වාහන ආනයනයේ දි 1500CC අඩු ධාරිතාව යටතේ ඇති වාහන ආනයනයට සහන ලබා දෙන්නැයි ලෙස දේශීය ආදායම් නිලධාරිහු රජයෙන් ඉල්ලා සිටිති.
දේශීය ආදායම් මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමයේ ලෙකම් ජේ.ටී. චන්දන මහතා මාධ්‍ය හමුවකට එක් වෙමින් අද සවස මේ බව පැවැසුවේය.
වඩා ඉහළ ධාරිතාවෙන් යුත් වාහන ආනයනය කිරීමේ දී විදේශ විනිමය වැඩි ප්‍රමාණයක් පිටතට ගලා යන බව ඔහු කියා සිටියේය.
1500CC අඩු ධාරිතාව ඇති වාහන ගෙන්වීමට බදු සහන ලබා දුනහොත් එම වාහන ආනයනය කිරීමට වැඩි දෙනා පෙළඹෙන බවත් ඒ හරහා විදේශ විනිමය විශාල ප්‍රමාණයක් පිටතට ගලා යාම අවම කළ හැකි බවද චන්දන මහතා පෙන්වා දුන්නේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
’1,500cc ට අඩු වාහන ආනයනය සඳහා සහන ඉල්ලයි‘‘
de silva Wednesday, 09 July 2025 12:35 PM
2017-2020 කාලයේ තිබුණු රේට් එකට වාහනවල CC ධාරිතාවට පමණක් බදු ගැහුවොත් හොඳ ප්‍රමිතියක් ඇති අලුත් වාහන ලංකාවට එනවා ලංකාවේ වාහන වල මිල පහළ ගිහින් සේල් එක වැඩිවෙලා රජයට අදායමක් ලැබේවි, දැන් ඩොලර් එක සහ බද්ද යන දෙකම වැඩිවෙලා නිසා ඉහළ ගිය වාහන මිල බොහෝ දෙනෙකුට දරාගන්න බැහැ. අද වාහනයක් වෙනුවෙන් ලක්ෂ 80-100 වියදම් කරන්න බොහෝ දෙනෙකුට බැහැ...
ගුණරත්න Wednesday, 09 July 2025 02:13 PM
ආණ්ඩුවේ මන්ත්රීතුමියක් කිව්වා හැමෝටම වාහන ගන්න ඕනෑ වුණාට ඒක කරන්න බැරි වැඩක් කියලා, සල්ලි නැත්නම් කට වහගෙන බස් එකේ යන්න කියලා තමයි එතුමිය කිව්වේ. මාත් දැන් එහෙම තමයි කරන්නේ...