
(අංජුල මහික වීරරත්න සහ නිමල කොඩිතුවක්කු)
"කියනකං ඉන්න දෙයක් නෑ, යන්නයි තියෙන්නේ" යැයි සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ විජේරාම මාවතේ නිවස සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවසීය.
නිවසින් ඉවත්වීමට ලිඛිතව දැනුම් දෙන්නැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නලින්ද ජයතිස්ස මහතා මේ බව කීය.
" රජය කටයුතු කරන්නේ පනත අනුව.එතුමට කරදඩු උස් මහත් වෙච්ච ළමයි තුන්දෙනෙක් ඉන්න නිසා තාත්තා බලා ගනියි නේද? අනෙක් හිටපු ජනාධිපතිලටත් වැන්දඹුවන්ටත් මේ නීතිය වලංගුයි.ඔවුන්ගේ වරප්‍රසාද ඉවත් කර ජනතාව මත පටවා ඇති බර ඉවත් කරන්නයි අපිට ජනතාව වරමක් ලබා දුන්නේ යනුවෙන්ද නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
COMMENTS
කරුණාකර මහින්ද මහත්තයා රටේ යුද්ධය අවසන් කරපු කෙනා, මොන වැරදි තිබුණත් ඔහුට මෙම නිවසේ ඉන්න දෙන්න. දැනට හදල තියෙන ගෙයක් නඩත්තු කරන්න විතරයි තියෙන්නේ.
මෙච්චර දවස් සූර සැප වින්ද එකේ ඕක දාල යන්න යන්න කරුණාකර.
කබ්බො පොලිශ් කලාම මේ වගේ බූරු කතා කියවනවා.මම ජීවිතේට රාජපක්ෂලට ඡන්දයක් දීලා නෑ. දෙන්නෙත් නෑ.මහින්ද කියන්නෙ යුද්දය අවසන් කිරීමට දේසපාලන නායකත්වය දීපු කෙනා.එහෙම බලද්දි නලින්ද ජයතිස්ස ,අනුර මහින්දගෙ මයිල් ගහක්වත් වටින්නෙ නෑ. අනුර කිව්ව දේ ඇහුවම පේන්නෙ මැචුවඩ් නැති දේශපාලකයෙක්ගේ බෙරිහන්දීමක් විතරයි. ඒ කතාව රටේ නායකයට ගැලපෙන්නෙ නෑ. පාරම්බෑමක් , වෛරී ප්‍රකාශයක්. ඡන්දෙදි කිව්වෙ ඩීසල් පෙට්‍රෝල් අඩු කරනවා කියලා. අද කියනවා ඒවට බදු අඩු කරන්න බැරිලු ණය නිසා.ඒ නිසා ඉතාම පැහැදිලි එදා කිව්වෙත් අද කියන්නෙත් හුදු පාරම්බෑමක් විතරයි මේවගෙන් ගැලරිය පිනවල රටේ මිනිස්සුන්ගේ පීඩනය වෙනතකට හරවන්න.
ඔවු නේද හැබෑවටම. නීති විශාරද නාමල්, සාගරයම ජයගත් යෝශිත සහ අභ්‍යවකාශයට ශ්‍රී ලංකාවේ ධජය පවා රැගෙන ගිය රෝහිත වගේ ගල් කාශ තරුණ පුත්තු තුන් දෙනෙක් ඉන්දැද්දී මේ මහලු තාත්තව ආණ්ඩුවේ ගාණින් බලා ගන්න ඇරලා තියෙන්නේ ලැජ්ජා නැද්ද කොල්ලනේ උඹලට හැබෑටම?
අපි බදු ගෙවන්නේ හොරුන්ට සුර සැප විදින්න නෙමෙයි නේ.
කියනකං ඉන්න එපා යන්න කියන්නේ වගකිවයුතු රස්සාවක් නොකරපු කෙනෙක් නොදන්නාකම ප්‍රකාශ කිරීමක්. කියනකං නෙවෙයි ලියුමකින් ඉල්ලුවේ. ඒකට හේතුව ඉල්ලපු බවට සාක්ෂියක් අවශ්‍ය නිසා. ලංකාවේ තියා කොහෙවත් රටක සේවය නොකිරීමේ විපාක තමයි ඔය අපේ ආණ්ඩුව දැන් පෙන්නන්නේ.
කුහක ජෙප්පෝ කියන්නේ ඒකනේ.
රටේ දෙවරක් ජනතා වරමින් ජනපති වෙලා යුද්දය නිමා කරපු නායකයෙක් එතුමා. මම එතුමගේ දේශපාලනයට කැමති නැති උනාත් එතුමා යුද්දෙ දිනලා ත්‍රස්තවාදය නැති කරපු එකම ඇති මේ රටේ ජනතාවට එවැනි නායකයෙකුට ඊයේ පෙරේදා එලියට ආපු ඔබලා කරන කැත නින්දිත ප්‍රකාශ කිසිවිටකත් මේ රටේ ජනතාව අනුමත කරන්නේ නැහැ.
මහින්ද මහතා නිදහස් කළ රටේ දේශපාලනය කරලා එතුමා හදපු වරාය චීන්නුන්ට විකුණලා , තව බොහෝ දේ භුක්ති විඳිමින් මේ හිඟන දේශපාලකයින් කරන්නෙ එතුමා ගෙන් පළිගන්න එක. එතනයි මොවුන් වරද්දගන්න තැන. මුළු මහත් ජාතියම එතුමාව රැකිය යුතුයි . වැරදි කරලා තියෙනව නම් ඒවා ඔප්පු කරලා නීතිය ඉදිරියට ගේන්න පුලුවන් .නිකම් හිඟන චූන් දාන්න හොඳ නෑ. රට ගිනි තියපු මිනිසුන් දැන් කට මැත දොඩවනවා.
මේ රටේ නිල නිවාස අරන් ඉන්න තවත් හිටපු ජනාධිපතිවරුන් ඉන්නවා. ඇයි එක්කෙනෙකුට විතරක් යන්න කියන්නේ...? එතැනින් පෙන්නුම් කරන්නේ වයිරයක් සහ පළිගැනීමක්. එහෙම නැත්නම් LTTE කොන්ත්‍රාත්තුවක ලකුණු..!
මහින්ද කියන්නේ බ්‍රෑන්ඩ් එකක්. දැන් ඉන්න හාල් කෑල්ල හිතන්නේ මහින්දට පහර දුන්නාම තමනුත් බ්‍රෑන්ඩ් එකක් වෙනව කියලා. පච මදිවට ගොන්කමත් උපරිමයට පිහිටලා තියෙනවා.
මුන්ගේ තියෙන්නේ ඉරිසියාවයි කුහක කමුයි විතරයි
මේක නම් ටිකක් විතර 2.50 හේ වැඩක් වගේ.
මෙයාට දීලා තියෙන්නේ ගෙයක් නෙවේ , කොළඹ 7 අක්කරයේ ඉඩමක වර්ග අඩි 30,000ක රාජ මන්දිරයක්. ඒකට තක්සේරු කුලිය ලක්ෂ 46ක් මාසයට. ඒක ගෙවාගන්න බැරි නම් යන එකයි තියෙන්නේ
රාජපක්ෂවරුන්ට මාත් හොරා කිව්වා. ඒත් දැන් නම් කියන්නේ නෑ. එක හේතුවක් තමයි ඔවුන්ගේ හොරකම් එකක්වත් තවම ඔප්පු කරගන්න බැරි වෙලා තියෙනවා ඒ චෝදනා කරන අයට. අනිත් හේතුව තමයි යුද්දෙට වියදම් උන ඩොලර් බිලියන 50 කට වඩා මුදල කොහේවත් සටහන් වෙලා නෑ. එහෙම තියෙද්දී අඩුවූ මුදල් රාජපක්ෂලා හොරකම් කලා කීම අසාධාරණයි. එහෙත් ජීවිත පූජාවෙන් ඔවුන් දරුරුණුම ත්‍රස්තවාදී කණ්ඩායමක් විනාශ කරලා රටේ ජනතාවට නිදහසේ ජිවත්වෙන්න අවස්ථාව උදා කරපු එක වටිනවා.
මොවුන් හිතාගෙන ඉන්නේ ඡන්දෙ දුන්න 68 ලක්ෂෙම ජේවීපි කාඩරයො, කියන ඕන දෙයක් අනුමත කරනව, හැමදාම බලයෙ ඉන්න පුළුවන් කියලා. ඔහොම යං. මහින්දට තව ගහන්න. ආපහු 3%ට බහිනකම් මහින්දට දිගටම ගහන්න.
මමත් මහින්දට චන්දේ දුන්නේ එක වතාවයි . දේශපාලනිකව බොහෝදේවල් පිළිබඳ විවේචන මැරකම් තියෙනවා. ඒත් මේ කරන දේවල් නම් හරිම ප්‍රථමිකයි. කයියානයක නම හොඳට ගැලපෙනවා
නලින්ද කියන්නේ කවුද , මහින්ද කියන්නේ කවුද , මම මහින්ද ඉඩ දීපු සහ කරපු දුෂණ අනුමත කරන්නේ නැහැ , ඒකට තමයි නීතිය තියෙන්නේ . ඒත් මහින්ද කියන්නේ ත්‍රස්තවාදය නැතිකරන්ඩ නායකත්වය දීපු නායකයා ඔහු නායකයෙක් . මමත් චන්දය දුන්නේ අනුරට හැබැයි මේවගේ ගැලරිය ට කථා කරන්ඩ නෙමෙයි . ඕකෙන් වෙන්නේ කම්බ හොරෙක් වෙච්ච නාමල් උඩ යන එක . JVP කියපු බොරු වහන්ඩ වෙන දේවල් කියෝනව . මීට වඩා දෙයක් මේගොල්ලෝ කරන්නේ නැහැ තනිකරම වෘර්තියෙන් වෘර්තිය සමිති MAFIA කාරයෝ
උඩ අදහස් වලින්ම පේනවා බයි වහල්ලු ඉන්නකන් රට හදන්න බෑ.
මම සහ මගේ පවුලේ සියළුම දෙනා ඡන්දය පාවිච්චි කලේ අනුර ඇතුළු ආණ්ඩුව වෙනුවෙන්.. ඒත් මේ වැඩේ නම් අපි කවුරුවත් අනුමත කරන්නේ නැහැ. ඔහු යුද්ධය වෙනුවෙන් නායකත්වය දුන්නු සේනාධිනායකයා. ඔහු ජීවත්ව සිටින තාක් අවශ්‍ය සියලු පහසුකම් සැපයීම අපේ යුතුකමක්. අනිත් කරුණ නලින්ද ඔබ වගේ කෙනෙකුගෙන් මේ වගේ ප්‍රාථමික හැසිරීමක් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ..
මේ උද්ධච්ඡ මාලිමා සෙට් එක රටේ දේශපාලන පක්ෂ අතර සහජීවනේත් කනවා. වෙනදා විරුද්ධ පක්ෂ වල කතාවලට මිනිස්සු බුද්ධිමත් පිළිතුරු දුන්නා. අද වෙන්නේ කුණුහරුපෙන් බනින එක විතරයි. ඔය මාලිමා හැත්තටත් කෙළ වෙන දවසක් එනවනේ. හැමදාම බලේ ඉන්න බෑනේ. එදාට උන්ට මොකක් වෙයිද කියල වත් හිතන්න බුද්ධියක් නැද්ද?
නීතිය ක්‍රියාත්මක වෙන්න මහින්ද ගෝඨාභය දෙන්න ඉඩ දුන්නේ නෑ.කොමිසමක් දාල නඩු ඔක්කොම අයින් කලා මතකද?
මෙතැන් බයියෝ වැලපෙන්නේ හරියට මේ මනුස්සයාට එයාගේ ගෙදරින් යන්න කියුවා වගේ , මේක මේ අවුරදු 3කට විතර කලින් හිටපු මනුස්සයාව එලවලා බලෙන්ම අල්ලාගත් කොළඹ තියන සුපිරිම මන්දිරයක් , රාජපක්ෂලාට සුපිරි මන්දිර පෙනෙන්න බැරි ලෙඩක් තියනවා
මහින්දගේ කාලේ යුද්ධය නිමා කරන්න පුළුවන් වුනේ...!
මහින්දගේ යුද්ධය නිමා කරන්න පුළුවන් වුනේ එවකට හිටපු ත්‍රිවිධ හමුදා නිලධාරින් ගේ සහ වීරෝදාර රණවිරුවන් තම දිවිපරදුවට තබා යුද්ධය දිනා දුන් නිසා. යුද්දෙන් සුද්දේ දාලා, මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ නාස්තිය කරලා පව්ලේ හතර වරිගේම ඉන්න අය කිට්ටුකරගෙන රටම හොරාකාලා විනාශ කෙරුවා. ජනතාව පැන්නුවේ නිකම්ද?
කිය කිය ඉන්න දෙයක් නැහැ. ඔය කියන 1/3 මීළඟ විශ්‍රාම වැටුපට එකතු කරලා මසක් ඇතුළත දැනට පදිංචි නිවස රජයට බාර දෙන්න කියලා එක පෑන් පහරෙන් ලියුමක් ගහන්න පුළුවන්. තම විෂය දැනුම හා මුඛරි කට විතරක් තිබ්බට තාම පරිපාලනය ගැන මෙයාලාට දැනුමක් නැහැ...
මොවුන් මොනතරම් නරුමයින්ද? මෙහෙම පිනට ඉන්න. රටක් විකුණලා මංකොල්ල කාලා ඒත් මදි මේ අයට. ඔය මන්දිරය මදි කියලා වටේම අල්ලාගෙන ඒවත් වටකරලා අල්ලා ගත්තේ.. ඒවා කරන්න යන සේරම වියදම් පවා මහජන ධනය.. මොවුන් ඉන්නේ කවදාවත් මැරෙන්නේ නැති අය ලෙස...
හිඟා කකා හටපු හිඟන හැතිකරේකට රට බාරදුන් ගොන්නු ටිකගෙන් අහන්න තියෙන්නේ දැන් සැපද කියලයි. දැන් මොවුන්ට ලංකාව සුර පුරයක් වෙලා තියෙන්නේ..
බයි වහල්ලු පිරිලා, මහින්ද කියන්නේ සන්නාමයක් ලු දෙයියෝ සාක්කි.
දූෂිත පව්ල් පාලනේ අයට මන්දිර වගේ නිවාස තියෙනවා. මැදමූලනේ වලව්ව තියෙනවා. ඉන්න හිටින්න තැනක් නැති අසරණයෝ කොච්චර ඉන්නවාද? ජනතාවගේ රීරී මාන්ස තවත් හූරාගෙන කන්න හදනවා...
මේ රටේ යුද්ධය නිම කිරීම පිලිබඳව තනි ගෞරවය උකහාගන්න මහින්ද මහතා ඇතුළු දේශපාලකයන් කොපමණ වෑයම් දැරුවත් ඔවුන්ගේ වටේ හිටපු වරප්‍රසාද,වරදාන,තනතුරු තානාන්තර වාසි ලාබ ප්‍රයෝජන ගත්තු එවුන් හැර සෙසු මහජනතාවට ඇත්තේ අවංක කනගාටුවක් .යුද්ධය අවසන් කිරීම සඳහා මේ රටේ පුරවැසියන් සැලකිව යුතු කැපකිරීම් කලා අපේ රටේ තරුණ තරුණියො සෘජුව යුද්දෙට ගොස් ජීවිත පූජා කලා ශරීර අවයව නැතිකර ගත්තා දරුවන්ට අම්මා තාත්තා අහිමි වුනා,විශාල පිරිසක් වැන්දබු වුනා ඊට අමතරව රටේ පුරවැසියන් ඇතිතරම් පටි තදකර ගත්තා. යුද්ධය නිමා වුනා එහිදී දේශපාලන පක්ෂ සියල්ලම ඒ වෙනුවෙන් එදා රජයට අවශ්‍ය සහා දුන්නා.
FAIROOS, විපරමා කියන්නේ ජෙප්පන් හෝදන ජාතියේ අය.. ඇත්ත දැන දැනම බොරුව රජකරනවා. මම හිතන්නේ ඒක මොවුන්ගේ ජන්ම ගතිය වෙන්න ඇති...!
නලින්ද කරන්න හදන්නේ බළල්ලු ලවා කොස් ඇට බාවනවා වගේ වැඩක්. නන්දසේන ආරක්ෂක ලේකම් වෙලා සිටිද්දී කලේත් ඒකම තමයි. ඔහු කලේ පාරවල් පළල් කරන්න ගියා නම් දේපළ වෙනුවෙන් විශාල වන්දියක් ගෙවන්න වෙන නිසා තම තමන්ටම අයිති ගොඩනැගිලිවල ලකුණු කරන කොටස් තම තමන්ම කඩාගන්න කියලා බල කිරීම පමණයි. කළේ මිනිස්සු අතින් වියදම් කරගෙන තමන්ගේ ගොඩනැගිලි කඩාදැම්මා අන්තිමට වුනේ ගොඩනැගිලිත් නැහැ. වන්දිත් නැහැ... ඒවාගේ මහින්ද මහත්තයා ඔතැනින් ගියොත් වෙන්නේ ආණ්ඩුවේ තර්ජනය නිසා ඉවත්වුණා කියලා තමයි.
මගේ මාසික වැටුප 50000/-. ඒකෙන් මගේ අම්මා, තාත්තා දෙන්නාවම බලා ගන්නවා. ඉතිං කෝටි ගණන් ව්‍යාපාර කරන නාමල්ට, යෝෂිතට, රෝහිතට ඇයි ඔවුන්ගේ තාත්තාව බලා ගන්න බැරි...?
මිනිසුන් රැවටීමට හා මුලා කිරීම සඳහා මහින්ද රාජපක්ෂ සතුව ඕනෑ තරම් තුරුම්පු තිබිණි. ඒ තුරුම්පු සියල්ල සිංහල බෞද්ධ පිරිත් පැන් වලින් පොඟවා ගත් ඒවා බැවින් දකුණේ සමාජයට මහින්ද රාජපක්ෂ ගැන කිසිම සැකයක් හෝ අවිශ්වාසයක් නොතිබිණි. ඔහු වීරයෙක් බවට රූපාන්තරය වන්නේ ඔර්ජිනල් තක්කඩිකම වසන් කර ගනිමිනි.