IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


’’ රනිල් ඉතිරි කර ගිය සල්ලි පොට්ටනිය පැටව් ගහන්නේ නෑ’’

(අංජුල මහික වීරරත්න)

රනිල් රටට ඉතිරි කර ගිය සල්ලි පොට්ටනිය පැටව් ගහන්නේ නැති බැවින් රටේ ආර්ථිකය දිනෙන් දින පහතට වැටෙන බව ආණ්ඩුව හොඳින් තේරුම් ගත යුතුව තිබෙන්නේ යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර  අබේවර්ධන මහතා පැවසීය.

රනිල් ඉතිරි කර ගිය සල්ලි පොට්ටනිය අවසන් වන තුරු වියදම් කිරීමට පුළුවන්කම තිබෙන නමුත් ආණ්ඩුව  ආර්ථිකය ගැන මීට වඩා තියුණු අයුරින් කල්පනා කළ යුතුව තිබෙන්නේ යැයි ද අබේවර්ධන මහතා කීය.

එජාප සභාපති වජිර අබේවර්ධන මහතා මේ බව කීවේ කොළඹදී මාධ්‍යයට ප්‍රකාශයක් කරමිනි.

"අපි මෙහෙම උදාහරණයක් ගමුකෝ.

ගෙදර  සීයා හෝ ආච්චි සල්ලි පොට්ටනියක්  පොදි ගහලා තියෙනවා. නමුත් ඒ පොට්ටනියේ තිබෙන සල්ලි පැටව් ගහන්නේ නැහැ. ඉතින් මෙන්න මේ වගේ සල්ලි පොට්ටනියක් රනිල් රටට ඉතිරි කරලා ගියා. ඉතින් ඒ සල්ලි පොට්ටනියේ සල්ලි ඉවර වෙනකන් වියදම් කරන්න පුලුවන්. නමුත් ඒ සල්ලි පැටව් ගහන්නේ නෑ කියලා අපි මතක තියාගන්න ඕන. 

ඒ නිසා තමයි අපි කියන්නේ අපේ රටේ ආර්ථිකය දිනෙන් දින වැටෙමින් තිබෙනවා. එහෙම වෙලාවක රනිල් ජාතියේ අවශ්‍යතාවය වෙනුවෙන් භාවිතා කිරීමට අවශ්‍ය වුනොත් ඕනෑම අවස්ථාවක එය  කිරීම හරිම සරල කාරණයක් හැටියටයි මම නම් දකින්නේ.

එදා ගෝඨාභයගෙ කාලේ මම රටේ ආර්ථිකය ගැන අනාවැකි කිව්ව වගේ දැනුත් මම අනාවැකියක් කියන්නම්.

රනිල් ගිය පාර වෙනස් කරන්න එපා. ඒ පාර වෙනස් කළොත් මේ රටේ ජනතාව නැවත මහා ව්‍යසනයකට ගොදුර වෙනවා" යනුවෙන්ද වජිර අබේවර්ධන මහතා කීය.

 

 

 

 



අදහස් (14)

’’ රනිල් ඉතිරි කර ගිය සල්ලි පොට්ටනිය පැටව් ගහන්නේ නෑ’’

අරවින්ද මොණරවිල Thursday, 30 October 2025 09:31 AM

අවුරුදු දෙකයි බලයේ හිටියේ, දැන් දන්නවා ජිවිතයට ආයේ කවදාවත් පාර්ලිමේන්තුවට අඩිය ගහන්න බැරි බව ඒක දැනගෙන දැන් පිස්සු වැටිලා වගේ මංඤ්ඤං කියවනවා.

:       4       59

matara sunil Thursday, 30 October 2025 10:00 AM

පිංගුත්තරයා...

:       3       54

Mohan Thursday, 30 October 2025 10:17 AM

ඔව්, ඔයා හරි. වජිරා කොල්ලෝ මහ බැංකුව කැඩාලා පොට්ටනි ගහපුවා.

:       2       53

සෙනෙවිරත්න Thursday, 30 October 2025 10:17 AM

මෙයාට හොඳටම පිස්සු, බලය නැතිවෙලා, මෙයාලම පත්කරපු මහ බැංකු අධිපති තුමා කියන එක අහන්න. අපි කියනඑක නෙවෙයි, සියලුම ආර්ථික ඉලක්ක සපුරල කියල, මේ ඔල්මොරොන්දම් දොඩවන යකඩ කූරු පෙනෙන වසර හතළිහක් රට කාබාසිනියා කල මෙවුන් කියන කතා නිකන් පල් හෑලි , නැත්නම් හඳට බුරන බලු අඳෝනාවට වඩා දෙයක් නැහැ.

:       2       47

සෙනෙවිරත්න Thursday, 30 October 2025 10:20 AM

දැන් තමුන්ගෙ මහ තැනගෙ කට උසාවි වැඩේට පස්සෙ වැහිල නේද, තනි ධමනියෙන් දුවනවලු,වෙන පාරක් හදාගෙන ලේ ගමනාගමනය වෙනවලු නේද ? දැන් ඒ දෙඩවිල්ල දැන් තමුන්ට බෝවෙල වගේ

:       3       49

Nipuna Thursday, 30 October 2025 10:57 AM

රටට කෙසේ වෙතත් මෙතුමා රනිල් වෙනුවෙන් කරන මෙහෙයට වෙනමම සම්මානයක් දෙන්න ඕන. වෙන කිසිම කෙනෙක් රනිල් වෙනුවෙන් මෙච්චර නැහෙන්නේ නෑ.

:       3       44

ගල්පර Thursday, 30 October 2025 11:26 AM

පසුගිය වසර 20 තුළ අපේ රට පාලනය කරන්නේ තක්කඩියන් විසින් වන අතර ඔවුන් සියල්ලෝම රට කොල්ල කෑහ.ඒ අතරින් රනිල්රාජපක්ෂලා රට හූරා කාලා බංකොලොත් කරලම ඉවරම කල.දැන් මේ රනිල් උන්නැහේට වෙලා තියෙන්නේත‍් මහජන මුදල් කාබාසිනියා කරපු දෙයක්.අද රටේ සමස්ත ජනතාවම කියන්නේ මොහුට උපරිම දඩුවම දෙන්න කියලා.මේ නාස්තිය මෙතැනින් වත් නතර කල යුතුය.

:       3       34

Nimal 1 Thursday, 30 October 2025 12:07 PM

තිබුණ සොච්චමත් කාබාසිනියා කරලා මේ බටලන්දේ පරයා ගියේ.

:       2       30

wedageThursday, 30 October 2025 03:18 PM

කජු කන්න හපන් සීයා මුකුත් ඉතිරි කරලා ගියේ නෑ.

:       0       5

අබා Thursday, 30 October 2025 12:08 PM

රනිල් ගේ පොට්ටනියේ මුකුත් නෑ.. හිස්...

:       3       32

Nihal Thursday, 30 October 2025 01:38 PM

ඉන්දියාවෙන් දීපු ඩොලර් බිලියන හතරට පින් සිද්ධ වෙන්න. මුහුදේ සති ගාණක් ගෙවාගන්න බැරුව තිබුණු තෙල් නැවට සල්ලි දෙන්න පුලුවන් වුණා.. ශ්‍රමිකයින් එවපු මුදල් ඒකෙනුත් කෙහෙළිය රඹුක්වැල්ල කෝටි 399ට හොරා කෑවා. කවදාවත්ම ඡන්දයකින් ජනාධිපති වෙන්න බැරි පුද්ගලයා තාවකාලිකව පත්කරගෙන දැන් මොහු විශ්‍රාම වැටුපක් අර ගන්නවා. ජනතා මුදල් කාබාසිනියා කරන එකයි කරන්නේ මුලු ජීවිතයම.

:       0       2

චින්තක Thursday, 30 October 2025 02:01 PM

පවුලවත්, සාගලයාවත් මෙච්චර කජු සීයා ගැන දුක් වෙන්නේ නැතුව ඇති...

:       0       1

ගමේ එකාලා Thursday, 30 October 2025 03:42 PM

රනිල් ගේ පොට්ටනියෙන් වැඩක් වෙන එකක් නැහැ. ලෙඩ ගොඩක්.. එයා ඉතුරු කරපු කෙහෙල් මලක් නැහැ. පුළුවන් තරම් අනවශ්‍ය විදියට වියදම් කෙරුවා රට බන්කොලොත් වෙලා තියෙද්දී. වැඩකට නැති උපදේශකයෝ තිස් ගාණක් පත්කරගෙන සියලු වරප්‍රසාද වරදාන දුන්නා...

:       0       6

සමන්ත Thursday, 30 October 2025 05:03 PM

කුඩු අල්ලන එක හොඳයි. කුඩු උවදුරෙන් රට ගලවා ගන්න කරන උත්සාහයත් හොඳයි. ඒත් පත්මේලා එක්ක එකතුවෙලා නටන ටෙලි නාට්‍ය තමයි ප්‍රශ්නේ. මොකද අපි දන්නවා... ඒක එක් දේශපාලන ව්‍යාපෘතියක් බව. රට ඉදිරියට ගෙනයාම රනිල් අත් අඩංගුවට ගන්න... කුඩූු අල්ලන, හොරු අල්ලන ඩ්‍රාමා වලින් විතරක් කරන්න බෑ. ඉන්දියාවට අපේ ස්වෛරීත්වය පාවා දීලා, චීනය එක්ක බාල් නටන එක, ජාත්‍යන්තර සහයෝගය හෝ ආයෝජන ගෙන්න ගන්න හේතු වෙන්නෙත් නෑ. රටේ ආර්ථිකය පිළිබඳව සහ ජාත්‍යන්‍තර කටයුතු අතින් ඉතාමත් අසමත් මේ ආණ්ඩුව ජ.වි.පෙ. කාඩරයේ සහ කුණු රෙදි හෝදන මාලිමා ඩෝබී කල්ලියට හොඳ වූවත් රටට දිගු කාලීනව අයහපත් බව පමණක් කිව හැකියි. ඒ බව පසුව ඔප්පු වනු ඇත​. ඒත් තවම නිවැරැදි වීමට කාලය තිබේ....

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1695 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1420 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 510 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site