක් දීමේ කිසිදු අදහසක් නැතැයි ජාතික ජන බලවේගයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා යාපනයේදී අද (08) පැවසීය.
දේවානන්ද මහතා පමණක් නොව පසුගිය කාලයේ රාජපක්ෂ හෝ වික්‍රමසිංහ ආණ්ඩු වල ඇමතිකම් දරමින් රට විනාශ කළ කිසිවෙකුට ඇමතිකම් දීමේ පිස්සුවක් තම ආණ්ඩුවට නැතැයිද ඔහු වැඩිදුරටත් කීය.
ජාතික ජන බලවේගයට උතුරේ ජනතාවගේ සහාය ලබා ගැනීම සඳහා පැවති ජනහමුවක් අමතමින් රත්නායක මහතා එසේ සඳහන් කළේය.
බිමල් රත්නායක මහතා එහිදී මෙසේද පැවසීය.
දේවානන්ද මහතා ජනාධිපතිතුමා හමුවන්න වෙලාවක් ඉල්ල ගත්තා. හිටපු ඇමති කෙනෙක් මන්ත්‍රී කෙනෙක් නිසා එවැනි ඉල්ලීමකට ජනාධිපති තුමා ඉඩදීම දේශපාලන සදාචාරයයි. දේවානන්ද මහතා ජනාධිපතිවරයා හමුවු වෙලාවේ ඔහු ජනාධිපතිවරයා සමඟ එකට සිට ෆොටෝ එකක් අරගෙන තියෙනවා. ඒක අරගෙන ගිහින් ඔහු උතුරේ පත්තරවල පලකරලා. ෆෙස් බුක් එකේ දාලා. ජනාධිපතිතුමා එයාට උදව් කරනවා කියලා වැඩි ප්‍රචාරයක් ගත්තා. එයාගේ පත්තරේ ලිව්වා. ඔහු ධීවර ඇමති කාලේ අමාත්‍යාංශයේ කළ වැඩ ගැන කතා කළා කියලා මිනිස්සුන්ට බොරු කිව්වා. ඩග්ලස් දේවානන්ද මහතා ගැන අපි ලැජ්ජා වෙනවා.
මාලිමාව දිනුවට පස්සේ එයා ඒ ආණ්ඩුවට එකතු වෙනවා කියලා දැන් එයා හැමතැනම කිය කියා යනවා. ඩග්ලස් දේවානන්දට ඇමතිකමක් දෙන්න ජනාධිපතිතුමාටවත් අපිටවත් පයිත්තියං නෑ. අපි බලාගෙන හිටියා මේ බොරුව ඉවර කරයි කියලා. ඩග්ලස් සහ ඔහුගේ ගෝල බාලයෝ මේ බොරුව අද හැමතැනම කිය කියා යනවා.
රාජපක්ෂ එක්ක එකතුවෙලා රට විනාශ කරපු ඇමතිවරු ඉන්නවා. රාජපක්ෂ, වික්‍රමසිංහ, මෛත්‍රිපාල එක්ක එකතු වෙලා උතුර විනාශ කරේ කවුද? ලංකාව විනාශ කළ ඇමැති මණ්ඩලයේ හිටපු කෙනෙක් තමයි දේවානන්ද කියන්නේ. ගිය පාර ඡන්දේදි ඩග්ලස් දේවානන්ද උදව් කළේ රනිල්ට. රිෂාඩ් බදුර්දීනුත් මේ වගේ ප්‍රචාර ගෙන යනවා. ජනාධිපතිතුමා, ඔහුට ටෙලිෆෝන් කළා කියලා. ඔහුත් රාජපක්ෂ කාලේ ඇමතිකම් දැරු අයෙක්.
සුමන්තිරන්ගේ ආධාරකරුවොත්, ශ්‍රී ධරන්ගේ ආධාරකරුවොත්, මේ වැඩේම කරනවා කියලා ආරංචියි. දුප්පත් දෙමළ, මුස්ලිම් මිනිසුන්ගේ ඡන්ද ඉල්ල ගන්න. යුද්දෙ කාලේ දුප්පත් දෙමළ, මුස්ලිම් අයගේ ඉඩම් අල්ල ගත්තේ මේ කට්ටිය. එයාලා දිනුවොත් මාලිමාවට සහයෝගය දෙනවා කියලා ඡන්දෙ ඉල්ලනවලු. මාලිමාවට ඡන්දෙ දෙනවා නම් වෙන ඒවට ඡන්දෙ දෙන්නෙ මොකටද? මාලිමාවටම දුන්නම ඉවරයි..
මාලිමාව කියන්නේ මාලිමාව මිස වෙන කවුරවත් නෙමේ. ඇමතිවරු වෙන්නෙත් මාලිමාවෙම අය.
COMMENTS
මාලිමාවට වඩා මේ ගැන උනන්දු දකුණේ සමහර පක්ෂ, හීනියට දැනෙන නොදැනෙන ගානට ජාතිවාදය අවුස්සලා පොඩි මඩක් ගහන්න. ගම්මන්පිල එදා සුහන්දිරන්ට විදේශ ඇමැතිකම දුන්නා. ජාතිවාදය නැති එකම පක්ෂය එන් පී පිය විතරයි...
ඒ කියන්නේ අනාගතයේදී ළමයි හම්බ වෙන්නත් ඕනෙ.... මාලිමාවේ තාත්තලාගෙන් විතරයි... අම්මලා ඕනෙ කෙනෙක්...!
එතකොට දැන් මාලිමාව කියන කට්ටිය ඉස්සර මහින්දලාට චන්ද්‍රිකාට සහාය දුන්නේ නැද්ද? එයාලා විතරක් සුදු ඇඳගෙන. මේ බිමල්ගේ බිරිඳත් ඡන්දේ ඉල්ලනවා. ඉස්සර පවුල් වාදෙ කියපු අය...
මම බලාපොරොත්තු වෙනවා...
එතකොට ඇමැතිකමක්වත් හරියට දරන්නේ නැතිව අවුරුදු 50ක පමණ කාලයක් තිස්සේ තම අදහසට විරුද්ධ අය අමු අමුවේ මරා දමමින්, මහජන දේපළ ගිනි තබා විනාශ කරමින් පාරවල් අවහිර කරමින්, පොදු ජනතාව අපහසුතාවයට පත්කරමින් රට ආපස්සට ඇද්ද මේ අයට ඇමැතිකම් දරන්නට ඇති අයිතිය කුමක්ද?
නියම තීරණය, මාලිමා ආණ්ඩුවට කාගේවත් මුක්කු අවශ්‍ය නෑ..
මේ අය මොන ආණ්ඩුවක් පත් වුණත් හැමදාම ඇමැතිකම් අරන් රට කරපු අවස්ථාවාදියෝ...!
අනුර කුමාරත් රාජපක්ෂලා බලයට ගේන්න දරදිය ඇද්ද ජෙප්පන්ට මතක නැහැ. ජෙප්පන්ට ඩිමෙන්ෂියා තිබුණට අපේ මෙමරිය හොඳට වැඩ කරනවා.